දූෂණ විරෝධී පනත් සංශෝධනයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය සීමාවෙනවා.. - පැෆරල්
රජය විසින් ඉදිරිපත් කර ඇති නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ සහ ඒවා භාවිත කිරීමේ අයිතියට දැඩි බාධා එල්ල වන බව පවසමින්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල් සංවිධානය) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
2024 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම සංශෝධන මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගන්නා දත්ත වෙනත් කාර්යයක් සඳහා භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් ලෙස දක්වා ඇති බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මෙය "මහජන බලය භාවිත කරන තැනැත්තන් මහජන නිරීක්ෂණයට විවෘත විය යුතුය" යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය උල්ලංඝනය කිරීමක් බව එම සංවිධානය පවසයි.
විශේෂයෙන්ම 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 88 වන වගන්තියට යෝජිත සංශෝධන මගින් වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කළ පිටපත් ලබාගැනීම සහ ඒවා ප්‍රසිද්ධ කිරීම සීමා කිරීමට උත්සාහ කර ඇත. මෙලෙස තොරතුරු ගැලීම සීමා කිරීම දූෂිතයන් නීතියෙන් බේරී යාමට මග පාදන බවත්, මහජන දේපළ හා බලය භාවිත කරමින් අයථා ලාභ ලබන්නේදැයි සොයා බැලීමට ජනතාවට ඇති අයිතිය කිසිසේත්ම සීමා නොකළ යුතු බවත් එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජනතාවගේ පරීක්ෂා කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා