News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාවේ පරාජය අත ළඟ: අමෙරිකාවට ඉරාන යුද්ධය ජයගත නොහැක්කේ ඇයි?

Aug 23, 2026 at 08:03 AM
|

එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම දෛනික බෝම්බ ප්‍රහාර සහ පළිගැනීමේ ප්‍රහාර මාලාවක් බවට මේ වන විට පත්ව ඇත. මේ තත්වය තුළ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හිමි රාජ්‍ය පාලකයෝ මෙන්ම සාමාන්‍ය ජනයා හුස්ම හිරකරගෙන, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති. නමුත් පෙබරවාරි මාසයේදී "කම්පනය සහ භීතිය"  (shock and awe) ව්‍යාපාරයක් ලෙස අමෙරිකාව ආරම්භ කළ යුද්දය අවසානයේ එකතැන පල්වන තත්වයක් දක්වා දක්වා පරිවර්තනය වී ඇති අතර,එමගින් තීරණාත්මක ප්‍රශ්නයක් මතු කරයි. එනම්, ලෝකයේ එකම සුපිරි රාජ්‍යය මෙම තත්වයට පත්වූයේ කෙසේද යන්නයි.

පිළිතුර වන්නේ ව්‍යසනකාරී වැරදි ගණනය කිරීමක් සහ අසාර්ථක උපායමාර්ග මාලාවක්ය යන්නයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනපදයට ජයග්‍රහණය සඳහා කිසිදු ශක්‍ය මාර්ගයක් ඉතිරි නොවී ඇති බවයි.  එක්සත් ජනපදය තමන්ගේ සතුරාට එරෙහිව පරාජිත අන්තයක ක්‍රීඩා කරමින් සිටින අතර අමෙරිකාවට අනුව ඔහුගේ දුර්වල සතුරා අවසානය දක්වා සටන් කිරීමට අභිලාශයෙන් සිටිනවා පමණක් නොව, ඒ සඳහා සූදානම්ව සිටින බවත් ඒ අනුව පෙනී යයි.

විකාර අදහස

අමෙරිකාව තමන්ගේ ආක්‍රමණකාරී යුද්ධය ගොඩනඟා ඇත්තේ දෝෂ සහිත බුද්ධි තොරතුරු සහ අධික ශුභවාදී උපකල්පන මතය. ඊශ්‍රායල නිලධාරීන්, විශේෂයෙන්ම මොසාඩ් ප්‍රධානී ඩේවිඩ් බර්නියා සහ අගමැති නෙතන්යාහු, ඉක්මන් "කම්පනය සහ භීතිය" පදනම් කරගත් ව්‍යාපාරයක් මඟින් ඉරාන පාලන තන්ත්‍රයේ හිස ගසා දැමිය හැකි බවත්, එය ඉරානුවන් සාකච්ඡා මේසයට ගෙන ඒමටත්, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනේ සිට කලාපීය සහචරයින්ට ලබාදෙන සහාය දක්වා කාරණා සම්බන්ධයෙන් ඔවුන්ව අවනත කිරීමටත් බල කරනු ඇතැයි ඇමරිකානු පරිපාලනයට ඒත්තු ගන්වනු ලැබිණි.

ඒ අනුව විකාර අදහසක් මත පදනම් වූ අමෙරිකානු ඊශ්‍රායල මෙහෙයුම ආරම්භයේදීම ජයග්‍රහණය කරනු ඇතැයි සිතීමට කිසිදු හොඳ උපායමාර්ගික හේතුවක් තිබුණේ නැතිවාක් මෙන්ම ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ උපාය උපක්‍රම ක්‍රියාත්මක වූයේද නැත.

ගුවන් ප්‍රහාර අංශයේ ක්ෂණික අසාර්ථකත්වය පිළිබඳ කතාවේ කොටසක් පමණි. ගැටුමේ ගමන්මඟ, පුනරාවර්තන උපායමාර්ගයක අසාර්ථකත්වය සංකේතවත් කරන්නක් පමණි. ඉරාන නායකන් ඉලක්ක කර එල්ල කළ විශාල ආරම්භක උපායමාර්ගික බෝම්බ ප්‍රහාර ව්‍යාපාරය, ඉරානයේ අධිෂ්ඨානය බිඳ දැමිය නොහැකි බව පැහැදිලි වූ විට, දින 40 කට පසුව ප්‍රහාර අතහැර දමන ලදී. ඉන්පසුව තෝරාගත් නාවික අවහිරය ද ඉවත් කරන ලද අතර, එය ජූනි 17 වන දින ජනාධිපති ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද,"යටත් වීමේ ලේඛනය" ලෙස හඳුන්වන අවබෝධතා ගිවිසුමෙන් අවසන් වූ බව පැහැදිළිය.

"එකිනෙකට ප්‍රතිචාර" උගුල

ජූනි 17 වන දින දෙපාර්ශවය විසින් අත්සන් කරන ලද ගිවිසුමෙන් යුද්ධය අවසන් කිරීමට අවකාශය තිබුණද, ගැටුම් නතර වීම ඉතා කෙටි කාලයක් පමණක් පැවතුනි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය පාලනය සම්බන්ධ වගන්තියක් අර්ථකථනය කිරීමේ ආරවුලක් හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් අවහිරය නැවත ස්ථාපිත කළ අතර, එයට ප්‍රතිචාර වශයෙන් ඉරානයද තම අවහිරය නැවත ස්ථාපිත කළේය. එහි ප්‍රතිඵලය වන්නේ වර්තමාන "එකිනෙකට ප්‍රතිචාර" සීමිත ප්‍රහාර හුවමාරුව පමණයි.

ඒ අනුව, සීමිත ප්‍රහාර සම්පූර්ණ පරිමාණයේ බෝම්බ ප්‍රහාර ව්‍යාපාරයකට වඩා සාර්ථක වීමට ඇති ඉඩකඩ අඩු බව පෙනී යයි. දැවැන්ත ගුවන් ප්‍රහාර ව්‍යාපාරයකට සහ අවහිරයකට ඉරානය දණගැස්වීමට නොහැකි වූවා නම්, කුඩා පළිගැනීමේ ප්‍රහාර මාලාවක් එසේ කරන්නේ කෙසේද යන පැනය ලෝකය හමුවේ වෙයි.

 ඉහත සියළු කාරණා වලට අනුව, ඉරානුවන් මේ වනවිට ජයග්‍රහණය කරමින් සිටියි. එක්සත් ජනපදය ඉරාන වත්කම්වලට සිදුකරන හානියට වඩා ඉරානුවන් එක්සත් ජනපද වත්කම්වලට වැඩි හානියක් සිදුකරමින් සිටින බව පෙනී යයි. ප්‍රහාර  එකටඑක කරන  සමතුලිත තත්වයක් වුවද, උපායමාර්ගික තත්වය නොවෙනස්ව පවතින බව හොඳින් පෙනෙන්නට තිබේ.

ගොඩබිම් විකල්පයක් නැත

අමෙරිකාව ඉදිරිපත් කරන ගොඩබිම් ආක්‍රමණයක් පිළිබඳ අදහස, බොහෝ විට එවැනි ගැටුම්වලදී ඉදිරිපත් කරනු ලබන, ආරම්භ කළ නොහැකි දෙයක් ලෙස බැහැර කිරීමට සිදු වේ. මැද පෙරදිග කලාපයේ රඳවා ඇති අමෙරිකානු "ට්‍රිගර් පුලර්" හෙවත් සෘජුව සටන් කරන යුද භටයන්ගේ    සංඛ්‍යාව 10,000 ට වඩා අඩු වන අතර එම අගය 6,000 ක් පමණ වෙතැයි උපකල්පනය කිරීම වඩාත් යථාර්ථවාදී අගයක් බව පැහැදිළිය. ඒ අනුව ඉරානයේ මිලියන 93 ක ජනගහනය, බලවත් හමුදා හැකියාව සහ දරුණු භූමි ලක්ෂණ අමෙරිකාවට සොල්දාදුවන් 6,000 ක් සමඟ ඉරානය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමම හාස්‍යයක් බව අත දරුවෙකුට පවා වැටහේ.

ආර්ථික දඬුවමේ කඩුව

ගැටුමේ හරය දැන් භ්‍රමණය වන්නේ ආර්ථික බලපෑම් කිරීමේ කේන්ද්‍රයක් වටාය. එක්සත් ජනපදයට කාලයත් සමඟ ඉරාන ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකළ හැකිය යන්න විවාදයක් නොවේ. එසේ වුවද, ගෝලීය සහ ඇමරිකානු ආර්ථිකයටම එම හානිය සිදුකිරීමට ඉරානුවන් වඩා හොඳින් ස්ථානගත වී සිටින බව ඉරානුවන්ගේ යුද ආර්ථික උපක්‍රම දෙස හොඳින් බැලීමේදී පෙනී යයි.

යුද්ධයට පෙර, ලෝකයේ තෙල්වලින් 20% ක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළේය. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමුද්‍ර සන්ධිය මඟ හැරීමට නළ මාර්ග විවෘත කර ඇති නමුදු, තීරණාත්මක 7% ක් තවමත් ගලා යන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහාය. මේ වන විට ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා වරාය ඵලදායී ලෙස වසා දමා ඇති අතර, යේමනයේ තම සහචරයින් වන හූතිවරුන්ට රතු මුහුදේ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සූදානම් වන ලෙසද සංඥා කර ඇත. මෙම පියවර නළ මාර්ග මඟින් හරවා යවන ඉතිරි 7% තෙල් ප්‍රමාණයද කපා දැමීමට හේතු වනු ඇත.

ඒ අනුව අතිශය වැදගත් වන බලපෑම් හැකියාව ඉහළ යමින් පවතී. මේ වන විටත් සිදුවෙමින් පවතින දේ ඉතාමත් දරුණු ප්‍රතිවිපාක ඇති කරන දෙයකි. එනම්, සමුද්‍ර සන්ධිය වසා ඇති කාලය වැඩි වන තරමටත්, මැදපෙරදිගින් පිටතට යන තෙල් ප්‍රමාණය අඩු වන තරමටත්, එය ලෝක ආර්ථිකයට මෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ දේශපාලන පැවැත්මට සිදුකරන හානිය වැඩි වීම අහම්බයක් නොව අනිවාර්යකි.

ඉරානය අත්නොහරින්නේ ඇයි?

ඉරානයේ උපායමාර්ගික ඔරොත්තු දීමේ හැකියාවට පාදක වන්නේ සරල නමුත් බලවත් සංකල්පයකි. එනම් ඔවුන් මුහුණ දෙන්නේ ඔවුන්ගේ පැවැත්මටම වන තර්ජනයකටය. එවැනි තර්ජනයකට මුහුණ දෙන ජනතාවක් දැවැන්ත දඬුවම් දරා ගැනීමට කැමති වීම ඉතිහාසය විශ්ලේෂනයේදී පෙනී යයි. දෙවන ලෝක යුද්ධය සලකා බැලුවහොත්, දැවැන්ත උපායමාර්ගික බෝම්බ ප්‍රහාර ජර්මානු සහ ජපන් ජනතාවගේ අධිෂ්ඨානය බිඳ දැමීමට අසමත් වූවාක් මෙන් ඉරානුවන් මෙම සටන අත්හරින්නේ නැති බව මේ වන විට ලෝකයට ඔප්පු කර තිබේ. අයතොල්ලා කොමේනිගේ අවමංගල්‍යය වැනි සිදුවීම්වලදී ප්‍රදර්ශනය වන ජාතික සමගිය ඉරාන ජනයාගේ අධිෂ්ඨානයට සාක්ෂියක් බව අපගේ කියවීමයි.

බලහත්කාර නිගමනයක්

ඒ අනුව වත්මන් අමෙරිකානු පරිපාලනයේ ප්‍රකාශිත අරමුණු සම්බන්ධයෙන් අඳුරු චිත්‍රයක් නිරූපණය වෙයි. එනම්, එක්සත් ජනපදයට යුද්ධය බෝම්බ ප්‍රහාර හරහා ජයගත නොහැකිවා මෙන්ම අවහිරයක් හරහාද ජයගත නොහැකිය. එලෙසම ආක්‍රමණයක් හරහා ජයගත නොහැකිවාක් මෙන්ම එකිනෙකට දක්වන ප්‍රතිචාර ප්‍රහාර හරහාද ජයගත නොහැකි බව මේ වන විට කරුණු පෙල ගැසෙන අයුරින් තේරුම් ගත හැක.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ට නුදුරේදීම සාකච්ඡා මේසයට නැවත පැමිණීමට බල කෙරෙනු ඇත. ට්‍රම්ප්ට ඉරානය සමඟ ගිවිසුමක් ඇති කරගැනීමට සිදුවනු ඇති අතර එය මඟහැර යාමට කිසිදු මාර්ගයක් ඔහුට නැත. ඔහු ආරම්භ කළ යුද්ධය ජයගැනීමට කිසිදු ක්‍රමයක් ඔහුට නැති අතර ඔහු මේ වන විට සම්බන්ධ වී සිටින්නේ කාඩ් කුට්ටමේ පරාජිත අතක් ක්‍රීඩා කිරීමටය. මෙය දිගටම පැවතීම ඇමරිකානු ආර්ථිකයට වැඩි වියදමක් දැරීමට සිදුවනු ඇත.

අමෙරිකාව ඉරානයේ කරන යුද්ධය, පෙනෙන පරිදි, නව අවධියකට පිවිස ඇති අතර, එහිදී ජයග්‍රහණය තවදුරටත් විකල්පයක් නොවන අතර, අමෙරිකාවට ඉතිරි වන්නේ බොහෝ විට අවාසිදායක අනිවාර්ය ගිවිසුමකට එළඹීමට පෙර,  කොපමණ ප්‍රමාණයක් අහිමි කරග්න්නේද යන ප්‍රශ්නය පමණි.

දේශපාලන විශ්ලේෂක මහාචාර්ය මියර්ෂයිමර් මහතා විසින් යූ ටියුබ් නාලිකාවට එක්කළ "Washington Just Took a Massive Shock — Iran Just Did the Impossible "වීඩියෝව ඇසුරින් සැකසුනි...

සැකසීම ජීවන්ත ජයතිස්ස


සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.