අපි එදා කිවුවෙ මන්නාරමේ තෙල් නෑ කියල නෙමෙයි.. මහින්ද කිවුව විදිහ වැරදියි කියලයි..
මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් රජයේ වර්තමාන ස්ථාවරය සහ අතීතයේ දැක්වූ අදහස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය.
ඒ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී මාධ්‍යවේදිනිය විමසා සිටියේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්නාරමේ තෙල් ඇති බව පැවසූ අවස්ථාවලදී, එය මැතිවරණ ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩුවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළ බවත්, දැන් එම ස්ථාවරය වෙනස් වී ඇත්ද යන්නත්ය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, මන්නාරම් ද්‍රෝණියේ තෙල් පවතින බවට වන විද්‍යාත්මක දත්ත 1970 දශකයේ සිටම පවතින බවත්, තමන් කිසිවිටෙකත් එහි තෙල් සම්පතක් නොමැති බව ප්‍රකාශ කර නොමැති බවත්ය.
"අපි එදා තෙල් නැහැ කියලා කිව්වේ නැහැ. එදා අපි විවේචනය කළේ තෙල් තියෙනවා කියලා මැතිවරණ කාලසීමාවලදී ජනතාවට ලබාදුන් දේශපාලන පොරොන්දු ගැනයි. එදා කිව්වේ තෙල් බැරල් ගණන් බෙදනවා කියලා. නමුත් අපි කළේ ඒ දේශපාලන ප්‍රකාශ විවේචනය කිරීම මිස විද්‍යාත්මක දත්ත ප්‍රතික්ෂේප කිරීම නොවෙයි," යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා