විපක්ෂය පාර්ලිමේන්තුවේ පුටු ටිකට හේත්තු කරලා සීල් තිබ්බා.. තව වසර 35කට අනුරට තරගකරුවෙක් නෑ.. ඔහුයි උතුම් ජනපති.. - අරුණ ජයසේකර
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉදිරි වසර 35ක කාලයක් යනතුරු දේශපාලන වශයෙන් අභියෝග කළ හැකි කිසිදු නායකයෙකු මෙරට දේශපාලන කරළියේ නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා සතු බුද්ධිය සහ රට කෙරෙහි පවතින අසීමිත ලැදියාව අගය කළ අමාත්‍යවරයා, ඔහු උතුම් ජනාධිපති ලෙස හැඳින්වීමට ජනතාව පුරුදු විය යුතු බව අවධාරණය කළේය.
ඉදිරි වසර 25, 30 හෝ 35ක කාලයක් යනතුරු ජනාධිපතිවරයා සමඟ දේශපාලන වශයෙන් තරග කර ජයග්‍රහණය කළ හැකි නායකයෙකු සිටී නම් ඔහු කවුදැයි පෙන්වන ලෙස අමාත්‍යවරයා මෙහිදී විපක්ෂයට අභියෝග කළේය. එවැනි කිසිදු නායකයෙකු වර්තමානයේ නොමැති බවත්, ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන්මග අතිශය ශක්තිමත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් රජය විසින් ගොඩනගා ඇති ශක්තිමත් මහජන පදනම හමුවේ විපක්ෂය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
"අපි හදපු මේ ශ්‍රේෂ්ඨ මහජන ආණ්ඩුවේ ශක්තියෙන් විපක්ෂයට මොකද කළේ? ඔවුන්ව පාර්ලිමේන්තුවේ පුටු ටිකට හේත්තු කරලා සීල් තියලා ඉවරයි. ඔවුන්ට ආයෙත් මේ රටේ දේශපාලනයක් නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා