22 ට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා බහුජන බලය විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සිවිල් සංවිධානයක් ලෙස අපගේ ස්ථාවරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි සංවරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බවයි බහුජන බලය අවධාරනය කරන්නේ.
යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මගින් මෙම මූල ධර්ම වලට, විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූල ධර්මයට, බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බැවින්, එයට සිදු කරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිද භාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් තුළ සිදු කළ යුතු බව බහුජන බලය අවධාරණය කරයි.
විශේෂයෙන්ම, යම් ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් ආරක්ෂා කර ඇති විධිවිධාන වලට බලපාන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවල ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ සෘජු අනුමැතියටද ඉදිරිපත් කළ යුතු බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා