News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේනයේ යුද බිමේ අර්බුදය, රුසියාවේ ඉදිරියට යන ස්ථාවරය සහ බටහිර උභතෝකෝටිකය

Aug 19, 2026 at 10:38 PM
|

රුසියා–යුක්රේන ගැටුම තවත් තීරණාත්මක අවධියක් පසුකරමින් සිටී. මෙම සංක්‍රාන්ති සමය තුළ යුද බිමේ තත්ත්වය, යුක්රේනයේ ආර්ථික අර්බුදය, බටහිර රටවල හමුදාමය හැකියාවන් සහ යුද්ධයේ අවසාන ගමන්මඟ පිළිබඳව ලොව පුරා දැඩි විවාදයක් පවතී. ඒ අනුව, රුසියා–යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් උපායමාර්ගික තක්සේරුවක් සහ වර්තමාන තත්ත්වය පිළිබඳ දැඩි හා මතභේදාත්මක විග්‍රහයක් ලංකා ලීඩර් පාඨකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම වැදගත් බව අපි අදහස් කළෙමු. අපගේ අධ්‍යයනය තුළ මතුවන කරුණු, බටහිර චින්තකයන් ඉදිරිපත් කරන ප්‍රධාන ආඛ්‍යානවලට අභියෝග කරන අතර, යුක්රේනයේ අනාගත අපේක්ෂාවන් පිළිබඳ අඳුරු චිත්‍රයක් මවා පෙන්වන බව මූලික වශයෙන් අවධාරණය කළ යුතුය.

යුක්රේනයේ ගැඹුරු ප්‍රහාර සහ රුසියාවේ ප්‍රතිප්‍රහාර

පසුගිය කාලය තුළ යුක්රේනය රුසියානු භූමිය තුළට එල්ල කරන වඩ වඩාත් අභිලාෂකාමී ගැඹුරු ප්‍රහාර දකින්නට ලැබුණි. මෙම ප්‍රහාර සඳහා පුළුල් නේටෝ සහායක් ලැබෙන බව බැලූ බැල්මට ලෝක ජනතාවට පසක් විය. ඒවා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන වැනි හමුදා හෝ බලශක්ති යටිතල පහසුකම්වලට පමණක් සීමා නොවූ අතර, රුසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය සමාගමක් වන Wildberries සමාගමට අයත් ගබඩා වැනි සිවිල් ආර්ථික මර්මස්ථාන ද ඉලක්ක කර තිබුණි.

මෙම ප්‍රහාර පිටුපස තිබූ උපායමාර්ගික තර්කය වන්නේ සිවිල් ආර්ථික ඉලක්කවලට පහර දීමෙන් රුසියානු ආර්ථිකයට හානි කිරීම, සාමාන්‍ය රුසියානු ජනතාවට යුද්ධයේ සෘජු ප්‍රතිවිපාක දැනෙන්නට සැලැස්වීම සහ ඒ හරහා ක්‍රෙම්ලිනයට තම යුද ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සලකා බැලීමට බල කෙරෙන අභ්‍යන්තර පීඩනය වැඩි කිරීමයි.

යුක්රේන ප්‍රහාර ඇත්ත වශයෙන්ම රුසියාවට ගැටලු ඇති කරන බවත්, ඒවා මහජන අතෘප්තිය වර්ධනය කළ හැකි බවත් අපි පිළිගනිමු. එහෙත් මෙම ප්‍රහාර හේතුවෙන් ඇති වන තත්ත්වය තුළ මූලික ප්‍රශ්න දෙකක් මතු වේ. එනම්, ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියානු රජය කුමක් කරනු ඇත්ද? එමෙන්ම යුක්රේනයේ දිගු දුර ඩ්‍රෝන මෙහෙයුම් අවසානයේ යුද්ධයේ ප්‍රතිඵලයට කුමන බලපෑමක් ඇති කරනු ඇත්ද? යන ප්‍රශ්න දෙකයි.

අපගේ තක්සේරුවට අනුව, ප්‍රධාන ප්‍රතිඵලය වී ඇත්තේ වඩාත් ආක්‍රමණශීලී රුසියානු හමුදා ප්‍රතිචාරයකි. විශේෂයෙන්ම ඔඩෙසා වරාය සංකීර්ණය සහ කළු මුහුදේ පිහිටි අනෙකුත් යුක්රේන වරායන් නැවත වසා දැමීමට සිදුවීම එහිදී කැපී පෙනුණි. මෙම පියවර හේතුවෙන් යුක්රේනයට ක්‍රියාකාරී කළු මුහුදු ප්‍රවේශය අහිමි වී ඇති අතර, ඩ්‍රෝන ප්‍රහාරවලින් ලැබෙන ඕනෑම වාසියකට වඩා විශාල විය හැකි විනාශකාරී ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවී තිබේ.

ඔඩෙසා සහ යුක්රේනයේ ආර්ථික අවදානම

යුක්රේන ආර්ථිකයට ඔඩෙසා අතිශය වැදගත් ආර්ථික මර්මස්ථානයකි. යුක්රේනයේ කෘෂිකාර්මික භාණ්ඩවලින් සියයට 90ක් පමණ සහ සමස්ත අපනයනවලින් සියයට 70ක් පමණ ඔඩෙසා හරහා ප්‍රවාහනය වීම ඓතිහාසිකව වැදගත් කරුණකි. 2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයේදී යුද මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ සිට එම වසරේ ජූලි මාසය දක්වා රුසියානු නාවික අවහිරතා හේතුවෙන් ඔඩෙසා සහ කළු මුහුදු ප්‍රදේශය දැඩි බලපෑමකට ලක් විය. එම කාලය තුළ සිදු වූ බාධාව යුක්රේන ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කියේ අනුග්‍රහය යටතේ ඇති කරගත් ගිවිසුමක් මගින් 2022 ජූලි මාසයේදී වරායන් නැවත විවෘත කිරීමත් සමඟ යුක්රේන ආර්ථිකයේ තත්ත්වය තරමක් වෙනස් විය. එම තත්ත්වය යුක්රේනයට අතිශය ප්‍රයෝජනවත් වූ බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. 

දැන් රුසියාව නැවතත් ඔඩෙසා වරාය සංකීර්ණය සහ අනෙකුත් යුක්රේන කළු මුහුදු වරායන් වසා දැමීමත් සමඟ, දැනටමත් යුද්ධයෙන් දැවැන්ත හානියකට ලක්ව ඇති යුක්රේන ආර්ථිකයට විනාශකාරී ප්‍රතිවිපාක ඇති වීම වැළැක්විය නොහැක. යුක්රේන දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර මගින් රුසියාවට වේදනාවක් සහ ගැටලු ඇති කළද, ඊට ප්‍රතිචාර වශයෙන් ඊට වඩා සැලකිය යුතු විශාල හානියක් යුක්රේනයට සිදු කිරීමට මොස්කව්ට හැකි බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම උත්සන්න වීම යුක්රේනයේ තත්ත්වය වැඩිදියුණු නොකරන අතර, ඒ වෙනුවට රුසියාවට වාසිදායක විය හැකි බවට තර්ක කෙරේ.

වැඩිවන පීඩනයකට ලක්වන යටිතල පහසුකම්

ප්‍රතිවිපාක කළු මුහුදු වරායන්ට වඩා බොහෝ දුරට පැතිර යන බව මේ වන විට පෙනෙන්නට තිබේ. ඩ්‍රෝන සහ හමුදා උපකරණ නිෂ්පාදනයට සම්බන්ධ පහසුකම් ඇතුළු යුක්රේන යටිතල පහසුකම්වලට එරෙහි රුසියානු ගුවන් මෙහෙයුම් තීව්‍ර වී ඇති බව මේ වන විට වඩාත් පැහැදිලි වී තිබේ.

නැගෙනහිර යුක්රේනය පුරා ඉන්ධන පිරවුම්හල්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් දැඩි ඉන්ධන හිඟයක් ඇති වී, හමුදාමය හා සිවිල් ගමනාගමනය වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බව දේශීය මාධ්‍ය පවා වාර්තා කර තිබුණි. දුම්රිය මාර්ග සහ දුම්රිය එන්ජින් ද රුසියානු ඉලක්ක අතරට එක් විය.

ඒ අනුව, යුක්රේනය රුසියානු භූමිය තුළට එල්ල කරන ප්‍රහාර සමඟ සෘජුව සම්බන්ධ වූ රුසියානු ගුවන් මෙහෙයුම් තීව්‍ර වීම හේතුවෙන් යුක්රේනයේ හමුදාමය හා ආර්ථික තත්ත්වය පිරිහීම වේගවත් වෙමින්, කියෙව් පාලනය බිඳ වැටීමේ සීමාවට තවදුරටත් ළං වෙමින් පවතින බවට තර්ක කළ හැකිය.

කළු මුහුදේ සිට ඩොන්බාස් දක්වා

කෙසේ වුවද, බටහිර මාධ්‍ය රුසියානු නෞකාවලට එල්ල වූ යුක්රේන ප්‍රහාර පුළුල් ලෙස සැමරුවද, විශේෂයෙන්ම යුක්රේනයේ කළු මුහුදු ප්‍රවේශය ක්‍රමයෙන් අහිමි වෙමින් පවතින තත්ත්වයක් තුළ එහි ප්‍රතිවිපාක යුක්රේනයටම වඩාත් දරුණු වන්නට පටන් ගෙන තිබේ. 

රුසියාව ඔඩෙසාට එරෙහි මෙහෙයුම තීව්‍ර කිරීමට පෙර සිටම යුක්රේනයේ ආර්ථික තත්ත්වය අතිශය අසීරු මට්ටමකට ළඟා වී තිබුණි. අඛණ්ඩ ගුවන් ප්‍රහාර යුක්රේන ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට තවදුරටත් හානි කරන අතරම, රුසියාව ක්‍රමයෙන් යුද බිමේ සිය ස්ථාවරය ශක්තිමත් කරනු ඇති බවට යුද විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

ඔවුන්ට අනුව, 2026 වසර අවසන් වන විට රුසියාවට ඩොන්බාස් ප්‍රදේශයේ පාලනය ලබා ගැනීමට ඉඩ ඇත. වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ මොස්කව් අවසානයේදී තවත් කොපමණ භූමි ප්‍රමාණයක් අත්පත් කර ගනීද යන්නයි. එය තවමත් නිශ්චිතව අනාවැකි පළ කළ නොහැකි වුවද, යුක්රේනයට අහිමි වන භූමි ප්‍රමාණය සැලකිය යුතු මට්ටමක වීමට ඉඩ ඇත.

කළු මුහුදු වරායන් පාලනය කිරීමෙන් යුක්රේනය තවදුරටත් ආර්ථික වශයෙන් දුර්වල කළ හැකි බැවින්, ඔඩෙසා අවසානයේ රුසියානු ඉලක්කයක් බවට පත්වීම නොවැළැක්විය හැකි බවටද මත පළ වේ. එහෙත් සමස්ත යුක්රේනයම අත්පත් කර ගැනීමෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීමට රුසියාවට හැකි තත්ත්වයක සිටින්නේද යන්න සැක සහිතය.

බටහිර යුක්රේනයේ ජනගහනය ප්‍රධාන වශයෙන් යුක්රේන ජාතිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් දැඩි ලෙස ප්‍රතිරෝධය දැක්වීමට ඉඩ ඇති හෙයින් එම ප්‍රදේශවල ඉදිරියට යාම රුසියානු පාර්ශ්වයට නුවණැති පියවරක් නොවන බව යුද විශ්ලේෂකයෝ පවසති. ඒ වෙනුවට, ආර්ථික වශයෙන් දුර්වල හා අක්‍රමවත් කුඩා යුක්රේන රාජ්‍යයක් හෙවත් “Rump Ukraine” බිහි වීමේ හැකියාවක් ඇති බවට ඔවුහු මත පළ කරති.

ඒ අනුව, රුසියානු දෘෂ්ටිකෝණයෙන් යුක්රේන භූමියේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කර ගැනීමත්, වාර්ගික වශයෙන් යුක්රේන ජනතාව බහුල ප්‍රදේශවල දිගුකාලීනව සිරවීමෙන් වැළකී සිටීමත් වඩාත් සුදුසු වනු ඇති බව යුද විශ්ලේෂකයන්ගේ මතයයි. ඒ අනුව, ඉතිරි වන යුක්රේන රාජ්‍යයට කළු මුහුදු වරායන් අහිමි කිරීම මෙම තත්ත්වය තුළ වැදගත් උපායමාර්ගික පියවරක් වනු ඇත. 

රුසියාව සම්පූර්ණ ජයග්‍රහණයක් වෙනුවට “අසුන්දර ජයග්‍රහණයක්” ලබා ගනු ඇති බවටද අනාවැකි පළ වේ. එනම්, රුසියාව සමස්ත යුක්රේනයම අත්පත් කර ගැනීමෙන් යුද්ධය අවසන් කිරීම වෙනුවට, ගැටුම අවසානයේ “කැටි ගැසුණු” තත්ත්වයකට පත්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

විශ්ලේෂකයෝ යුක්රේනයේ බරපතළ මිනිස් බල හිඟය කෙරෙහි ද අවධානය යොමු කරති. බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් වැළකී සිටීම සහ සෙබළුන් යුද බිම අතහැර යාම සම්බන්ධ ගැටලු පිළිබඳව යුක්රේන මාධ්‍ය තුළ පවා සැලකිය යුතු අවධානයක් යොමුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරමුණු රේඛාවල ප්‍රමාණවත් මිනිස් බලයක් නොමැති තත්ත්වයකට යුක්රේනය මුහුණ දී තිබේ.

යුක්රේනයේ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය ද දැඩි ගැටලුකාරී තත්ත්වයක පවතින බව දිනෙන් දින තහවුරු වන බවට තර්ක කෙරේ. ජනාධිපති සෙලෙන්ස්කි විසින් ආරක්ෂක අමාත්‍යවරයා සහ හමුදා ප්‍රධානියා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ජාත්‍යන්තර වේදිකාවේ ඇති වී තිබේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තීරණ ගන්නා මෙම පුද්ගලයන් දෙදෙනා වෙනස් කිරීම, යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක තවත් අවිනිශ්චිතතාවක් ඇති කිරීමට හේතු වී තිබේ.

මේ සියල්ල එකට ගත් විට, යුක්රේන පෙරමුණ දුර්වල වීම, රුසියානු ගුවන් ප්‍රහාර තීව්‍ර වීම සහ කියෙව්හි දේශපාලන ගැටලු යුක්රේනය “ඇත්තෙන්ම දැඩි අර්බුදයක” ගිලී සිටින බව පැහැදිලි කරන බව පෙනේ.

යුක්රේනය “යුද්ධයේ ගමන් මඟ වෙනස් කළා”: බටහිර ආඛ්‍යානය ඇගැයීම

යුක්රේනය යුද්ධයේ “ගමන් මඟ වෙනස් කර ඇති” බව පෙන්වා දෙන ප්‍රධාන බටහිර මාධ්‍ය ආඛ්‍යානයක් ලෙස විස්තර කළ හැකි කරුණ පිළිබඳව අවධානය යොමු කරමු. මෙම ආඛ්‍යානය ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි යම් බලපෑමක් ඇති කළ බව පෙනී යයි. යුක්රේනය තීරණාත්මක හැරවුම් ලක්ෂයකට ළඟා වී ඇති බව ට්‍රම්ප් උපකල්පනය කර ඇති අතර, පසුව සෙලෙන්ස්කිට වැඩි ඇමරිකානු සහායක් ලබා දෙන බවට සංඥා කර ඇති බව අපගේ විශ්වාසයයි. 

කෙසේ වෙතත්, “ගමන් මඟ වෙනස් කිරීම” පිළිබඳ ආඛ්‍යානය ප්‍රචලිත කිරීම පිටුපස තිබූ බලවේගවල වේගය දැනටමත් අඩුවෙමින් හෝ බිඳ වැටෙමින් පවතින බවට එයට විරුද්ධ මත දරන්නන් පෙන්වා දෙති. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෑතකදී විශ්වාසයෙන් යුතුව පෙනී සිටිමින් රුසියාව වේගයෙන් ඉදිරියට යමින් සිටින බව සඳහන් කිරීමත් සමඟ “ගමන් මඟ වෙනස් කිරීම” පිළිබඳ බටහිර ආඛ්‍යානයේ සැර බාල වී තිබේ. කෙසේ වුවද, යුද්ධය අවසන් වන්නේ කෙසේද සහ කවදාද යන්න නිශ්චිතව පැවසීමට විශ්ලේෂකයෝ ඉක්මන් නොවෙති. ඊට හේතුව වන්නේ යුද බිමේ ඩ්‍රෝනවල වැදගත්කම වේගයෙන් වැඩිවෙමින් තිබීමයි.

ඩ්‍රෝන: යුක්රේනයට යුද්ධයේ රැඳී සිටීමට උපකාර කරන ආයුධය

ඩ්‍රෝන මෙතරම් විශාල සංඛ්‍යාවකින් භාවිතයට නොපැමිණියේ නම්, යුක්රේනය බොහෝ කලකට පෙර යුද්ධය පරාජය වී අවසන් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. යුද පෙරමුණ දිගේ යොදවා ඇති දැවැන්ත ඩ්‍රෝන සංඛ්‍යාව හේතුවෙන් රුසියානු හමුදාවන්ට සෙමින් සහ ඉතා ප්‍රවේශමෙන් ඉදිරියට යාමට සිදුව ඇති බව අපගේ නිරීක්ෂණයයි. එමෙන්ම, යුක්රේනය සතු සැලකිය යුතු හමුදා මිනිස් බල හිඟය සහ ඉදිරි ආරක්ෂක ස්ථානවල ප්‍රමාණවත් සෙබළුන් යෙදවීමට නොහැකි වීම යම් තරමකට පියවා ගැනීමටද ඩ්‍රෝන උපකාර වී තිබේ. 

ඒ අනුව, අපගේ නිගමනය වන්නේ ඩ්‍රෝන නොතිබුණේ නම් යුක්රේනයේ තත්ත්වය මීට වඩා භයානක මට්ටමකට පත්වීම වැළැක්විය නොහැකි වූ බවයි. එමෙන්ම, සංඛ්‍යාත්මකව අඩු තත්ත්වයක සිටියද රුසියානු ඉදිරි ගමන මන්දගාමී කිරීම සඳහා ඩ්‍රෝන භාවිත කිරීමේදී යුක්රේනය සාපේක්ෂව හොඳින් ක්‍රියා කර ඇති බව විශ්ලේෂකයෝ පිළිගනිති. කෙසේ වෙතත්, අපගේ තක්සේරුව වන්නේ රුසියාව ඉදිරියට යමින් සිටින බවත්, ඩ්‍රෝන පැවතීම නිසා රුසියාවට සාමාන්‍යයෙන් ඉදිරියට යා හැකි වේගයට වඩා අඩු වේගයකින් ඉදිරියට යාමට සිදුව තිබුණද, යුක්රේනයේ පෙරමුණු තත්ත්වය අවසානයේදී තිරසාර නොවන බවත්ය. 

ට්‍රම්ප්ට ඇත්ත වශයෙන්ම කළ හැක්කේ කුමක්ද?

පසුගිය ජුනි මාසයේ ප්‍රංශයේ පැවති G7 රැස්වීමේදී සහ ජූලි මස මුලදී තුර්කියේ අන්කාරාහි පැවති නේටෝ රැස්වීමේදී යුක්රේනයේ ක්‍රියාමාර්ග පිළිබඳව ට්‍රම්ප් පැහැදී සිටි බව බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය පවසා තිබුණි. යුක්රේනය රුසියාව ආරක්ෂක තත්ත්වයකට තල්ලු කර ඇති බවට වූ ආඛ්‍යානය ට්‍රම්ප් පිළිගෙන ඇති බව එහිදී හොඳින්ම විද්‍යාමාන වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පරිශීලනයේදී පෙනී යයි. කෙසේ වුවද, ප්‍රශ්නය වූයේ එවැනි දේශපාලන වෙනසක් ප්‍රායෝගිකව කෙතරම් වෙනසක් ඇති කළ හැකිද යන්නයි. ට්‍රම්ප් යුක්රේනයට තවත් ආයුධ ලබා දෙනු ඇතිද? තවත් Patriot මිසයිල ලබා දෙනු ඇතිද? ඇමරිකා එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන ගණනක් ලබා දෙනු ඇතිද? යන ප්‍රශ්න අප හමුවේ පැන නැගුණි. 

තක්සේරුව මූලික වශයෙන්ම ඍණාත්මක විය. ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් සිදු කරමින් සිටින ආකාරයටම යුක්රේනයට බුද්ධි තොරතුරු සහාය ලබා දීම දිගටම කරනු ඇත. එහෙත් යුද්ධයේ ගමන් මඟ මූලික වශයෙන් වෙනස් කිරීමට අවශ්‍ය හමුදා සම්පත් ට්‍රම්ප් සතුව තිබේද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පැන නගී.

යුරෝපා ආණ්ඩුවලට යථාර්ථවාදීව කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳවද එවැනිම ප්‍රශ්නයක් පවතී. යුරෝපය දැනටමත් ඩ්‍රෝන සහ බුද්ධි තොරතුරු ලබා දෙමින්, යුක්රේනය දිරිමත් කරමින් සහ යුක්රේන ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා සැලසුම් කළ ප්‍රචාරණ මෙහෙයුමකට සහාය දෙමින් සිටී. එහෙත් එම මෙහෙයුම අවසානයේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලබා දී ඇති බව දැන් පැහැදිලි වේ. ඉරානය සම්බන්ධයෙන් හෝ යුක්රේනයට ජයග්‍රහණයක් ලබා දීමට උත්සාහ කරන ඇමරිකා එක්සත් ජනපදයට සහ පුළුල් බටහිර කඳවුරට “මැජික් සූත්‍රයක්” නොමැති බව තහවුරු වී හමාරය.

ඇමරිකානු හමුදා බලයේ සීමාවන්

යුරෝපයේ ජනතාව අතර පවතින ඇතැම් මතවාද අනුව, ඇමරිකානු මැදිහත්වීම යනු අසීමිත හමුදා හැකියාවන් පවතින නමුත් රුසියාව පරාජය කිරීමට වොෂින්ටනයට දේශපාලන කැමැත්ත තිබේද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවක පවතින තත්ත්වයකි. එහෙත් බයිඩන් පරිපාලනයේ අත්දැකීමෙන් පෙනී ගියේ දේශපාලන අභිප්‍රාය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, සැබෑ හමුදාමය හැකියාවන් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය. යුක්රේනයට තමන්ගේම Patriot මිසයිල පද්ධති සංවර්ධනය කිරීමට බලපත්‍ර ලබා දීම සඳහා ඇමරිකානු උත්සාහයන් පිළිබඳව ලෝක ජනතාව අතර සාකච්ඡාවක් පවතී. එහෙත් අපගේ නිරීක්ෂණය වන්නේ නුදුරු හෝ මධ්‍යම හා දිගු කාලීනව පවා එය සිදු කිරීමට ඇමරිකාවට ඇති හැකියාව ඉතා පහළ මට්ටමක පවතින බවයි.

යුක්රේනය සහ ඉරාන යුද්ධය

යුක්රේන ගැටුම ඉරානය සම්බන්ධ යුද්ධයට සෘජුව සම්බන්ධ විය හැකිද යන්න ලෝක පරිමාණයෙන් සාකච්ඡාවට ගන්නා තවත් ප්‍රධාන මාතෘකාවකි. කළු මුහුදේ ඉරාන නෞකාවකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරය සහ ඊට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳව කරුණ කරළියට පැමිණි වහාම, යුක්රේනය මෙම සිදුවීම උත්සන්න නොකිරීමට කැමැත්තක් පෙන්වමින්, කියෙව් පාලනය ප්‍රහාරය හිතාමතා සිදු නොකළ බව ප්‍රකාශ කරනු ලැබිණි. මෙම යුද්ධ දෙක සටන් කිරීමේ අර්ථයෙන් සෘජුව සම්බන්ධ වීමට ඉඩකඩ ඇත්තේම නැති තරම්ය. කෙසේ වෙතත්, මෙම යුද්ධ දෙක අතර වැදගත් වක්‍ර සම්බන්ධතාවක් හඳුනාගත හැකිය. එනම්, මැදපෙරදිග භාවිත කරන ඇමරිකානු හමුදා සම්පත් යුක්රේනය වෙත ලබා දීමට ඇති හැකියාව ඉතා අඩු මට්ටමක පැවතීමයි. 

Patriot මිසයිල මේ අතරින් විශේෂයෙන් වැදගත් වේ. ඉරාන යුද්ධය ආරම්භ වූ 2026 පෙබරවාරි 28ට පෙර ඇමරිකානු හමුදා සතුව තිබූ තොග සමඟ වත්මන් තත්ත්වය සංසන්දනය කළ විට, ඇමරිකානු Patriot මිසයිල  තොගයෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකක් භාවිත කර අවසන් බවට තක්සේරු කෙරේ. Patriot මිසයිල පද්ධති සහ මිසයිල නිෂ්පාදනය කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන බැවින්, කියෙව් හමුදාවලට අවශ්‍ය ප්‍රමාණයෙන් Patriot මිසයිල පද්ධති ලබා දීමට ඇමරිකාවට නොහැකි බවට තර්ක කෙරේ.

ඉරානය සහ යුක්රේනය පුළුල් යුද්ධයකට ඇතුළු වීමට ඉඩ අඩු ඇයි?

ඉරාන නෞකාවකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරය ගැටුම් දෙකම එක් විශාල යුද්ධයක් බවට පත් කිරීමට ඉඩ අඩු බව යුද විශ්ලේෂකයෝ පවසති. ඔවුන්ට අනුව, රුසියාවට එරෙහිව දැනටමත් පැවැත්ම සඳහා අරගල කරමින් සිටින අවස්ථාවක ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කිරීමට යුක්රේනයට උපායමාර්ගික උනන්දුවක් නොමැත. එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ ගැටුමක නිරතව සිටින අවස්ථාවක යුක්රේනයට එරෙහිව තවත් පෙරමුණක් විවෘත කිරීමට ඉරානයටද හේතුවක් නොමැත.

ඇමරිකා එක්සත් ජනපදය සහ එහි මැදපෙරදිග සගයන්ට එරෙහි සටන්වල විශාල කොටසක් සිදු කිරීම සඳහා හිස්බුල්ලා, හවුති සහ ඉරාක මිලීෂියා ඇතුළු මිත්‍ර හමුදා මත ඉරානයට විශ්වාසය තැබිය හැකිය. එබැවින් යුක්රේනය සමඟ තවත් ගැටුමකට ඇතුළුවීමට ඉරානයට එතරම් උනන්දුවක් නොමැති වීම තර්කානුකූලය. ඒ අනුව, ඉරාන නෞකාවට එල්ල කළ යුක්රේන ප්‍රහාරය බරපතළ උත්සන්න වීමකට හේතු නොවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ඩොන්බාස් ප්‍රශ්නය

රුසියානු හමුදා දකුණින් සහ බටහිරින් ඉදිරියට යන විට ස්ලොවියන්ස්ක් සහ ක්‍රමටෝර්ස්ක් අවට ඉතිරිව ඇති යුක්රේන ආරක්ෂක ස්ථාන වඩ වඩාත් අවදානමට ලක්විය හැකිය. කෙසේ වුවද, කොස්ටියන්ටිනිව්කා අත්පත් කර ගැනීමෙන් පසුව රුසියානු ඉදිරි ගමන සහ වටලෑමක් ඇති වීමේ හැකියාවක් පවතී. ඒ අතරම, උතුරෙන් රුසියානු ඉදිරි ගමන මන්දගාමී කිරීමට යුක්රේන ප්‍රතිප්‍රහාර සමත් වී ඇති බව යුද බිම නිරීක්ෂණයෙන් පෙනී යයි. ඒ අනුව, යුක්රේනය “යුද්ධයේ ගමන් මඟ වෙනස් කළේය” යන ආඛ්‍යානය බිඳ වැටී, හමුදාමය තත්ත්වය තවදුරටත් පිරිහුණහොත් ඇමරිකානු සහ යුරෝපා ආණ්ඩු කුමක් කරනු ඇත්ද යන්න ප්‍රශ්නය පැන නගී. එවැනි තත්ත්වයකදී බටහිරට මූලික වශයෙන් විකල්ප දෙකකට මුහුණ දීමට සිදුවනු ඇත. එනම්, උත්සන්න කිරීම හෝ රාජ්‍යතාන්ත්‍රික මාර්ගය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමයි. 

බටහිර රටවල් රුසියානු ජයග්‍රහණයකට බිය වන්නේ ඇයි?

යුරෝපා ආණ්ඩු සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ සිටින තීරණාත්මක කණ්ඩායම් රුසියාව තමන්ට “මාරාන්තික තර්ජනයක්” ලෙස සලකති. මෙම දෘෂ්ටිකෝණයට අනුව, ප්‍රශ්නය වන්නේ රුසියාව යුක්රේනය පරාජය කරයිද යන්න පමණක් නොවේ. රුසියානු ජයග්‍රහණයකින් මොස්කව්ට නැගෙනහිර යුරෝපයට හෝ වෙනත් යුරෝපා ප්‍රදේශවලට තර්ජනය කිරීම සඳහා වඩාත් ශක්තිමත් ස්ථාවරයක් ලැබිය හැකි බවට ඔවුන් තුළ බියක් පවතී.

එහෙත් මෙම තර්ජන තක්සේරුව නිවැරදි නොවුවද, බටහිර ප්‍රතිපත්ති සම්පාදකයන් බොහෝ දෙනෙකු එම තර්ජනය විශ්වාස කරන බව අපි අවධාරණය කරන්නෙමු. එම මවාගත් බිය නිසා ඩොන්බාස්හි යුක්රේන පරාජයක් බටහිර ආණ්ඩු සඳහා විශේෂයෙන් බියජනක හා අනතුරුදායක ලෙස සැලකීම වැළැක්විය නොහැක.

1918 ජර්මනියේ ඓතිහාසික සංසන්දනය

යුක්රේන හමුදාව බිඳ වැටීමේ හැකියාව සහ පළමු ලෝක යුද්ධයේ අවසාන අදියරේදී ජර්මානු හමුදාවට සිදු වූ දේ අතර සංසන්දනය සලකා බලමු. 1918දී ලුඩෙන්ඩෝර්ෆ් ප්‍රහාරය දියත් කරන අවස්ථාවේ ජර්මානු හමුදාව තවමත් බලවත් සටන් හමුදාවක් විය. එම වසරේ මාර්තු මාසය වන විට ජර්මනිය යුද්ධය ජයග්‍රහණය කළ හැකි බවට පවා බියක් පැවතුණි. එහෙත් 1918 නොවැම්බර් 11 වන විට ජර්මානු හමුදාව අවසානයේ බිඳ වැටීමෙන් පසු ජර්මනිය දැඩි පරාජයකට ලක් විය. ගැටුම එම තත්ත්වයට පැමිණි විට යුක්රේන හමුදාවද බිඳ වැටීමට පටන් ගත හැකි බවට සමාන තත්ත්වයක් උදා විය හැකි බව අපගේ මතයයි.

උත්සන්න කිරීමද? රාජ්‍යතාන්ත්‍රික මාර්ගයද?

යුක්රේන හමුදාව බිඳ වැටුණහොත් බටහිරට ඇත්ත වශයෙන්ම කළ හැක්කේ කුමක්ද යන්න යුරෝපා නායකයන් හමුවේ ඇති බරපතළ ප්‍රශ්නයයි. න්‍යායාත්මකව විකල්ප දෙකක් හඳුනාගත හැකිය. එනම්, ඉහත පෙන්වා දුන් පරිදි උත්සන්න කිරීම හෝ රාජ්‍යතාන්ත්‍රික මාර්ගය යන විකල්ප දෙකින් එකකට එළඹීමයි. එහෙත් අර්ථවත් හමුදාමය උත්සන්න කිරීමක් ඇත්ත වශයෙන්ම කෙබඳු විය හැකිද? නේටෝව සෘජුවම යුද්ධයට ඇතුළු වීමට ඉඩ අඩු බවත්, බටහිරට අවශ්‍ය හමුදාමය හැකියාවන් නොමැති බවත් බොහෝ යුද විශ්ලේෂකයන්ගේ අවධාරණයයි. විශේෂයෙන් යුරෝපා රාජ්‍යවල හමුදා හැකියාවන් විවේචනාත්මකව ප්‍රශ්න කරන යුද විශ්ලේෂකයෝ, බ්‍රිතාන්‍ය සහ ජර්මානු හමුදාවලට රුසියාව සමඟ සෘජු ගැටුමකදී රුසියාව පරාජය කළ හැකිද යන්න බරපතළ ප්‍රශ්නයක් ලෙස පවතින බව පවසති. වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ රුසියාව සතු න්‍යෂ්ටික අවි බලයයි. රුසියාව න්‍යෂ්ටික අවි භාවිත කිරීමට පෙළඹවිය හැකි යුද්ධයකට බටහිර ඇතුළු වීමට කැමති වීම අතිශය අවදානම් කාරණයක් බව යුද විශ්ලේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව, අර්ථවත් හමුදාමය උත්සන්න කිරීමක් සඳහා බටහිරට යථාර්ථවාදී හමුදාමය විකල්පයක් නොමැති බව නිගමනය කිරීමට අප පෙළඹෙන්නෙමු.

කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික මාර්ගයද බටහිරට තමන්ගේම දේශපාලන ගැටලුවක් ඉදිරිපත් කරනු ඇත. රුසියාව යුක්රේන හමුදාව පසුපසට තල්ලු කර, සැලකිය යුතු අමතර භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන, ඉන් පසුව බටහිර සටන් විරාමයක් හෝ 1953 කොරියානු අර්ධද්වීපයේ ඇති වූ තත්ත්වයට සමාන කැටි ගැසුණු ගැටුමක් සඳහා සාකච්ඡා ආරම්භ කළහොත්, එවැනි ගිවිසුමක් බටහිර සහ යුක්රේනය පරාජයට පත්වූ බව නිල වශයෙන් පිළිගැනීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. ඒ අනුව, මෙම ගැටුම සරලව “යුක්රේනය එදිරිව රුසියාව” ලෙස නොව, “යුක්රේනය සහ බටහිර එදිරිව රුසියාව” ලෙස සැලකිය යුතු තත්ත්වයක් බවට පත්වනු ඇත.

එබැවින්, යුක්රේන හමුදාව බිඳ වැටුණහොත් හෝ රුසියාව මේ දක්වා පැවති වේගයට වඩා සැලකිය යුතු වේගයකින් ඉදිරියට යාමට පටන් ගත්තහොත්, යුක්රේනයට හෝ බටහිරට හෝ හොඳ විකල්ප සමූහයක් ඉතිරි නොවන බව අපගේ තක්සේරුවයි.

වඩ වඩාත් ක්ෂයවීම මත හැඩගැසෙන යුද්ධයක්

අවසානයේ, යුක්රේන ගැටුම මගින් ඉදිරිපත් කරනු ලබන්නේ හමුදා මිනිස් බලය, කාර්මික නිෂ්පාදන හැකියාව, ගුවන් බලය, ඩ්‍රෝන, ආර්ථිකයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ ආයුධ සඳහා ප්‍රවේශය, තනි තනි යුද බිම් මෙහෙයුම්වලට සමානව හෝ ඊටත් වඩා වැදගත් විය හැකි තරගයක් පිළිබඳ අදහසකි. ඒ අනුව, යුක්රේන දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර මගින් රුසියාවට හානි සිදු කළ හැකි නමුත්, ඒවා මගින් යුක්රේනයට ඊට වඩා විශාල පිරිවැයක් ඇති කරන ප්‍රතිචාර ඇති වීමේ අවදානමක් පවතින බව අපගේ සෘජු නිගමනයයි. කළු මුහුදු වරායන් වසා දැමීම, යටිතල පහසුකම්, ඉන්ධන සහ ප්‍රවාහන ජාල මත ඇතිවන පීඩනය සහ යුක්රේනයේ මිනිස් බල ගැටලු සමඟ එක්ව, කියෙව්හි ස්ථාවරය තවදුරටත් දුර්වල වීම නොවැළැක්විය හැකි බවට තර්ක කළ හැකිය. එමෙන්ම, ඩ්‍රෝන පුළුල් ලෙස භාවිත කිරීම රුසියානු ඉදිරි ගමන මන්දගාමී කර ඇති අතර, මිනිස් බලයේ අවාසිය තිබියදීත් යුක්රේනයට ප්‍රතිරෝධය දිගටම පවත්වා ගැනීමට හැකියාව ලබා දී තිබේ. 

එබැවින් මෙහි මතුවන චිත්‍රය වන්නේ රුසියාව විසින් සමස්ත යුක්රේනයම ආසන්න අනාගතයේදී තීරණාත්මක ලෙස අත්පත් කර ගැනීමක් නොව, ක්‍රමයෙන් වර්ධනය වන රුසියානු හමුදාමය වාසියක්, යුක්රේනය මත වැඩිවන ආර්ථික හා හමුදාමය පීඩනයක් සහ අවසානයේ කුඩා හා ආර්ථික වශයෙන් දුර්වල වූ යුක්රේන රාජ්‍යයක් සමඟ කැටි ගැසුණු ගැටුමක් ඇති කළ හැකි විසඳුමක් යන්නයි. 

එලෙසම, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය මුහුණ දෙන වඩ වඩාත් දුෂ්කර තේරීම් සලකා බැලුවහොත්, සීමිත හමුදා සම්පත් තිබියදීත් යුක්රේනයට සහාය දැක්වීම දිගටම කරගෙන යාම, න්‍යෂ්ටික අවි සහිත රුසියාව සමඟ සෘජු ගැටුමක අවදානමක් සහිතව උත්සන්න කිරීම, නැතහොත් හමුදාමය පරාජයක් පිළිගැනීමක් ලෙස අර්ථ දැක්විය හැකි සාකච්ඡාවලට පිවිසීම යන සන්ධිස්ථානයකට බටහිර පිවිස ඇති බව දක්නට ලැබේ.

පාද සටහන: මෙම ලිපිය 2026 ජූලි 30 වැනිදා මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් සමඟ පටිගත කරන ලද වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගෙන සකස් කර ඇත.

සැකසුම: ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.