දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙලා..
2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ ණය ලබාදීමේ ප්‍රවණතාව ඉහළ ගියද, පළමු කාර්තුවට සාපේක්ෂව එහි වර්ධන වේගය මන්දගාමී වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ණය සැපයුම් සමීක්ෂණයෙන් අනාවරණ වේ.
පසුගිය මැයි මාසයේදී සිදුකළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
ආර්ථිකයේ ස්ථාවරත්වය, යහපත් ද්‍රවශීලතාව සහ වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ යාම නිසා සිල්ලර, ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) සහ රාජ්‍ය ව්‍යවසාය (SOE) යන සියලු අංශවලට ණය දීමට බැංකු දක්වන කැමැත්ත වැඩි වී තිබේ. කෙසේ වෙතත්, උද්ධමනය, මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ විනිමය අනුපාතවල අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි තුන්වන කාර්තුවේදී ණය ලබාදීමේ වේගය තවදුරටත් මන්දගාමී වනු ඇතැයි බැංකු පුරෝකථනය කරයි.
මේ අතර, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ආයෝජන සක්‍රීය වීම නිසා සියලුම අංශවල ණය ඉල්ලුම ඉහළ ගොස් ඇත. විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසාය අංශයේ යටිතල පහසුකම් හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ණය ඉල්ලුම වැඩි වී තිබේ.
දෙවන කාර්තුවේදී සමස්ත අක්‍රීය ණය (NPL) ප්‍රමාණය පහළ ගියද, විනිමය අනුපාත අවප්‍රමාණය වීම සහ මැදපෙරදිග අර්බුදයේ බලපෑම නිසා ආයතනික, SME සහ SOE අංශවල අක්‍රීය ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත. එමෙන්ම ආයතනික සහ SOE අංශවල ණය අයදුම්පත් ප්‍රතික්ෂේප වීම අඩු වී ඇති අතර, දැඩි අවදානම් ඇගයීම් නිසා සිල්ලර සහ SME අංශවල ණය අයදුම්පත් ප්‍රතික්ෂේප වීමේ අනුපාතය ඉහළ ගොස් තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන