News Category
From Date
To Date
Maximum Number of Result

උත්තරීතර පරිශ්‍රයෙහි දී හෙළිවන පාස්කු විගඩමේ තිත්ත සත්‍යය..

Aug 25, 2026 at 04:54 AM
|

ජෙනරල් සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළව ගොනු වූ අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන් ලෙස ඉකුත් අගෝස්තු 4 සහ 6 යන දිනවල අභියාචනාධිකරණයේ ඉදිරිපත් කල අතිශය දීර්ග කරුණු දැක්වීම් වලින් අනතුරුව හෙට, එනම් අගෝස්තු 25 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමට නියමිත අතර, එය මේ සමස්ත නඩුකරයේම අතිශය තීරණාත්මක සංධිස්ථානයක් වීමට හැකියාව තිබෙනු ඇත.

මෙහිදී, කාදිනල්තුමාගේ අරමුණ අනෙකක් වුවත්, අනෙකුත් අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන් ලෙසින් අපගේ මැදිහත්වීමේ එකම අරමුණ කිසිසේත්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩාල කිරීමක් සඳහා නොව, එවන් අපරාධයක් කල සැබෑ අපරාධකරුවන්, ඊට අරමුදල් සැපයූවන් සහ කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා සාක්ෂි මත පදනම් වූ නීත්‍යානුකූල ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතුය යන්න ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මණ්ඩලයකින් (SC FR 163/2019) හෝ විජිත් මලල්ගොඩ කමිටුව, ජනක් ද සිල්වා කොමිසම, ජයකි ද අල්විස් කමිටුව මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව මෙන්ම සාක්ෂිකරුවන් 457 දෙනෙකුගේ සාක්ෂි පිටු 30,000කින් (ඇමුණුම් සමගින් පිටු 80,000ක් පමණ) සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා කිසිදු එකකින් හෝ ජෙනරල් සලේට එරෙහිව කිසිදු සාක්ෂි සටහනක් නොමැති බව ගරු අධිකරණයේදී ප්‍රකාශ කෙරිණි. 

විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 23,000ක් යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගයේදී පවා ඔහු ගැන කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබුණු බවත්, එසේ තිබියදී, හුදෙක් දේශපාලන උවමනාවන් සහ තහවුරු නොකළ චෝදනා මත පදනම්ව ඔහුව රඳවා තැබීම නීතියේ ආධිපත්‍යයට කෙරෙන බරපතළ තර්ජනයක් බවත් අවධාරණය කෙරිණි.

එදින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනයන් කළ දීර්ඝ කරුණු දැක්වීම මෙන්ම මනෝහර ද සිල්වා, ක්‍රිෂ්මාල් වර්ණසුරිය වැනි ජ්‍යෂ්ඨ නීතිඥවරුන් බොහෝ පිරිසක් කල අතිශය සංවේදී කරුණු දැක්වීම් හදවතට දැඩිව බරව තදින් දැනිණි. 

අප ගැනම මහත් පිළිකුල් සහගත ලැජ්ජා හැඟීමක් ඇතිවිණි..ඒක මහ පවක්..! 

“නුඹලා නුඹලාගේ දේශපාලනය කරපියව්, මගේ රට බේරා දුන් මේ විරෝදාර රණවිරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් මෙහෙම කරන්න එපා යයි, කෑ මොර දෙන්නට අනේක වාරයක් සිතිණි..."       

2016 දී පවා, යුධහමුදා බුද්ධි බලකායේ අධ්‍යක්ෂ ලෙස ජෙනරාල් සලේ, ISIS සහ ඉස්ලාමීය අන්තවාදය ලංකාවට එල්ල කරන තර්ජනය ගැන ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර, පත්‍රිකාවක් සකස් කර කාර්ය සාධක බලකායක් පවා යෝජනා කර තිබුණ බව එහිදී ප්‍රකාශ විය. 

නමුත් එවකට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ ප්‍රධානියෙකුගේ බලපෑම මත එම විමර්ශන අඩාළ කර, ඔහුව දේශපාලනිකව මැලේසියාවට යවන ලද බව ද සඳහන් විය.

එවන් වූ අන්තවාදයට එරෙහිව සටන් කළ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරන්නේ කෙසේද? 

එදා, 2021 මැයි මාසයේදී තමා ධුරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම, පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස "මහා කුමන්ත්‍රණයක්" (Grand Conspiracy) තිබෙන බව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ ඇයි? සිරිල් ගාමිණි, කාදිනල්තුමා ඇතුළු පිරිස ‘මහමොලකරුවෙක්’ යයි ඔවුන් විසින් ඉලක්ක කරගත් අයෙකු පිටුපස හිටිවනම පන්නන්න පටගන් ගත්තේ ඇයි? මේවා ගැඹුරින් විමර්ශනය කලයුතු කාරණා නොවේද?   

ජෙනරල් සලේගේ මෑණියන් දැඩි කිතුනු භක්තික කාන්තාවකි. ඇය සිය දරුවන් තිදෙනෙකුම හමුදාවට පූජා කළ වීර මාතාවකි. තම පුතු සෑම අඟහරුවාදා දිනකම ඇය සමඟ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියට යන බව කියයි.

එවැනි භක්තිමත් මිනිසෙකු කිතුනු දේවස්ථානවලට පහර දෙන්නට කුමන්ත්‍රණය කළා යැයි කීම කෙතරම් නම් නින්දිත චෝදනාවක් ද?

අද ජෙනරල් සලේට එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනාව පදනම් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඊනියා Channel 4 නම් අශිෂ්ඨ නාලිකාව විකාශය කළ වාර්තා චිත්‍රපටයක් මතය.

Channel 4 යනු විශ්වාසනීයත්වය විනාශ කරගත් මාධ්‍යකරණයේ කළුපැල්ලම් තවරා ගත්, රණවිරුවන්ට මෙන්ම අප රටට ද එරෙහිව යුධ ජයග්‍රණය කලදා සිට අභූත චෝදනා නගපු කොටි ඩොලර් මත යැපෙන ආයතනයකි. මේ වනවිට එම වැඩසටහන ඔවුන්ගේ නිල අන්තර්ජාල ගිණුම්වලින් පවා ඉවත් කර තිබේ.

විදේශයක සරණාගතභාවය පතන දේශද්‍රෝහියකු වන, ශ්‍රී ලංකාවේ අධිකරණයට පවා අපහාස කරන අසාද් මවුලානා නැමැති වරෙන්තුකරුවෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රංශයේ තානාපති කාර්යාලය තුළදී ප්‍රකාශ සටහන් කරගත්තේ නීතියේ කවර ප්‍රතිපාදනයක් යටතේද, යන්න ජ්‍යෂ්ඨ නීතිඥතුමන්ලා එහිදී ප්‍රශ්ණ කෙරිණි.

2018 දී ජෙනරල් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම වනාතවිල්ලුවේ දී හමුවූ බවට මවුලානා කියන කතාව අමූලික බොරුවක් බවත්, ඒ වන විට ඔහු මෙරට නොසිටි බවත් ප්‍රකාශ කෙරිණි. 

කිසිදු තාක්ෂණික හෝ CCTV/දුරකථන දත්ත සාක්ෂියක් නොමැතිව, රටින් පැන ගිය තනි පුද්ගලයෙකුගේ අසත්‍ය ප්‍රකාශයක් මත ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවූ නිලධාරියෙකු මෙලෙසින් රඳවාගෙන සිටීම සාපරාධී ව්‍යාපෘතියක් නොවන්නේ කෙසේද? 

එය, එදා අපට එරෙහිව 30/1 යෝජනාවලිය ගෙනෙන්නට පාදක කරගත්, 2011 දී බොරුවෙන්ම එළිදක්වපු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අභූත විශේෂඥ කමිටු වාර්තාව නැත්නම් දරුස්මන් වාර්තාව සඳහා සාක්ෂි සහ තොරතුරු ලබා දුන් පුද්ගලයන්ගේ අනන්‍යතාවය වසර 20ක් යනතුරු රහසිගතව තැබිය යුතු බවට වූ මුග්ධ කොන්දේසිය හා සමානය.

එය පනවන්නේ රටක් වශයෙන් අපවත්, රණවිරුවන්වත් යුධාපරාධකරුවන් කිරීමටම යි. මේ විහිලු සහගත කොන්දේසිය ඉවත්වන්නේ 2031 දියි. 

ඒ වන විට මේ යන විදිහට අපේ රටට ඔවුන්ට අවශ්‍ය වූ දෙය සිදු කර තිබිය හැක.

එදාට ඔය සාක්ෂිවල උඩින්ම කොටි ඩයස්පෝරා අනුග්‍රහ මත යැපෙන channel 4 මෙන්ම මවුලානා වැනි ද්‍රෝහී පුද්ගලයන්ගේ පමණක් නොව ද්‍රෝහී සිංහලවුන්ගේ නම් පවා උජාරුවෙන් කියවෙනු ඇත.

කාදිනල්ගේ අතරමැදි පෙත්සමේ සඳහන් වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ජෙනරල් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවයි.

නමුත් ජනාධිපති නීතිඥ ජයවර්ධනයන් උතුම් අධිකරණ විනිසුරුතුමන්ලා ඉදිරියෙහි එය මුළුමනින්ම අසත්‍ය තොරතුරක් බවත් පාස්කු ප්‍රහාරය වන විට බුද්ධි ප්‍රධානියා වූයේ නිලන්ත ජයවර්ධන වන අතර, CID අධ්‍යක්ෂ වූයේ ශානි අබේසේකර බවත් ජෙනරල් සලේ සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේවත් නොව, විදෙස්ගතව බවත් ප්‍රකාශ කළහ. 

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වින්දිතයන්ගේ පාර්ශවය වෙනුවෙන් යයි පෙනී සිටිමින්, කෙළින්ම ජෙනරල් සලේට ඇඟිල්ල දිගු කළ කාදිනල්තුමන්ගේ පෙත්සමේ මෙවැනි බරපතළ වැරැද්දක් තිබීම සුළුපටු කාරණයක් නොවේ. එතුමන්ව අමාරුවේ දැමීමට ලිපිගොනු සැකසූ අයෙකු මෙය සූක්ෂමව කළාද? නැතහොත් පදනම් විරහිතව චෝදනා එල්ල කළාද? යන්න විමසිය යුතුය. 

මෙය ජෙනරල් සලේට කරන නින්දාවකටත් වඩා සමස්ත බෞද්ධ සමාජයේම හිත් රිදවීමට හේතු වූවකි. 

නමුත් ස්වභාවධර්මය සෑම විටම සත්‍යය පැත්තේ සිටින බව අප උදක්ම විශ්වාස කරන්නෙමු.

කාදිනල්තුමන්ට ද මේ යථාර්ථය සහ සත්‍යය වැටහේවායි අපි ප්‍රාර්ථනා කරමු.

FBI, ඕස්ට්‍රේලියානු AFP වගේම Scotland yard ආයතනයන් සිදුකල තාක්ෂණික විමර්ශනවලදී ප්‍රහාරය සඳහා ISIS තාක්ෂණය සහ TATP පුපුරන ද්‍රව්‍ය යොදාගත් බවට තහවුරු කර තිබුනත් ජෙනරල් සලේගේ කිසිදු සම්බන්ධතාවක් එහිදී තිබුණු බවක කිසිදු සඳහනක් නොමැත.   

අද අප නිදහසේ හුස්ම ගන්නේ මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කළ රණවිරුවන් නිසයි.

ජාතියක් ලෙස අපි ඔවුන්ට සදා ණයගැතියි. 

අප ජෙනරල් සලේට විශේෂ වරප්‍රසාද ඉල්ලන්නේ නැත. අප ඉල්ලන්නේ සාධාරණ නීතිමය ක්‍රියාවලියක් පමණි. 

දේශපාලන උවමනාවන් මත කෙරෙන රණවිරු දඩයමට එරෙහිව අප කොන්දේසි විරහිතව ‘රාජ්‍යය’ වෙනුවෙන් ජාතිකවාදීව පෙනී සිටින්නෙමු. ඒ සටන මහ පොළවේ සක්‍රීයය.

රට වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කළ, අන්තවාදයට එරෙහිව මුලින්ම හඬ නැඟූ බුද්ධි නිලධාරියෙකු අද රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙද්දී, එතුමන්ගේ බිරිඳ, පුතණුවන්, සොහොයුරු ඇතුළු පවුලේ අය මුහුණ දෙන මානසික පීඩනය දැකීම අතිශය සංවේගජනකය..

එය මේ ශ්‍රේෂ්ඨ බුද්ධි නිලධාරියා වෙනුවෙන් වෙහෙසෙන පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය අහුන්ගල්ලේ ජිනානන්ද හිමි, විශේෂඥ වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න, යසස් ධර්මදාස, කමල් ලියනගේ, දුලාර ගුණතිලක, රණවිරු ශාන්ත ජයතිලකයන් ට පමණක් නොව සමස්ථ දේශමාමක සියලු සත්පුරුෂයනට ද පොදුය. 

ජෙනරල් සලේ මේ වනවිට සිටින්නේ දැඩි රෝගී තත්වයකයි. එළඹෙන 28 වනදින, තුන්වන වරටත් යම් හෙයකින් විධායකය විසින් රැඳවුම් නියෝග ලබා දුනහොත්, එය මහපොලව නුහුලන අපරාධයක් වනු ඇත...

එය එසේ නොවේවා යි, අපේ පැතුමයි! 

-  ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.