ජනාධිපති නියමයෙන් සලේ රැඳවුම් නියෝග මත රඳවා සිටිනවා.. - සරත් වීරසේකරගෙන් අනාවරණයක්..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර වෙනත් පනතක් ගෙන එනවා නම්, සුරේෂ් සලේගේ මෙම මස 28 වැනිදා අවසන් වන දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත මේ වන විට දින 180 ක් ජනාධිපතිගේ නියෝග මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින බවයි.
නමුත් ඊයේ පෙරේදා ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර දැන් වෙනත් පනතක් ඒ සම්බන්ධයෙන් ගෙන එන බැවින්, මෙම මාසයේ 28 වෙනිදා අවසන් වන ඒ දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් බලනොපාන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නොවන බව හෙතෙම කියා සිටියේය.
එසේම සලේගේ බිරිඳ ද ජනාධිපතිතුමාට ලිපියක් යවමින් මෙම රැඳවුම් නියෝගය නොමැතිව රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත්, එවිට එම විමර්ශනවලට සලේ පූර්ණ සහය ලබාදෙන බවත් දැනුම් දී ඇති බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, දින 180 ක් ගතවීත් චෝදනා ගොනුකර නොමැති නම් සහ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කර නොමැති නම් සලේව රැඳවුම් නියෝගයක් නොමැතිව රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස තමන් ද ප්‍රකාශ කරන බවත්, එවිට පවතින අධිකරණ ක්‍රියාවලිය දිගටම ගෙනයා හැකි බවත් පෙන්වා දුන්නේය.
තවද, සහරාන් සහ නවුෆර් මවුලවි එකතුවී මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බව 2015 සිට සීඅයිඩීය දැන සිටි බවත්, ප්‍රහාරයට මාස 03 කට පෙර වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ සියයක් පමණ හසුවූ අතර මාවනැල්ලේ බුදුපිළිම ද විනාශ කළ බවත් ඔහු පැවසීය.
මෙම සියල්ලෙන්ම යම්කිසි ප්‍රහාරයක් නුදුරු අනාගතයේ සිදුවන බව සීඅයිඩීය දැන සිටි බවත්, ප්‍රහාරයට පැය 24 කට පෙර ඉන්දියානු බුද්ධි අංශය විසින් ස්ථාන පවා ප්‍රකාශ කර තිබියදීත් සීඅයිඩීය හෝ පොලිසිය කිසිදු පියවරක් නොගත් බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
එලෙස සියල්ල දැනගෙන ජීවිත 269 ක් බිලිදෙනතුරු කිසිවක් නොකර, 2016 සිට 2019 දෙසැම්බර් දක්වා මැලේසියාවේ සහ ඉන්දියාවේ සිටි සුරේෂ් සලේව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කළ ඔහු, එසේනම් ඔහුව දින 180 ක් රඳවාගෙන සිටින්නේ කුමන හේතුවක් මතදැයි වැඩිදුරටත් විමසා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා