අපවත්වී වදාළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද දහවල් වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරයට..
බොදු ගී ඇතුළු අර්ථාන්විත ගීත රැසකින් ශ්‍රී ලාංකේය කලාකෙත පෝෂණය කළ ප්‍රවීන ගේය පද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ වෙසෙන වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි.
කලක් පුරා පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (18) අපවත් වනවිට 76 වන වියෙහි පසු විය.
1950 වසරේ මැයි 22 වැනිදා දෙනියාය රඹුකන ග්‍රාමයේ උන්වහන්සේ උපත ලැබීය.
මොරවක, වැලිව, බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ, ලාංකේය ගීත කලාවේ අපූර්ව සටහන් තබන්නේ තමන්ටම ආවේණික රටාවකින් මානව සිත් තුළ අපූර්ව සැදැහැ සිතුවිලි ජනිත කරමින්.
ගුණදාස කපුගේ ශූරීන් ගැයූ පිහිටක් නැති - සරණක් නැති, සද්ධර්ම මකරන්ද ගීතය මෙන්ම වික්ටර් රත්නායකයන් ගැයූ බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, කාසිවලට ගන්නත් බැහැ ගීතය ද උන්වහන්සේගේ පන්හිඳෙන් ලියවුණි.
විශාරද මාලිනි බුලත්සිංහල ගායනා කළ හිමි සණරාමර, පිපෙනා මලකට, සෙනෙහස පුදා මෙන්ම බුදු බණ ඇසුවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ගයන ලා දළු බෝපත් මෙන්ම වෙහෙරක් වගේ ගීතය ද උන් වහන්සේ රචනා කළ ගීත අතර වේ.
තම ගීත කලාව එක් පැතිකඩකට සීමා නොකළ සිද්ධාර්ථ හිමියන් පන්සලේ - පල්ලියේ, බණ කියන රටක්, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, මේ ඉර හඳ යට, සියක් ආයු ලැබ, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, අනුරාධපුරේ අනුරාව නැගූ මෙන්ම, සඳ තරු මල් මට දන් දුන් වැනි ගීත ද දායාද කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා