රුසියානු ප්‍රතිචාරය, ‘ඉස්ලාමීය NATO’, බටහිර ඉවුරේ උණුසුම් තත්ත්වය සහ ජර්මනියේ ඔත්තු සේවා බලය: සතියේ ප්‍රධාන භූදේශපාලනික පෙරළි
රුසියානු–යුක්රේන යුද්ධය තවදුරටත් දැඩි වෙමින් පවතින අතර, මොස්කව්හි දැඩි ප්‍රතිචාර, වොෂින්ටන්–මොස්කව් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව චලනයන්, මැදපෙරදිග නව ආරක්ෂක සන්ධානයක් පිළිබඳ සාකච්ඡා, ජර්මනියේ ඔත්තු සේවා බලතල පුළුල් කිරීම සහ බටහිර ඉවුරේ පලස්තීන පවුල් මුහුණ දෙන අර්බුදය මෙම සතියේ ජාත්‍යන්තර අවධානයට ලක් වූ ප්‍රධාන සිදුවීම් අතරට එක් විය.
යුක්රේන ප්‍රහාරවලට රුසියාවෙන් දැඩි ප්‍රතිචාර
යුක්රේනය විසින් රුසියානු භූමියට එල්ල කරන ලද දිගු දුර ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රුසියාව සිය ප්‍රහාර තවදුරටත් තීව් ර කර තිබේ. කෙසේ වුවද ,රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සඳහන් කළේ, යුක්රේනය සිවිල් ජනතාව ඉලක්ක කර ගැනීමේ ක්‍රමයට රුසියාව නොවැටෙන නමුත්, කියෙව්හි යුද යන්ත්‍රයට සහාය වන යටිතල පහසුකම් විනාශ කිරීම සඳහා වඩාත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම තත්ත්වය යටතේ කියෙව් සහ සැපොරෝෂ්යේ හමුදා කර්මාන්ත හා ද්විත්ව භාවිත පහසුකම්වලට මෙන්ම කළු මුහුදු වෙරළේ වරාය යටිතල පහසුකම්වලටද රුසියානු ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය.
යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතියට අවශ්‍ය Patriot අන්තර්ග්‍රාහක මිසයිල සැපයුම සම්බන්ධයෙන්ද ගැටලු මතුව තිබේ. යුක්රේනයේ බටහිර ආධාරකරුවන් සතුව එම මිසයිල සීමිත ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බවත්, ඇමරිකාව ඉරානයට එරෙහි යුද්ධයේදී විශාල ප්‍රමාණයක් භාවිත කර ඇති බවත් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, කළු මුහුදේ නැව්වලට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් තාවකාලික සටන් විරාමයක් සඳහා යුක්රේනය රුසියාවෙන් ඉල්ලීමක් කළ බවටද වාර්තා පළ විය. එම යෝජනාව මොස්කව් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා කියෙව් පාලනය සිවිල් නෞකා සම්බන්ධයෙන් “නිර්ලජ්ජිත ත්‍රස්ත ක්‍රියා” සිදු කරන බවට චෝදනා කළාය.
සෙලෙන්ස්කිට බටහිර මිතුරන් සමඟ නව ගැටලු
යුක්රේනයට අඛණ්ඩ බටහිර සහාය අවශ්‍ය පසුබිමක, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ ක්‍රියාමාර්ග ඇතැම් ප්‍රධාන ආධාරකරුවන් සමඟ සබඳතා සංකීර්ණ කර ඇති බවද මෙම සතියේ අවධානයට ලක් විය. යුක්රේනයට Patriot මිසයිල ලබාදුන් යුරෝපා රටවල් කිහිපයෙන් එකක් වන පෝලන්තය සමඟද ආතතීන් මතුව තිබේ. යුක්රේන පාර්ශ්වය විසින් දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යෙව්හෙන් කොනොවාලෙට්ස්ගේ දේහය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පෝලන්තයේ විවේචනයට ලක්ව තිබේ.
මේ අතර, යුක්රේන හමුදා කළු මුහුදේ නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ද සෙලෙන්ස්කි සමඟ දැඩි ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා විය.
රුසියානු අත් අඩංගුවේ සිටි හිටපු ඇමරිකානු මැරීන් සෙබළෙකු නිදහස් කිරීම
රුසියා–ඇමරිකා සබඳතාවල රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නව චලනයක් ලෙස හිටපු ඇමරිකානු මැරීන් සෙබළ රොබට් ගිල්මන් රුසියාව විසින් නිදහස් කිරීම කැපී පෙනුණි.
2022 වසරේ රුසියාවේදී පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ගිල්මන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සමාව ලබාදී ඇති අතර, ඔහු අගෝස්තු 12 වනදා නැවත ඇමරිකාවට පැමිණියේය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ පුටින් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මානුෂීය පදනමක් මත ගිල්මන් නිදහස් කිරීමට රුසියාව එකඟ වූ බවයි. ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ්ද මෙම සාකච්ඡා සඳහා වැදගත් භූමිකාවක් ඉටු කළ බව වාර්තා විය.
ජර්මනියේ ඔත්තු සේවා බලතල පුළුල් කිරීම
ජර්මනිය තුළද ආරක්ෂාව සහ බුද්ධි සේවා බලතල පිළිබඳ විශාල විවාදයක් මතුව තිබේ.චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ ආණ්ඩුව යටතේ ඉදිරිපත් කර ඇති නව නීති යෝජනා අනුව, ජර්මනියේ විදේශ බුද්ධි සේවාව වන BND ආයතනයට රුසියාව සහ වෙනත් විදේශීය විරුද්ධ පාර්ශ්වයන්ට එරෙහි ආක්‍රමණශීලී සයිබර් ප්‍රහාර සිදු කිරීමට හැකියාව ලැබිය හැකිය.
එමෙන්ම, දේශීය බුද්ධි සේවාව වන BfV ආයතනයට ජර්මානු පුරවැසියන්ගේ ස්මාර්ට්ෆෝන් සහ පරිගණකවලට ඇතුළුවීමේ නව බලතල ලබාදීමටද යෝජනා වී තිබේ.
ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ට් මෙම නව බලතල “විප්ලවයක්” ලෙස විස්තර කර ඇති අතර, මොස්කව් එය ජර්මනියේ වැඩිවන හමුදාකරණයේ තවත් උදාහරණයක් ලෙස විවේචනය කර තිබේ.
ජර්මනියේ දක්ෂිණාංශික ඇෆ්ඪ් පක්ෂයද මෙම නීති විවේචනය කරමින්, එම බලතල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වෙනුවට වඩාත් දැඩි රාජ්‍ය පාලනයක් සඳහා යොදාගත හැකි බවට අනතුරු ඇඟවීය.
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ‘මක්කා ගිවිසුම’
මැදපෙරදිග බල සමතුලිතතාව වෙනස් කළ හැකි තවත් වැදගත් වර්ධනයක් ලෙස සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම දැක්විය හැකිය.
අගෝස්තු 7 වනදා මක්කාවේදී අත්සන් කරන ලද මෙම ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම යටතේ, එක් සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයක් රටවල් තුනටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී තිබේ.
මෙය ඇතැම් විචාරකයන් විසින් “ඉස්ලාමීය NATO” ලෙස හඳුන්වා ඇති අතර, මෙම නව සන්ධානයේ සැබෑ ආරක්ෂක හැකියාව සහ එක් රටකට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක අනෙක් රටවල් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තවමත් පැහැදිලිභාවයක් නොමැත. කෙසේ වුවද ඉරාන පාර්ශව්යෙන් මෙම ගිවිසුම විවේචනය කර ඇති අතර, එය “කඩදාසි ගිවිසුමක්” ලෙස හැඳින්වූ බවද වාර්තා විය.
මොස්කව්හි මැදපෙරදිග අධ්‍යයන මධ්‍යස්ථානයේ විශ්ලේෂකයන් මෙම ගිවිසුම මැදපෙරදිග බල සම්බන්ධතා සඳහා ඇති කළ හැකි බලපෑම් විශ්ලේෂණය කර තිබේ. එක් විශ්ලේෂණයකට අනුව, මෙම රටවල් තුනට ඇමරිකාවේ සෘජු මැදිහත්වීමකින් තොරව ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරට සම්බන්ධයෙන් වැළැක්වීමේ බලයක් ගොඩනැගීමට සිදුවනු ඇත. තවත් මතයකට අනුව, මෙම ගිවිසුම තුර්කියට සිය විශාල ආරක්ෂක කර්මාන්තය භාවිත කර කලාපයේ බලපෑම තවදුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් විය හැකිය.
මේ අතර, න්‍යෂ්ටික අවි සහිත පාකිස්තානය නව ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම ඉන්දියාවටද සැලකිලිමත් විය යුතු කරුණක් බව විශ්ලේෂක රොබින්දර් නාත් සච්දේව් පෙන්වා දී තිබේ.
ටකර් කාල්සන්ගේ ප්‍රකාශ සහ ඇමරිකානු දේශපාලනය
ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන්ද මෙම සතියේ ජාත්‍යන්තර දේශපාලන අවධානයට ලක් වූ පුද්ගලයෙකි. RT මාධ්‍යවේදී රික් සැන්චෙස් සමඟ පැවති පැයකට ආසන්න සම්මුඛ සාකච්ඡාවකදී කාල්සන් ඇමරිකානු දේශපාලන පද්ධතිය, “ස්ථිර නිලධාරි තන්ත්‍රය” සහ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ අතර විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවතින එකඟතාව පිළිබඳව දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය. ජනාධිපති ධුරයට තරග කිරීමට තමන්ට කිසිදු සැලසුමක් නොමැති බව පැවසූ කාල්සන්, ඇමරිකාවේ දේශපාලන බල ව්‍යුහය තුළ මුදල් සහ විදේශ ප්‍රතිපත්තිය අතර පවතින සම්බන්ධතාව පිළිබඳවද අදහස් දැක්වීය. ඔහුගේ අදහස අනුව, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක දේශපාලනික වශයෙන් එකිනෙකාට දැඩි ලෙස විරුද්ධ බව පෙනුණද, ඇමරිකාවේ මුදල් හා විදේශ ප්‍රතිපත්තියේ ඇතැම් මූලික කරුණු සම්බන්ධයෙන් දෙපක්ෂය අතර සැලකිය යුතු එකඟතාවක් පවතී. බලවත් මුදල් අවශ්‍යතා, ආර්ථික හා දේශපාලන බලවේග මෙන්ම වොෂින්ටනයේ විදේශ ප්‍රතිපත්ති යන්ත්‍රණය පක්ෂ දෙකේම දේශපාලනය කෙරෙහි බලපෑම් කරන බව ඔහු තර්ක කළේය.
ඒ අනුව, ඇමරිකානුවන්ට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකක් පවතින බව පෙනුණද, ඇතැම් මූලික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒවා එකම දේශපාලන පද්ධතියක කොටස් ලෙස ක්‍රියා කරන බව කාල්සන් පැවසීය. ර්‍ඨ් පුවත් සේවය ඉදිරිපත් කළ වාර්තාවට අනුව, ඔහු මෙම තත්ත්වය “ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස පෙනී සිටින එක්-පක්ෂ රාජ්‍යයක්” ලෙස විස්තර කළේය.
කාල්සන්ගේ විවේචනයේ තවත් ප්‍රධාන කරුණක් වූයේ ඇමරිකාවේ “ස්ථිර නිලධාරි තන්ත්‍රය” සහ එහි විදේශ ප්‍රතිපත්ති තීරණ කෙරෙහි පවතින බලපෑමයි. ඔහුගේ අදහස අනුව, මැතිවරණ හරහා ජනාධිපතිවරුන් සහ ආණ්ඩු වෙනස් වුවද, රාජ්‍ය යන්ත්‍රණයේ ඇතැම් බලවත් කොටස් අඛණ්ඩව පවතින අතර, එමගින් ඇමරිකාවේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති දිශානති අඛණ්ඩව පවත්වාගෙන යාමට බලපෑම් කළ හැකිය.
මේ අතර, 2020 ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ මතභේදයට තුඩුදුන් Hunter Bidenගේ ලැප්ටොප් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු බෙදාගැනීම සඳහා ඊශ්‍රායලය තමන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ බවටද කාල්සන් ප්‍රකාශ කළේය.
වොෂින්ටනයේ නවකොන්සර්වේටිව් දේශපාලන බලවේග, ඔහු “යුද ලොබිය” ලෙස හඳුන්වන කණ්ඩායම් සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ඊශ්‍රායලයට පවතින බලපෑම සම්බන්ධයෙන්ද කාල්සන් දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය. මෙම කරුණු පිළිබඳව තමන් ඉදිරියේදීද ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට සූදානම් බව ඔහු අවධාරණය කළේය.
බටහිර ඉවුරේ පලස්තීන පවුල් වටලෑම
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේ තවත් උණුසුම් සිදුවීමක් ලෙස බටහිර ඉවුරේ Qusra ගම්මානයේ පලස්තීන පවුල් තුනක් සිය නිවාස තුළ වටලෑම දැක්විය හැකිය.
සන්නද්ධ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් මෙම පවුල්වල නිවාස වටලා ඇති බවට වාර්තා පළ වූ අතර, එම පවුල්වලින් එක් පවුලකට ඇමරිකාවේ ජීවත් වන ඥාතීන් සිටීම හේතුවෙන් වොෂින්ටනයෙන් සාමාන්‍යයට වඩා දැඩි ප්‍රතිචාරයක් ලැබුණි.
ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති මයික් හකබී මෙම පදිංචිකරුවන් “ඊශ්‍රායල ත්‍රස්තවාදීන්” ලෙස හැඳින්වූ අතර, පලස්තීන පවුලක නිවස වටලා එලෙස හැසිරීම අපරාධයක් බව ප්‍රකාශ කළේය.
RT පුවත් සේවයේ මාධ්‍යවේදිනී චාලට් ඩුබෙන්ස්කි Qusra වෙත ගියද, ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රදේශයට ඇතුළුවීමට අවසර ලබා තිබියදීත්, පදිංචිකරුවන් විසින් ඇගේ කණ්ඩායමට බාධා කිරීම හේතුවෙන් වටලා තිබූ පලස්තීන නිවාස වෙත ළඟාවීමට නොහැකි වූ බව ර්‍ඨ් පුවත් සේවය වාර්තා කළේය.
වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර බල සම්බන්ධතා
මෙම සතියේ සිදුවීම් එකිනෙකින් වෙන් වූ සිදුවීම් ලෙස පෙනුණද, ඒවා අතර පොදු සම්බන්ධයක් දක්නට ලැබේ. යුක්රේන යුද්ධය තවදුරටත් දිග්ගැස්සෙමින් පවතින අතර රුසියාව සිය ප්‍රතිචාර දැඩි කරමින් සිටී. ඒ අතරම, රුසියාව සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තුළ සිරකරුවන් නිදහස් කිරීම වැනි සීමිත නමුත් වැදගත් ක්‍රියාමාර්ගද සිදුවෙමින් පවතී.
මැදපෙරදිග සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය නව ආරක්ෂක රාමුවක් ගොඩනඟමින් සිටින අතර, ජර්මනිය සිය බුද්ධි සේවා සඳහා නව බලතල සකස් කරමින් සිටී. එමෙන්ම බටහිර ඉවුරේ සිදුවීම් මගින් ඇමරිකා–ඊශ්‍රායල සබඳතාවල සීමාවන් සහ අභ්‍යන්තර ආතතීන් පිළිබඳවද නව ප්‍රශ්න මතු වී තිබේ.
ඒ අනුව, මෙම සතියේ සිදුවීම් පෙන්වා දෙන්නේ යුක්රේනයේ යුද්ධය පමණක් නොව, යුරෝපය, මැදපෙරදිග සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ඇතුළු පුළුල් ජාත්‍යන්තර බල ව්‍යුහයද වේගයෙන් වෙනස් වෙමින් පවතින බවයි.
Lanka Leader කතෘ මණ්ඩලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්