සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව විසින් ජනපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (23) දිනයේ යොමුකර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති එම ලිපියේ ඇය සඳහන් කරන්නේ මෙවැනි අදහසක්.
'' මම මේ ලිපිය ලියන්නේ දේශපාලනඥයෙකු ලෙසවත් නීතිඥයෙකු ලෙසවත් නොවේ. මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය. මගේ පුතු විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේශ් සලේ වසර තිස් හතක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළේය. ඔහු තම තරුණ කාලයත් පවුල සමග ගත කළ හැකි වටිනා වසර ගණනාවක්ද රට වෙනුවෙන් කැප කළේය. මවක් ලෙස ඔහු කළ ඒ කැපකිරීම මම හොඳින් දනිමි. අද වසර ගණනාවක සේවයෙන් පසු විශ්‍රාම ගොස් සිටින මගේ පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිට තම පුතු සිටිනු දැකීම වයෝවෘද්ධ මවක් වන මට ඉතා වේදනාකාරී අත්දැකීමකි.
ගරු ජනාධිපතිතුමනි,
මම කිසිදුු පරීක්‍ෂණයක් නතර කරන්නැයි ඉල්ලා නොසිටිමි. සාක්ෂි තිබේ නම් ඒවා විමර්ශනය කරන්න සත්‍ය සොයාගන්න.
නමුත් පරීක්ෂණය සිදුවන අතරතුර මගේ පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන්නැයි මම මවක් ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
විමර්ශනය සාක්ෂි මත සිදුවිය යුතුය, රැඳවුම සාක්ෂිවලට ආදේශකයක් නොවිය යුතුය.
කරුණාකර මට ඔබතුමා හමුවීමට අවස්ථාවක් දෙන්න
මගේ කතාව ලිපියකින් කියවා අවසන් නොකර මගේ දෑස් දෙස බලා එය අසන්න .
මවකගේ වේදනාව මවකගෙන්ම අසන්න. මම කිසිදු විශේෂ වරප්‍රසාදයක් ඉල්ලා නොසිටිමි.මම ඉල්ලන්නේ යුක්තිය, මනුෂ්‍යත්වය සහ සාධාරණ අවස්ථාව පමණි.මගේ ජීවිතයේ මේ අවසන් කාලයේදී මගේම පුතුගේ නිදහස ඉල්ලා රටේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස ආයාචනා කිරීමට සිදුවීම මට ඉතා දුක්බර කරුණකි. අතිගරු ජනාධිපතිතුමනි, අද මම ඔබතුමාගෙන් ආයාචනා කරන්නේ ජනාධිපතිවරයා ලෙස පමණක් නොවේ.
පුතෙකු ලෙසත් මනුෂ්‍යයකු ලෙසත් මගේ හඬට සවන් දෙන්න මගේ පුතුට නිදහසේ නීතිය ඉදිරියේ මුහුණ දීමට අවස්ථාව ලබා දෙන්න.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා