අගවිනිසුරුගේ වත්කම් සහ X-Press Pearl වන්දිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
වර්තමාන අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සහ සිවිල් පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාරදී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිනී කවිරත්න, දයාසිරි ජයසේකර සහ අජිත් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් මෑතකදී පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ තොරතුරු පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට පත් X-Press Pearl නෞකාවෙන් සිදු වූ දැවැන්ත හානිය වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් අයකර ගැනීම ප්‍රමාද වීම පිටුපස ඇති කරුණු පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටියි.
ඊට අමතරව මහත් ආන්දෝලනයට තුඩු දුන් කන්ටේනර් වංචාව, ගල් අඟුරු වංචාව සහ භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන්ද, කථානායකවරයාට සහ වර්තමාන ජනාධිපති ලේකම්වරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳවද කඩිනම් පරීක්ෂණ පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස එම පෙරමුණ වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරී අචල දිවාකර මහතා සඳහන් කළේ, X-Press Pearl නෞකාවේ වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගවිනිසුරුවරයාට එල්ල වන චෝදනා සුළුකොට තැකිය නොහැකි බවයි. එම නිසා වහාම විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කරමින් රජයට හිමිවිය යුතු අදාළ වන්දි මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා