තක්කඩියාචාරියාගේ කුපාඩිවංශය..
මේ පඩත්තලයා කියන මේ කුපාඩි කතාව හොඳින් අහන්න. (මම මේ කුපාඩි කතාව වචනයෙනුත් පිටපත් කරලා දෙන්නම්).
=== === ===
“මිහිදු හාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්න ඇති. අපි දන්නේ නෑ එයා උඩින් අර අතෙන්ට ආව ද, කොහොම ආව ද ඒවා අපි දන්නේ නෑ. එයාට අශෝකට තියෙන නෑකමත් අපි හරියට දන්නේ නෑ. මොකද ඒවා ලංකාවේ මහාවංශයේ විතරයි ඒවා ගැන විස්තර තියෙන්නේ.
රයිට්. ඉන්දියාවේ එහෙම එකක් අශෝක ගැන නෑ?
නෑ එහෙම නෑ එහෙම නෑ.
ඒක තමයි වැදගත්.
එහෙම නෑ. හරි? මේ සමහර විට දැන් .. කියන්නේ ඒ වගේ සම්බන්ධතා තියෙන්නත් ඇති. අපි දන්නේ නෑ ඒවා. ඒ කියන්නේ දැනට කියන්න පුළුවන් දන්නේ නෑ කියන එක විතරයි.”
=== === ===
මුලින් ම, මේ තක්කඩියා මිහිඳු මහ රහතන්වහන්සේ ගැන කතා කරන විදිහ බලන්න. මූ මිහිඳු හාමුදුරුවන්ව “එයා”, “එයා” කියලයි හඳුන්වන්නේ. පිදිය යුත්තන්ට පුදන්න ඕන, සමාජයේ ගරු බුහුමනට ලක්වෙච්ච උතුමන්ට ගරු කරන්න ඕන කියන එක අපේ සමාජ පිළිවෙතක්. මම බෞද්ධයෙක්. මම ක්‍රිස්තියානි / කතෝලික ආගම අදහන කෙනෙක් නෙවෙයි. ඒත් අපි හැමෝම වගේ ක්‍රිස්තියානින්ගේ දෙවියන්වහන්සේ ‘දෙවියන්වහන්සේ” විදිහටත් යේසුස්වහන්සේ “යේසුස්වහන්සේ” විදිහටත් හඳුන්වනවා. මම ඉස්ලාම් ආගම අදහන කෙනෙකුත් නෙවෙයි. ඒත් අපි අල්ලාහ් දෙවියන්ටත් මහම්මත්තුමාටත් ගරු නම්බු දීලා කතා කරනවා. අපි උන්වහන්සේලා කාටවත් “එයා”, “මෙයා” කියලා කතා කරන්නේ නෑ.
මේක තමයි අපේ හැදිච්චකම. ඒත් මේ නැහැදිච්ච කුපාඩියා එහෙම කරන්නේ නෑ. බුද්ධාගම කියන්නේ දෙවියෝ මුල් කරගත්ත ආගමක් නෙවෙයි. ඉතින් සියල්ලට ම ඉහළින් තියලා බුදුරජාණන්වහන්සේ ගැන අපි කතා කරනවා. මිහිදු හාමුදුරුවන්ට අපි කියන්නේ “අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ” කියලා. උන්වහන්සේ අපේ ඉහළ ම ගෞරවයට ලක්වෙච්ච උත්තමයෙක්. ඉතින් මූලික සමාජ පිළිවෙත් දන්න ඕන කෙනෙක් තමන් බෞද්ධ වුනත් නැතත් මිහිඳු මහ රහතන්වහන්සේ ගැන ගෞරවනීය විදිහට කතා කරනවා.
මේ ගෞරවයේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඒ උත්තම චරිතයට සෘජුව ම දක්වන ගෞරවය. තව පැත්තකින් උන්වහන්සේගේ උතුම්භාවය පිළිගන්න සමාජයට දක්වන ගෞරවය.
ආගමික කටයුතුවලින් බැහැර කාරණාවල දී පවා අපි මේ පිළිවෙත අනුගමනය කරනවා. මම ජනතා විමුක්ති පෙරමුණට හරි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හරි කැමැති කෙනෙක් නෙවෙයි. 2024 ජනාධිපතිවරණයට කලින් මම “අනුර”, “අන්‍රයියා” වගේ ආමන්ත්‍රණ යොදාගෙන අදාළ ආමන්ත්‍රණ සිද්ද කළා. ඒත් ජනාධිපතිවරණයෙන් පස්සේ, මම ඒ පිළිවෙත වෙනස් කළා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආපු මොහොතේ ඉඳලා ම මම අනුර කුමාර දිසානායක “ජනාධිපතිතුමා” ගැන කතා කරනවා. එක පැත්තකින් අපි ඒ තනතුරට ගරු කරන්න ඕන. තව පැත්තකින් අපි එතුමාට ඡන්දය දීපු බහුතරයක් ජනතාවට ගරු කරන්න ඕන. මගේ පුද්ගලික කැමැත්ත අකැමැත්ත ඒකට අදාළ නෑ. කලින් වගේ ම, මම අදටත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කටයුතු විවේචනය කරනවා. හැබැයි මම එතුමාට “එයා”, “මෙයා”, “අරූ”, “මූ” කියලා අගෞරව කරන්නේ නෑ.
ඒත් මේ තක්කඩියාට එහෙම හැදියාවක් නෑ. ඉතින් මම කිසිම චකිතයක් නැතුව මේ තක්කඩියාට “මූ” කියලා ආමන්ත්‍රණය කරනවා.
දැන් අපි මූ කියන බොරුව ගැන කතා කරමු.
මූ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මූ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක්. මූ ඒ මහාචාර්යකම වෙනුවෙන් ජනතාවගේ බදු මුදල්වලින් පඩියකුත් ගන්නවා. ඉතින් මූට ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මෙහෙම එකෙක්ට “අපි දන්නේ නෑ”, “අපි දන්නේ නෑ”, “අපි හරියට දන්නේ නෑ” කියලා එක දිගට ම කියන්න පුළුවන් ද? ඒ වගේ ම, මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික වාර්තාව තියෙන්නේ “ලංකාවේ මහාවංශයේ විතරයි” කියලා කැට තියලා කියන්නත් මූට පුළුවන් ද?
එක්කෝ මූ කිසිම අලබෝලයක් ගැන දන්නේ නැතුව ඉතිහාසය පිළිබඳ මහාචාර්යකම දරනවා. එහෙම නැතිනම්, මූ තමන්ගේ පටු උවමනා එපාකම් වෙනුවෙන්, එහෙමත් නැතිනම් තමන්ට සල්ලි දෙන එවුන් කියන කියන විදිහට මෙහෙම පඩත්තල කතාවක් කියනවා.
මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික වාර්තාව තියෙන්නේ “ලංකාවේ මහාවංශයේ විතර” ද? මේක මුගේ ටොම් පචයක්.
අශෝක මහ රජතුමාගේ ධර්මදූත සේවා කාර්යයට තමයි මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික වාර්තාව අදාළවෙන්නේ. මේ ධර්මදූත සේවා කාර්යය ගැන මහාවංශයේ සඳහන් වාර්තාව ඒ විදිහට ම අශෝක රජතුමා විසින් කරපු 13 වැනි ගිරි ලිපියේ සඳහන් කරලා තියෙනවා. මම මේ ගිරි ලිපියේ සම්මත සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් ම උපුටලා දක්වන්නම්.
“දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී රාජ තෙමේ, අභිෂේකයෙන් අටවැනි වර්ෂයෙහි කලිඟු රට ජයගත්තේ ය. එහි දී (ජනතාව) එක් ලක්‍ෂ පනස් දහසක් රටින් පන්නා හරින ලදී; එක් ලක්‍ෂයක් මරණයට පත්විය; එයින් බොහෝ ගුණයක් දෙනා (වසංගත, සාගත ආදී විපත් නිසා) මියගියහ.
කලිඟු රට යටපත් කර ගැනීමෙන් පසු, දේවානම්ප්‍රියයන් වහන්සේ දැඩි ලෙස ධර්මය කෙරෙහි ඇල්මක් දැක්වීම ද, ධර්මය අපේක්‍ෂා කිරීම ද, ධර්මය උගන්වීම ද සිදු කළ සේක. කලිඟු රට ජයගැනීම පිළිබඳව දේවානම්ප්‍රියයන් වහන්සේ තුළ දැඩි පසුතැවිල්ලක් ඇතිවිය.
කවර හේතුවෙන් ද යත්, රටක් යටපත් කරගන්නා අවස්ථාවෙහි දී මිනිසුන් මරණයට පත්වීම, මියයාම සහ සිරකරුවන් බවට පත්වීම දේවානම්ප්‍රියයන් වහන්සේ විසින් ඉතා වේදනාකාරී සහ කණගාටුදායක කරුණක් ලෙස සලකනු ලැබේ. යහපත් හැසිරීමකින් යුත්, වාසනාවන්තයන් පවා තම මිතුරන්, හිතවතුන්, සහචරයන් සහ නෑදෑයන්ගෙන් වෙන්වීම නිසා එම විපතට මුහුණ දෙති. මෙම පුළුල් දුක් වේදනාව සියලු ම ජනතාවට බලපාන අතර, එය දේවානම්ප්‍රියයන් වහන්සේට දැඩි ශෝකයට කරුණකි...
එ බැවින්, මිනිසුන් වරදක් කළ හොත්, ක්‍ෂමා කළ හැකි නම් දේවානම්ප්‍රියයන් වහන්සේ ඔවුන්ට සමාාව දෙයි. තව ද, ධර්මයෙන් දිනාගන්නා ජයග්‍රහණ දේවානම්ප්‍රියයන් වහන්සේ විසින් ප්‍රධාන කොට සලකනු ලැබේ. මෙම ධර්මවිජය මෙහි සියලු සීමා ප්‍රදේශවල ද, ග්‍රීක රජු වන ඇන්ටියොකස් රජකම් කරන ප්‍රදේශයෙන් යෝදුන හයසියයක් දුරින් ද, මෙම ඇන්ටියොකස් රජුගෙන් ඔබ්බෙහි පාලනය ගෙන යන ටොලමි, ඇන්ටිගොනස්, මගාස් සහ ඇලෙක්සැන්ඩර් යන රජවරුන් සිව්දෙනාගේ ප්‍රදේශවල ද, දකුණෙහි චෝළ, පාණ්ඩ්‍ය සහ තාම්‍රපර්ණී දක්වා ද ළඟා වී තිබේ...
මගේ පුතුන් සහ මුණුබුරන් නව ජයග්‍රහණ කළ යුතු යැයි නො සිතන පිණිස මෙම ධර්ම ලිපිය ලියවන ලදී. ඔවුන් මෙ ලොවත් පරලොවත් සතුට ගෙන දෙන ධර්මවිජය එක ම සැබෑ ජයග්‍රහණය ලෙස සලකත්වා!”
මේ 13 වැනි ගිරි ලිපිය තියෙන්නේ “ලංකාවේ මහාවංශයේ” නෙවෙයි. වර්තමාන ඉන්දියාවේ, පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ මේ ගිරි ලිපිය තියෙනවා. ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කයිසි (Kalsi) ප්‍රදේශයෙන්, ගුජරාටයේ ගිරිනාර් (Girnar) ප්‍රදේශයෙන්, ආන්ද්‍ර ප්‍රදේශයට අයිති යෙරාගුඩි (Yerragudi) ප්‍රදේශයෙන්, පකිස්ථානයේ ෂාබජ්ජාර්චි (Shahbazgarhi) ප්‍රදේශයෙන්, පකිස්ථානයේ මන්සේරා (Mansehra) ප්‍රදේශයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් (Kandahar) ප්‍රදේශයෙන් මේ ගිරි ලිපිය හොයාගෙන තියෙනවා.
මේ ඉතිමාස මහාචාරියා මෙච්චර ප්‍රසිද්ධ කාරණයක් දන්නේ නැත්තේ ඇයි?
පැරැණි චීන වාර්තාවලත් මහින්ද හාමුදුරුවෝ ගැන විස්තර සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට, ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන් ම කියවන්න පුළුවන් “හියුං සියං භ්‍රමණවෘත්තාන්තය” (Buddhist Records of Western World) පොතේ සඳහන් කරුණ සළකා බලන්න. ඒ පොතේ අවස්ථා දෙකක දී අශෝක රජතුමා සහ එතුමන්ගේ මළණුවන් (මහා තිස්ස තෙරුන්වහන්සේ) ගැන විස්තර කියලා ඊට පස්සේ මෙහෙම කියනවා.
“තථාගත පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ඉක්මි පසු ශෝකාධිරාජයාගේ බාල ම සොහොයුරු වූ මහේන්ද්‍ර කුමාරයා ගිහිගෙය හැර පැවිදිව රහත්ඵලය ලැබ ඍද්ධිබලයෙන් සිංහලද්වීපයට පැමිණ මෙහි සත්‍ය ධර්මය පිහිටුවීය. මුල දී මිථ්‍යාදෘෂ්ටික වූ මෙ රටවැසියෝ එ තැන් පටන් සම්‍යග්දෘෂ්ටික වූහ” (The kingdom of Siṁhala formerly was addicted to immoral religious worship, but after the first hundred years following Buddha's death the younger brother of Aśokarāja, Mahendra by name, giving up worldly desires, sought with ardour the fruit of Arhatship. He gained possession of the six supernatural powers and the eight means of liberation; and having the power of instant locomotion, he came to this country).
මහින්දාගමනය ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියන මේ “ඉතිහාස ගතවෙන” ඉතිහාස මහාචාරියාට පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයට ගිහිල්ලා ඉහත සඳහන් සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තකනලින් කියන පහත සඳහන් චීන මුල් ප්‍රකාශය සිංහල භාෂාවට පරිවර්තනය කරවාගන්න.
“佛去世后第一百年,无忧王弟摩醯因陀罗,舍离欲爱,志求圣果,得六通八解,履虚轻举,来游此国,流布正法。自此以后,信心纯笃,建百伽蓝,僧徒二万。”
අපේ මේ ලංකාවේ මහින්දාගමනය ගැන කතාව තියෙන්නේ මහාවංශයේ විතරයි කියන කතාවක් අමු ම අමු බොරුවක්. “සමන්තපාසාදිකා බාහිර නිදාන වර්ණනාව” වගේ පුරාණ මූලාශ මහ ගොඩක මහින්දාගමනය පිළිබඳ කතාව වාර්තා කරලා තියෙනවා. මේ යකා ඒ කිසිම දෙයක් දන්නේ නැද්ද?
ඇත්තෙන්ම, මේ ඉතිහාස ගතවෙන ඉතිහාස මහාචාරියා අමු ම අමු තක්කඩියෙක්. ඒ තක්කඩිකම තමයි මූ මේ විදිහට කිසිම හිරිකිතයක් නැතුව ප්‍රදර්ශනය කරන්නේ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්