යුක්‍රේනයට මෙතෙක් ලබා දුන් මට්ටමේම සහයක් ඉදිරියට ලබා දිය නොහැකියි- එක්සත් ජනපදය යුක්රේනයට අනතුරු අඟවයි
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පසුගිය 4 වනදා මාධ්‍ය හමුවකට එක් වෙමින් යුක්‍රේනය වෙත වොෂින්ටනය ලබා දෙන මිලිටරි අරමුදල් යුක්‍රේනයට දෙපයින් නැගී සිටීමට හැකි වූ විට ක්‍රමයෙන් අඩු විය හැකි බව පවසා සිටියේය.
මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යුක්‍රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපද උපාය මාර්ගයේ විය හැකි වෙනස්කම් පිළිබඳව නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මිලර් අවධාරණය කළේ වොෂින්ටනය සැමවිටම උත්සාහ කළේ යුක්‍රේනය තමන් විසින්ම ආරක්ෂා කර ගැනීමටත් අවසානයේ “ස්වාධීන” ජාතියක් වීමටත් හැකියාව ගොඩ නගා ගැනීමටත් උපකාර කිරීමට යනුවෙනි.
“යුක්රේනය ස්වාධීන රටක් ලෙස තිබීම එක්සත් ජනපදයට අවශ්‍ය බව අපි සැමවිටම පැහැදිලි කර තිබෙනවා. එහි අර්ථය යුක්‍රේනයට ස්වාධීනව දෙපයින් හිට ගැනීමට අවශ්‍ය ශක්තිය යුක්‍රේනය විසින්ම ලබා ගැනීමයි. නමුත් ඒ සඳහා යුක්‍රේනයට කාලය ගතවන තාක් කල් අපි යුක්රේනයට දිගටම සහාය ලබා දෙනවා. එය එක්සත් ජනපදයේ ප්‍රතිපත්තියයි.”මිලර් ප්‍රකාශ කළේය.
කියෙව් සඳහා නව අරමුදල් පැකේජයක් අවශ්‍ය බව අවධාරණය කළ මිලර් කෙසේ වෙතත් කියෙව් වෙනුවෙන් ලබා දෙන එක්සත් ජනපද මිලිටරි අරමුදල් අනාගතයේ යම් අවස්ථාවක දී වියළී යනු ඇතැයි අනතුරු ඇඟවීය. "එම මොහොත තවම පැමිණ නැහැ" මිලර් පැවසීය.
“එයින් අදහස් කරන්නේ අපි 2022 සහ 2023 දී කළ මිලිටරි අරමුදල්වලට සමාන මට්ටමේම ඔවුන්ට දිගටම සහය දැක්වීමට යන බව නොවේ. එතරම් අරමුදල් ප්‍රමානයක් අවශ්‍ය වනවා කියා අපි විශ්වාස කරන්නේ නැහැ. මන්ද අවසානයේ යුක්‍රේනයට එක්සත් ජනපදය උදව් කරනු ලබන්නේ තමන්ගේම මිලිටරි කාර්මික පදනමක් ගොඩනඟා ගැනීමටයි. ඒ අනුව ඒ සඳහා මුදල් යෙදවීමටත් එම ජයග්‍රහනය අත්පත් කර ගැනීමටත් තමන්ට අවශ්‍ය වෙඩි උන්ඩ නිපදවා ගැනීමටත් හැකි වේවි.” මිලර් පැහැදිලි කළේය.
මිලර් පැවසුවේ " එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයට කියෙව් සඳහා පරිපූරක අරමුදල් පනත සම්මත කිරීම විවේචනාත්මක තත්වයකට මුහුණ දීමට සිදුවනවා මෙන්ම යුක්‍රේනයට ආධාර සපයන අනෙකුත් බටහිර රටවලටද විවේචනාත්මක තත්වයන්ට මුහුණ දීමට සිදුවනවා." යනුවෙනි. මේ සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වූ වොෂින්ටනයේ ව්‍යවස්ථාදායකයන් අතර සති කිහිපයක් මුළුල්ලේ පැවැති වාද විවාද වලින් පසුව, පසුගිය වසරේ අගභාගයේදී කොන්ග්‍රසය පනත අත්හිටුවා නිවාඩු විවේකයෙන් පසුව සාකච්ඡාවට ගන්න තෙක් කල් දැමීමෙන් පසු පරිපූරක අරමුදල් පනත ගෙන ඒම අස්ථාවර විය.
නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීම සහ එක්සත් ජනපදයේ දේශසීමා ශක්තිමත් කිරීම වැනි දේශීය ගැටළු විසඳා ගැනීමට විදේශීය අරමුදල් යොදා ගැනීමට අවශ්‍ය බව බොහෝ රිපබ්ලිකන් නීති සම්පාදකයින් මෙම පනතට දැඩි විරෝධය දක්වමින් පවසා තිබේ.
ඒ අතරම, යුක්‍රේනයේ තවත් ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන යුරෝපා සංගමයට යුක්රේනය සඳහා නව අරමුදල් වෙන් කිරීමේදී දුෂ්කරතා වලට මුහුණ දී තිබේ. යුරෝපා සංගමයට ඉදිරිපත් වූ යුක්‍රේනයට ලබා දීමට සැලසුම් කළ යුරෝ බිලියන 50ක් (ඩොලර් බිලියන 55ක්) වටිනා සැලසුම් සහගත සිව් අවුරුදු යෝජනා ක්‍රමයක් පසුගිය වසරේ අගභාගයේදී හංගේරියාව විසින් නිෂේධ බලයෙන් අවසන් කරන ලද අතර, ඒ පිළිබඳ සාකච්ඡා 2024 කාලය දක්වා තල්ලු විය.
මිලර්ගේ ප්‍රකාශයන් පැමිණෙන්නේ මොස්කව්හි ඇස්තමේන්තුවලට අනුව කියෙව් සඳහා බටහිර ආධාරවල මුළු වටිනාකම ඩොලර් බිලියන 200 ඉක්මවන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් රටවල් 54ක් පමණ යුක්‍රේනයට සපයන ලද ආධාර පිළිබඳව වන සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර ඇති අතර, මුළු පිරිවැය දැනටමත් ඩොලර් බිලියන 203කට වඩා වැඩි යැයි මොස්කව් පරිපාලනය ගණන් බලා ඇත.
https://www.rt.com/news/590135-us-ukraine-military-aid/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්