News Category
From Date
To Date
Maximum Number of Result

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයක්.. - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට වෛද්‍ය අජිත් අමරසිංහගෙන් පිළිතුරක්

Aug 22, 2026 at 06:08 AM
|

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින්  ඔබ්බට  නොගොස් එකතැන පල්වෙමින් පවතී.

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මතය 

——————————————————-

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට අනුව මහාවංශයේ සඳහන්වන අන්දමට ධර්මාශෝක අධිරාජයාගේ පුතෙකුවූ මහින්ද නම් මහරහතන්වහන්සේ නමක්, උතුරු ඉන්දියාවේ සිට අහසින් මිස්සක පවුවට වැඩ, ඒ වනවිට ලංකාවේ රජකම්කල දේවානම්පියතිස්ස රජු බෞද්ධයෙකු කලපසු, ලංකාව බෞද්ධ රටක් වූයේ යැයි යන්න මිත්‍යාවකි. අද මහින්දාගමනය ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම මිත්‍යා කතන්දරයෙකි. ඔහුට අනුව මේ කථාව පසුකලක ලංකාවේ බහුතර ජනතාව බෞද්ධයන්වූ පසු මහාවංශය රචනා කල හිමිනම විසින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස, තමන් සිංහල බෞද්ධයන් වීම සාධාරණීකරණය කිරීම පිනිස ගොඩනැගූ මිත්‍යා කතන්දරයකි.

මහින්දාගමනය සිදුවීද නැත්ද පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ විද්‍යාත්මක ඉතිහාසකරණය මත පදනම්ව සිදුකල මතයක් නොව, ඔහුගේ පුද්ගලික මතය බව මේ සිදුවීම පිළිබඳව අදාල ඉතිහාස සාධක විමසනවිට පැහැදිළිවේ.

කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති මිනිස් ලක්ෂණ ඇති සප්‍රානික ජීවියෙකුට අපි මිනිසෙකු යැයි කියමු. මේ මිනිසාගේ කකුලක් හෝ දෙකක් හෝ අතක් හෝ අත් දෙකක් නැති නිසා ඔහු සප්‍රානික වුවත් ඔහු මිනිසෙකු නොවේයැයි කීම වැරදිය. එසේම ඔහුගේ කඳ හෝ හිස නොමැතිනම් ඔහු සප්‍රානික වීමට නොහැකි නිසා ඔහුට අපට මියගිය මිනිසෙකු යැයි කීමට සිදුවේ. මේ අවස්ථාවේදී ඔහු සප්‍රානික මිනිසෙකු යැයි හෝ ඔහු මිනිසෙකු නොවේ යැයි පැවසීම වැරදිය. කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති නමුත් මිනිස් ලක්ෂණ නොමැති සප්‍රාණික අලියෙකුට  මිනිසෙකු යැයි කීමද වැරදිය

ඉතිහාස ප්‍රවෘත්ති පිලිබඳ විමසීම්වල හා විග්‍රහයන්ගේ අවසානයේදී එලඹිය හැකි නිගමනයන්ගේ ස්වභාවයද එයයි. ඉතිහාසයේ සිදුවීම් සිදුවී අවසානය. ඉතිහාසයේ යම් කරුනක් සම්බන්ධයෙන් සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. මේ ප්‍රස්තුත මාතෘකාවේද සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. එනම් ඉතිහාසයේදී මහින්දාමනය නම් සිදුවීමක් සිදුවන්නට හෝ නොවන්නට ඉඩ  ඇත.

මහාවංශයේ මේ සිදුවීම පිළිබඳව ඇති සියළු කරුණු පසෙකට දැමූවත් මේ  සම්බන්ධයෙන් සියළු ඓතිහාසික සාධක මත ඔප්පු කලහැකි දෙයක් ඇත. එනම් “ඉන්දියාවේ පැවති මගධ අධිරාජ්‍යයේ මෞර්ය වංශයේ තුන්වෙනි රජු දවස, ඒ අධිරාජ්‍යයේ මඟපෙන්වීම මත ලංකාවට පැමිණි බෞද්ධ ධර්මදූත පිරිසක් එකල ලංකාවේ විසූ ප්‍රධානම රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු, ඔවුන්ගේ අනුග්‍රහයෙන් ලංකාව තුල සීග්‍රයෙන් බුදුදහම ව්‍යාප්තවී එය සිංහලයන්ගේ ප්‍රධානම දහම විය” යන්නයි. මේ සිදුවීමට පසුකාලීනව “මහින්දාගමනය”  යැයි නමක්  තැබිණි. මේ නමේ නිරවද්‍යභාවය කෙසේ වෙතත් ඉහත කී වාක්‍යය අදට හෙලිදරව්වී තිබෙන ඓතිහාසික සාධක මත විද්‍යාත්මකව මැනවින් ඔප්පුකිරීම මේ ලිපි පෙලේ පරමාර්ථයයි.

ලංකාවට පැමිණි දූත පිරිසේ නායක හිමියන්ගේ නම මහින්ද නොවීම නිසා හෝ මේ මහින්ද නම් බෞද්ධ හික්ෂූන්වහන්සේ ධර්මාශෝක රජුගේ පුතෙකු නොවීම නිසා හෝ ඒ පිරිස ලංකාවට පැමිණියේ ඍධි බලයෙන් අහසින් නොවීම නිසා හෝ ඔවුන් වැඩියේ මිස්සක පව්වට නොවීම නිසා හෝ ඔවුන් පැමිණෙන විට ලංකාවේ රජු මුව දඩයමේ නොගොස් සිටීම නිසා හෝ ඉහත වාක්‍යයේ හරය වෙනස් නොවේ. එසේ පවසන්නා කකුල් අතපය නැති නිසා මිනිසා මිනිසෙකු නොවේයැයි තර්ක කරන අයෙකුට සමානය.

“Finding Sinhabahu”  කෘතිය හා මහාවංශය

—————————————————————

මේ මාතෘකාව පමණක් නොව මහාවංශයේ විජයාවතරණය හා බැඳුණු ප්‍රවෘත්ති, පණ්ඩුකාභය පුරාවෘත්තය, ලංකාවට දන්ත ධාතුව ගෙන ඒමේ පුවත විද්‍යාත්මක ඓතිහාසික සාධක මත ඔප්පුකිරීම මා විසින් 2019 වසරේ ලියා පලකරන ලද “Finding Sinhabahu” නම් කෘතියේ සවිස්තරාත්මකව ලියා ඇත. මේ දක්වා ලංකාවේ හා ඉන්දියාවේ පළවී ඇති සෙල්ලිපි වල මුල් කියැවීම්, තඹපත්, ඓතිහාසික ග්‍රන්ථ, ජාන විද්‍යාත්මක කරුණු පමණක් නොව ඒ ඒ ස්ථාන වලට මා ගොස් සොයාගත් කරුණු මේ ඓතිහාසික සාධක විග්‍රහයට මා ඇතුළුකොට ඇත. මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමාද ඔහුගේ වීඩියෝවේ 41 වෙනි විනාඩියේදී මාගේ මේ පොත  පිළිබඳව කෙටි සඳහනක් කරයි.

මේ පොත 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස නිර්දේශිතව සම්මාන ලැබූ බව නිරහංකාර ලෙස මෙහි සඳහන් කරන්නේ, ඒ සම්මානය පිරිනැමීමට පෙර ඉතිහාස ගවේශණ පිළිබඳ විෂය ප්‍රවීනයන් මාගේ කෘතියෙහි ඇති කරුණුවල විද්‍යාත්මකබව විමසීමට විසින් ලක්කල බව මා හොඳින් දන්නා නිසාය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන මම ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැතිමුත්, ඉතිහාසය හා විද්‍යාත්මක ඉතිහාසකරනය පිලිබඳව බොහෝ පතපොත කියවීමෙන් පසුව ස්වෝත්සාහයෙන් ලබාගත් දැනුම තුලින් හැකිතාක් නිරවද්‍ය ලෙස හා අවංකව ඉතිහාස පුවත් අධ්‍යයනයේ හා ලිවීමේ නිරතවන්නෙක්මි. මා එසේ නිර්භයව ඒ කාර්යයේ නිරතවන්නේ අද ලංකාවේ ඉතිහාසය සොයාගැනීමට මුල්වූ බොහෝ දෙනෙකු මා මෙන්ම ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැති අයවූ බව දන්නා නිසාය. ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාසයේ පෙර ගමන්කරුවන්වූ එච්. සී. පී බෙල්, ඩබ්ලිව් කොඩ්‍රිංග්ටන්, සර් එමර්සන් ටෙනන්ට්, සී ටර්නර්, පෝල් ඊ පීරිස් රාජ්‍ය සිවිල් සේවකයන් වූ අතර, හෙන්රි පාකර් ඉංජිනේරුවෙකු විය. සී. ඩබ්ලිව් නිකොලස් මහතා විශ්වවිද්‍යාලයෙන් ඉවතට වැටී වනසත්ව දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙකු විය. ඊ. එල්. බ්‍රෝහියර් මිනුම්දෝරුවෙකු විය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාස ගවේශනයේ පියා ලෙස සැලකෙන සෙනරත් පරනවිතාන මහතාද විශ්වවිද්‍යාලයකින් මූලික උපාධියක් නොලැබූවෙකු නොවීය. මේ  ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබූවන් නොවන්නට අද අප දන්නා ඉතිහාසයේ බොහෝදේ අප නොදැනගැනීමට ඉඩ තිබිණි.

මා මේ දීර්ඝ විස්තරය කලේ ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබීම පිළිබඳව මා තුල ඇති හීනමානයක් නිසා නොව, පුරාවිද්‍යාත්මක නොවන නව ඓතිහාසික විමසීම්  හා නව සොයාගැනීම් ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්‍යාර්ථීන් අතින් නොසිදුවෙන, නොලියවෙන මෙවන් යුගයක, ස්වෝත්සාහයෙන් හෝ ඉගෙන ඉතිහාස ගවේශනයන්හි විද්‍යාත්මකව නියැලීමට අන් අය  පෙළඹවීමටයි. අද ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ සිදුවූවත් නව ඉතිහාස පර්යේෂණ හා සොයාගැනීම් සිදුවන්නේ අල්ප ලෙසය.  

නිකරුනේ බැටකන මහාවංශ සංස්කාරකවරයා 

—————————————————————

මහාවංශය විචාරාත්මකව නොකියවා, එහි ඇති කරුණු පිළිබඳව නිසි ගවේශනයන් නොකොට එහි ඇති කරුණු ගැන මත පලකිරීම විද්‍යාර්ථියකු විසින් නොකොට යුතුය.  මහාවංශයට බැටදෙන බොහෝ අය වරදවා වටහාගෙන නැවත නැවත පවසන කරුණක් ඇත. එනම් එය 5 වෙනි සියවසේදී මහානාම හිමියන් විසින් ලියූ නිසා එහි ක්‍රි. පූ. යුග පිළිබඳව එනම් එය ලියා වසර 800 කට පෙර සිදුවූ කරුණු ගැන ඇති විස්තර නිරවද්‍ය නොවන බවයි.

පොතක් කියවීමට පෙර අප එහි පෙරවදන කියවිය යුතුය.  මහාවංශයේ මුල් භාගය 5 වෙනි සියවසේදී ලියූ මහානාම හිමිපාණෝ එහි පෙරවදනේ මෙසේ ලියයි. “මේ මහාවංශය පෝරාණයන් විසින් කරන ලද නමුත් එය ඇතැම් තැනක අධික විස්තර සහිතවද, ඇතැම් තැනක අතිශයින් සංක්ෂිප්තවද, බොහෝ පුනරුක්ත දෝෂ සහිතවද, කරන ලදී. එම දොස්වලින් තොරවූ, පහසුවෙන් තේරුම් ගතහැකිවූ, ප්‍රසාදය හා සංවේගයද උපදවන, ශෘතිමය වශයෙන්ද ආචාර්ය පරම්පරාවෙන් පැවත එන මෙය ප්‍රසාදය උපදවන තැන්වලදී ප්‍රසාදයද, සංවේගය උපදවන තැන්වලදී සංවේගයද උපදවමින් පවසන්න.” (මහාවංශය පළමුවෙනි හා දෙවෙනි ගාථා) මේ අනුව 5 වෙනි ශතවර්ෂයේදී මහානාම හිමියන් විසින් කරන ලද්දේ එතෙක් පැවති මහාවංශය උනන්දුවෙන් අසා සිටිය හැකි අයුරින් අද ව්‍යවහාර භාෂාවෙන් පවසන පරිදි  “සංස්කරණය” කිරිම පමණි. මහානාම හිමියන් මහාවංශයේ කතුවරයා බවත්, එනිසා 5 වෙනි සියවසේදී හදිසියේ පහලවූ  බවත් පැවසීම ඉතිහාසය ගැන නොදන්නා අයෙකු මිස විද්‍යාර්ථියෙකු විසින් නොකල යුතුය. මහාවංශය එයට වඩා පැරණි ග්‍රන්ථ එක්කොට සංස්කරනය කර ලිවූවක් මිස, මහානාම හිමියන් විසින් හදිසියේ 5 වෙනි සියවසේ ලියූවක් නොවේ.

ඇත්ත වශයෙන්ම මහාවංශ සංස්කරණ එකක් නොව කිහිපයක් ලංකාවේ පැවතිණි. මෙයින් කම්පුචියාවේ තිබී සොයාගන්නා ලද මොග්ගල්ලාන හිමියන් 8 වෙනි සියවසේදී කරන ලද සංස්කරණයේ අවසාන පරිච්ඡේදයේ ඇති මේ ප්‍රකාශය තමන් පෙනී සිටින මතය කිසිම නව සාධකයක් මත වෙනස් නොකිරීමට සූදානම් උගතුන්ට මනා පාඩමකි. “බුද්ධවංශයද, මහාවංශයද, ථූපවංශයද, අප්‍රකට තොරතුරුද ගලපා පිඬුකොට අර්ථයෙන්ද, යුක්තියෙන්ද, ගොතා කළ මෙහි අකටයුත්තක් හෝ නොගැලපෙන්නක් වේ නම් පූර්වාපර සන්ධි ගලපා, නැවත නැවත විමසා නුවණැතන් මෙය ගතයුතුය. දොස් සහිතව නොගත යුතුය.” (පි 514 – මහා වංශය පළමු වෙලුම- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)

අටවෙනි සියවසේ විසූ මොග්ගල්ලාන හිමියන් තමන් ඉදිරිපත් කරන කරුණු පවා වැරදි නම් ඒවා පිළිනොගන්නා ලෙස කියවන්නන්ට පැවසීම, ඒ  යුගයේ උගත් සිංහල බෞද්ධයන්ට තිබූ ශික්ෂණය හා තම මතයට පවා නොඇලුනු ස්වභාවය මැනවින් පිලිබිඹු කරයි. නව සාක්ෂි සාධක සහිතව පෙන්වා දුනහොත් තමන් මහින්දාගමනය ගැන දැනට දරන මතය වෙනස් කිරීමට සූදානම් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා මීට දින කිහිපයකට පෙර නිකුත්කල පුද්ගලික වීඩියෝවක කියයි. මහින්දාගමනයේ සැබෑ සාධක “පූර්වාපර සන්ධි ගලපා” ඉදිරි ලිපිවලින් සිදුකලවිට එතුමාට තමන් ගැන දරන මතය වෙනස්කිරීමට සිදුවන බව නිසැකය. 

- විශේෂඥ  වෛද්‍ය අජිත් අමරසිංහ

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය   2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.