විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර මහජන සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසන්න.. - කතෝලික රදගුරු සමුළුව ආණ්ඩුවට කියයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කරයි.
විනිසුරුවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ජූලි 27 වැනිදා ප්‍රකාශයට පත් කළ අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන් ද නිවේදනයක් නිකුත් කරමිනුයි එම සමුළුව සඳහන් කරන්නේ.
එසේම එම නිවේදනයේ දැක්වෙන්නේ, අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ කලාපීය ක්‍රියාකාරීත්වය හේතුවෙන් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගත හැකි බව පවසමින් විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සුරැකීම අතිශය වැදගත් බව කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි.
ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල අතර නිසි සම්බන්ධතාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවත්, අධිකරණ බලයේ ස්වාධීනත්වය සහතික කිරීම යුක්තිය, මානව ගරුත්වය, මූලික අයිතිවාසිකම් සහ සියලු පුරවැසියන්ගේ පොදු යහපත සඳහා අත්‍යවශ්‍ය ආරක්ෂාවක් බවත් එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, මෙම අවස්ථාවේදී යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.
එමෙන්ම පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම, රට තුළ පවතින අධිකරණ නිලධාරීන්ගේ හිඟයට විසඳුම් ලබාදීම සහ නඩු විභාග කිරීමේ පවතින ප්‍රමාදයන්ට පිළියම් යෙදීම යන මූලික කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද එම සමුළුව අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා