අගවිනිසුරු සම්බන්ධයෙන් පැමිණිල්ලක්..
අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අදාලව කරුණු දෙකක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Fair Comment' නැමති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම ආයතනය වාර්තා කරයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය සිදු කරන ලෙස 'Fair Comment' ආයතනයේ කර්තෘ ජසීම් ජමීල් විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
අදාළ පැමිණිල්ලි මතු කර ඇති පළමු කරුණ වන්නේ කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි වටිනා නිවසක් සම්බන්ධයෙන්, වාහන බලපත්‍ර අවභාවිතය සහ වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙනි.
මෙම කරුණු සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හරහා උත්සාහ කළද, ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එම ආයතනය සඳහන් කරයි.
තමන් කිසිවෙකුට වැරදිකරු ලෙස චෝදනා නොකරන නමුත්, ඉහළ අධිකරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විවිධ වේදිකාවල පැතිර යන තහවුරු නොකළ තොරතුරු හේතුවෙන් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වෙමින් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.
එබැවින්, මෙම කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කිරීම කොමිසමේ වගකීමක් බව 'Fair Comment' ආයතනය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා