"ඔයාලා විශ්‍රාම යන්නෙත් අපේ ආණ්ඩුවක් යටතේ".. - ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අලුත් පත්වීම් ලැබූ වේලාසටහන්කරුවන්ට කියයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සඳහා අලුතින් බඳවා ගන්නා ලද වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් පැවසුවේ මෙම වේලාසටහන්කරුවන් විශ්‍රාම යන්නෙත් මාලිමා රජය යටතේම බවයි.
ශ්‍රී ලංකා ප්‍රවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු මෙම වේලාසටහන්කරු තනතුර සඳහා තේරී පත්වීම මෙහි ඇති විශේෂත්වය වන අතර මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අද මේ රජය යටතේ පත්වීම් ලබන ඔබ, විශ්‍රාම යන්නෙත් මේ රජය යටතේම බවයි.
එසේම පත්වීම් ලබන මෙම නිලධාරීන්ගේ කාර්යභාරය ඉදිරි වසර 05 ඇතුළත සිදු වන ඩිජිටල්කරණය සහ වෘත්තීය පරිවර්තනයන් සමග දැවැන්ත වෙනසකට ලක් වන බවත් දෙදහසකට අධික අයදුම්පත් අතරින් කුසලතා පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ මඟින් පාරදෘශ්‍ය ලෙස මෙම 18 දෙනා තෝරාගෙන ඇති අතර, වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක සමගින් ජීවත් විය හැකි මට්ටමක වැටුපකට හිමිකම් කියන රජයේ සේවකයන් ලෙස ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා