News Category
From Date
To Date
Maximum Number of Result

අපි ගමට බැස්සම ජනාධිපතිටත් ගමට බහින්න සිද්ධවෙලා.. - නාමල්

Aug 25, 2026 at 06:51 AM
|

අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට බස්සලා ජනතාව අතරට යවා අපට හැකිවෙලා තියෙනවා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය 

ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

"රටේ අධිකරණ ඇමතිවරයාට කියන්න පුළුවන් නම් ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යන්නේ නෑ කියලා. රටේ අධිකරණ ඇමතිවරයා පූර්ව නිගමනවලට ඇවිල්ලා කලින් නඩු තීන්දු ප්‍රකාශ කරනවා නම්, ඒ වගේම ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනයි ජනාධිපතිවරයයි, "25 වෙනි වෙනකන් බලන්නකෝ කවුද හිරේ යන්නේ කියලා අත්පොඩි ගහන්න ලෑස්ති වෙන්න, රතිඤ්ඤා පත්තු කරන්න" කියනකොට...

​පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු, මන්ත්‍රීවරු "අහවලාට වෙන දේ බලන්න, අහවලාට වෙන දේ බලන්න" කියලා නඩු තීන්දු කලින් ප්‍රකාශයට පත් කරනකොට ඉතින් සමාජ මාධ්‍ය තුළ ඒ පණිවිඩය අරගෙන යනවා.මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක්.​ඉතින් අද නීතිඥ සංගමය හෝ වේවා, මේ රටේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරු හෝ වේවා, ගරුතර මහා සංඝරත්නය, කතෝලික සභාව, මේ හැම කෙනෙක්ම මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ ඔය නිසා.

​ඉතින් අද මේ ආණ්ඩුව මේ අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක පැහැදිලිවම අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වෙන බව තහවුරුයි.​

​ජනාධිපති ලේකම්වරයා කන්ටේනර් පන්නලා තියෙනවා. ඒ වාර්තාවල වැරදිකරු වෙලා තියෙනවා. හරියටම කන්ටේනර් 323 ක් වරායෙන් පන්නලා තියෙනවා. හරියටම බාල ගල්අඟුරු ගෙනැල්ලා තියෙනවා. හරියටම හැකර් කෙනෙක් පැනලා සල්ලි ටිකත් අරන් ගිහිල්ලා තියෙනවා.

​ඒවා හරියට කරනවා! හැබැයි ඉතින් හරියට වෙලාවට පොහොර ටික දීගන්න බෑ. වී මිලදී ගන්න බෑ. ධීවරයාගේ තෙල් සහනය දෙන්න බෑ. වෙලාවට උපාධිධාරියාගේ රක්ෂාව දෙන්න වැඩපිළිවෙලක් හදාගන්න බෑ. රටේ මෙතෙක් කල් පැවැතිගෙන ආපු කර්මාන්තශාලා වැහෙන්න යනකොට ඒවා ආරක්ෂා කරගන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ.

​අනවශ්‍ය දේවල් සියල්ලම ආණ්ඩුව හරියට කරනවා! හොරකම් ටිකත් හරියට කරනවා. හැබැයි රටේ ජනතාවට තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු ඒවා හරියට කරගන්න බැරි එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ.

ඉතින් හොරකම් ටිකයි, වංචා ටිකයි, හැක් කරලා දාලා පන්නන ඒවායි, කන්ටේනර් පන්නන ඒවායි, බාල ගල්අඟුරුයි ආණ්ඩුව හරියටම කරනවා.

​මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ ගහපු ගැහිල්ල කෙසේ වෙතත්, මේ පරීක්ෂණ වාර්තා දිහා බැලුවාම, විශේෂයෙන්ම ඔය පාර්ලිමේන්තුවේ තෙල් සම්බන්ධයෙන් තියෙන වාර්තාව දිහා බැලුවාම, ඒකේ සමහර නිලධාරීන්ව අයින් කරලා තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. සමහර නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කරලා නෑ. ඇයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් විතරක් වාර්තාවක් හැදුවේ? ඒ ප්‍රශ්නය තියෙනවා.

​ඒ එක්කම ඉතින් ඒකට හේතුව වෙන්න පුළුවන් කතානායකවරයාටත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවනේ. ඉතින් ඒ හින්දා සමහර විට පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ ඉහළ නිලතලවලට පත් කරපු අයව අයින් කරලා, අනිත් අය ගැන පරීක්ෂණ කරාද කියන්න අපි දන්නේ නෑ. ඒකත් දන්නේ නෑ ආණ්ඩුවේ බලාපොරොත්තුව.

​හැබැයි ඉතින් පැහැදිලිවම මේ වාර්තාව දිහා බලපු බැල්මට.ඒ පිළිබඳව තව අපි අධ්‍යයනය කරනවා, දීර්ඝ වශයෙන් අපි අධ්‍යයනය කරනවා—හැබැයි බලපු බැල්මට තෝරාගත්තු පිරිසක් ඉලක්ක කරගෙන කරපු වාර්තාවක් බව සනාථ වෙලා තියෙනවා.

​ඒ සියල්ලටම උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ හරියට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සහ හරියට පරීක්ෂණයක් කරොත්. හැබැයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් වාර්තාවක් හදලා, ඒ පිරිස ඉලක්ක කරගෙන වාර්තාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් ඉතින් ඕකට පැහැදිලි උත්තරයක් ලැබෙන්නේ නෑ.​

වර්තමාන ආණ්ඩුවේ තොරතුරු වර්තමාන ආණ්ඩුවෙන්ම එළියට දෙනවා. ඒක අපි ආයේ අමුතුවෙන් හොයන දෙයක් නෑ. හැබැයි ඉතින් වර්තමාන ආණ්ඩුවේ කතානායකවරයා පිළිබඳවත් ඉතින් ලොකු කතිකාවතක් තියෙනවනේ. ඉතින් ඒක එතුමාගේ පෞද්ගලික කාරණා. හැබැයි ඉතින් අපි අවධානයෙන් ඉන්නවා.

​ඉතින් ඒ හින්දා මේ එක්කෙනෙක් දෙන්නෙක් තමන්ට හිතවත් එක්කෙනෙක් දෙන්නෙක් පරීක්ෂණ වාර්තාවලින් අයින් කරලා, පුද්ගලයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉලක්ක කරගෙන වාර්තා හදලා සාධාරණයක් ඉෂ්ට වුණා කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. ඉතින් මේ ආණ්ඩුව ඔය 22 වෙනි සංශෝධනය ගේන්නෙත් හරියටම කරන්න උත්සාහ කරන්නෙත් අර හරියටම කරපු හොරකම් ටික වහගන්න. මොකද ඊළඟට නඩුව වැටෙන්නේ ඒවාටනේ.

​දැන් කතානායකවරයාටත් පැමිණිල්ලක් තියෙනවා අල්ලස් හෝ දූෂණ කොමිසමේ. ඒ වගේම මේ හුඟක් අයට පැමිණිලි තියෙනවා. සමහරු වරෙන්තු වුණාම උසාවි යන්නෙත් නෑ. සමහරු ඔය මහ ලොකුවට අධිකරණය ගැන සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව, පොලිසිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, හොරු අල්ලන එක ගැන කතා කරන අය තමන්ට වරෙන්තු වුණාම උසාවියට යන්නෙත් නෑ. අඩු ගානේ අධිකරණයට ගරු කරලා උසාවියට යන්න තරම්වත් නියතමානී නෑ උන්.

​ඉතින් ඒ හින්දා ඔය 22 වෙනි සංශෝධනයට ඔච්චර මහන්සි වෙන්නේ ඒ අය බේරෙන්න මිසක් හෙට ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න නෙවෙයි.

​මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව මීට පෙරත් කතිකාවතක් ගොඩනැඟුණා. රජයේ ආයතනවලට මීට පෙර සූදානම් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් පහුගිය හැම රජයකින්ම සූදානම් වෙලා තිබ්බා. ඒක මේ රටේ, ලෝකයේ මේ වසර තුළ එල්නිනෝ තත්ත්වයක් එනවා කියන කාරණය පිළිබඳව නිරන්තරයෙන් ලෑස්ති වුණා

හැබැයි ඉතින් අවාසනාවකට මේ ආණ්ඩුව අර දිට්ඨවා සුළි කුණාටුව එනවා කියලා දැන දැනත් මඟහැරියා වගේ, බන්ධනාගාරය ඇතුලේ සිදුවීමක් සිද්ධ වෙන්න නියමිතයි කියලා දැන බුද්ධි අංශ වාර්තා ලැබිලා තියෙද්දිත් නිලධාරීන් 10 දෙනෙක් සහ රැඳවියන් 20 ක් විතර මැරෙනකම් බලන් හිටියා වගේ, එල්නිනෝ තත්ත්වයක් ඇතිවෙනවා කියන මතය ලෝකයේ ක්‍රියාත්මක වෙලා ලෝකයේ හැම රටක්ම මේකට සූදානම් වෙද්දි, අපි අඩුම ගානේ ගොවියාට වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න පොහොර ටික දුන්නෙත් නෑ.

​වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න. දැන් ඉතින් වතුර හිඟයක් ආවාට පස්සේ වගාවට කෙඳිරි ගාලා හරියන්නේ නෑ. ඉතින් පැහැදිලිවම අර දිට්ඨවා සුළි කුණාටුව ආපු වෙලාවේ ආණ්ඩුව මඟහැර ගත්තා වගේ, ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණා නම් ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බා. ජීවිත ගණනාවක්! බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් දැනගන්න ලැබුණාම ඒ ගැන මඟහැරියා වගේ, නිලධාරීන් 10 දෙනා ඇතුළු ජීවිත ගණනාවක් බේරගන්න, රැඳවියන්ගේ ජීවිත බේරගන්න තිබ්බා.

​අද එල්නිනෝ තත්ත්වය පිළිබඳව සඳහන් වෙලා තියෙද්දිත් ආණ්ඩුව ඒ කාරණය මඟහැරලා ඉදලා, දැන් කියනවා මේකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා කෙඳිරි ගානවා. ඉතින් ඒක සාධාරණ නෑ. මොකද රජයක් වුණාම මේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම පෙර සූදානමක් තියෙන්න ඕනේ.

​මට වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නත්, ගමේ දේශපාලනය කරන්නත්, මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක බැඳිච්ච ගමේ පාක්ෂිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට නායකත්වය දෙන්න මට වගකීමක් තියෙනවා.

​වැඩේ වෙන පැත්තකින් වෙනවාද, මගේ පැත්තෙන් වෙනවාද කියන කාරණය කෙසේ වෙතත්, අද අපි ගමට බැස්සාම ජනාධිපතිවරයාටත් ගමට බහින්න සිද්ධ වෙලා තියෙනවා. ඔන්න දැන් ජනාධිපතිතුමාත් රැස්වීම් තියෙනවා.

​ඉතින් ජනාධිපතිවරයාව කොළඹ 7 AC කාමරේ ඉඳලා මහ පාරට බස්සලා ජනතාව අතරට යවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි අපි විපක්ෂයක් විදියට ලබපු පළවෙනි ජයග්‍රහණය.

ඉතින් ඒ හින්දා ජනාධිපතිවරයා ඒ රැස්වීම් මාලාව යනවා වගේම, තමන්ගේ කතාව කියලා අර නීතිඥ සංගමයට කරා වගේ තමන්ගේ කතාව කියලා ගෙදර යන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ගැටලුත් අහලා ඒවට විසඳුම් ලබාදෙන්න කටයුතු කරන්න ඕනේ. අපි ඒ තැනටත් ජනාධිපතිතුමාව තල්ලු කරනවා.​

මං හිතන්නේ අනිත් අය කරනවාද නැද්ද කියලා හොයන එක නෙවෙයිනේ මගේ වගකීම. මම වැඩේ කරන එක.

​ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ පොඩි කෑල්ලක් වුණත්, ජනතාවගේ හදවතේ ලොකු කෑල්ල නාමල්.

ටිකට් එක කැපෙන්න මම ටිකට් ගත්තේ නෑනේ. ටිකට් ගත්තොත්නේ කැපෙන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා මට කාගෙවත් ටිකට් කපන්න ඕනෙත් නෑ. මං ටිකට් ගන්න යන්නෙත් නෑ.

​මම මේ රටේ ජනතාව එක්ක අපේ දේශපාලනය අපි කරනවා. ඉතින් ඒ හින්දා අද ජනාධිපතිවරයාටත් සිද්ධ වෙලා තියෙනවා ගමට බැහැලා, සඳලුතලයෙන් බැහැලා දේශපාලනය කරන්න පටන් ගන්න. ඉතින් බොහොම හොඳයි ජනාධිපතිතුමනි, හැබැයි ඒ රැස්වීමත් අර නීතිඥ සංගමයේ වාඩි කරගෙන තමන්ගේ කතාව කියලා ගෙදර ගියා වගේ වෙන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා විසඳුම් දෙන්න.

​මොකද ඊළඟට අපි ඔබතුමාව... සඳලුතලයෙන් බැස්සුවා, ඊළඟට බලාගමු."


සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.