යුද්ධයේ ජයග්‍රාහකයෙක් නැහැ.. හැමෝම පරාදයි..- අධිකරණ ඇමති උතුරේදී කියයි
දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙමින් යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ අතුරුදහන් වු පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව එම පවුල්වලට නිවාස ඉදි කර ගැනීමට අවශ්‍ය රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක මුදලින් මුලික අදියර යටතේ මුදල් ලබාදීමට අදාළ චෙක්පත් පිරිනැමීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පරන්තන් නගරය, පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී සිදු විය.
ඒ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කරන ලදී.
"'සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් දරුවන් අද වන විට වැඩිහිටියන් බවට පත් වෙලා. ඒ අය හමුවීමට ලැබීම පිළිබදව සතුටු වෙනවා. යුද්ධයේ ජයග්‍රාහකයෙක් නැහැ. දෙපාර්ශ්වයම පරාජයට පත් වෙනවා. යුද්ධයෙන් ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණයි.
යුද්ධයෙන් විනාශ වු ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් ඒ හේතුවෙන් කැඩි බිදී ගිය සිත් හදන්න යනවා. ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි. මීට වසර දෙකකට පෙර උතුරේ ජනතාව අපේ රජයට මිත්‍රත්වයේ දෑත් දිගු කළා.
අපිට උතුර දකුණ යනුවෙන් භේදයක් නැහැ. අතුරුදහන් වු පවුල් වෙනුවෙන් අවශ්‍ය සාධාරණට ඉටු කිරීමට මෙන්ම අතුරුදන් අය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීමට වත්මන් රජය කැපවී කටයුතු කරනවා.
සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් අයගේ පවුල් 18 කට සහ අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙනවා.
ඔබට ඇතිවන ගැටළුවලදී සෑම අවස්ථාවකම වත්මන් රජය සිටිනවා." උතුරේ ජනතාවට මිත්‍රශීලි වෙනත් රජයක් මීට තිබුණේ නැහැ. ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් වත්මන් රජයේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සේවකයින් ලබා දෙන සහාය අගය කරන බවද අමාත්‍යතුමා සදහන් කරන ලදී.
නිවාස ආධාර ලබාදුන් පවුල් විසි එකෙහි ජනතාවට අක්කර භාගයක ඉඩමෙහි වගා කිරීම සදහා අවශ්‍ය පොල් පැල සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදු විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා