ශිරාන් බාසික්මයි ටිකට් දාගෙන ලංකාවට ඇවිත් තියෙන්නේ.. ඔහුව ගෙන්වාගන්න පොලිසිය මැදිහත් වීමක් කරලා නෑ.. - සංජය මහවත්ත
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ශිරාන් බාසික් නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය පළ කරන අදහස් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, ශිරාන් බාසික් මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය හෝ බුද්ධි අංශ කිසිදු විශේෂ මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි. ඔහු මෙරටට පැමිණ ඇත්තේ තමන්ගේම මුදලින් ලබාගත් ගුවන් ටිකට් පතකින් බව ද මහවත්ත මහතා අනාවරණය කළේය.
මෙම සිදුවීම පිටුපස කිසියම් නාට්‍යමය ස්වභාවයක් පවතින බවට සැක පළ කරන ඒ මහතා, ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස මාධ්‍ය හඳුන්වා දුන්නද, මෙරට අධිකරණයක ඔහුට එරෙහිව ගොනු කර ඇති නිශ්චිත චෝදනා හෝ අධිචෝදනා පත්‍ර පිළිබඳව මෙතෙක් පැහැදිලි අනාවරණයක් වී නොමැති බව පෙන්වා දෙයි.
තවද, හිටපු පොලිස්පතිවරයෙකු විසින් ඉල්ලා සිටි රුපියල් කෝටි 25ක කප්පම් මුදලක් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවට තොරතුරු පවතින බව පවසමින් සංජය මහවත්ත මහතා බරපතල චෝදනාවක් ද එල්ල කළේය. පොලිස් නිලධාරියෙකු සහ පාතාල සාමාජිකයෙකු අතර සිදුවූ බව කියන හඬපටයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වීම හාස්‍යයට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා