News Category
From Date
To Date
Maximum Number of Result

විනිශ්චයාසනය, ස්නායු-විද්‍යාව සහ වෘත්තීය යථාර්ථය: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම වෛද්‍ය විද්‍යාවට අනුව අහිතකරයි..!

Aug 17, 2026 at 09:01 AM
|

ශ්‍රී ලංකාව තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම පිළිබඳ යෝජනාවත් සමඟ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතුව තිබේ. විනිශ්චයාසනයේ පරිණතභාවය, ස්නායු-විද්‍යාත්මක යථාර්ථය, වෛද්‍ය විද්‍යාත්මක පදනම, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල ඇති අවසානාත්මක ස්වභාවය සහ අනෙකුත් ප්‍රධාන වෘත්තීන් (විශේෂඥ වෛද්‍යවරුන් සහ නීතිඥවරුන්) සමඟ ඇති වෙනස්කම් පිළිබඳව ගැඹුරින් විමසා බලමින් නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාව ඇසුරින් මේ ලිපිය සැකසේ.

ස්නායු-විද්‍යාව සහ වයස්ගත වන මොළය

ප්‍රශ්නය :: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව පිටුපස ඇති විද්‍යාත්මක සහ ස්නායු-වෛද්‍යමය (Neuro-medical) ගැටලුව පැහැදිලි කළ හැක්කේ කෙසේද?

පිළිතුර: විනිශ්චයාසනය යනු යම් සමාජයක සාධාරණත්වය, යුක්තිය සහ මිනිස් ජීවිතවල පැවැත්ම තීරණය වන ශුද්ධ වූ ස්ථානක්. එම අසුන හොබවන විනිසුරුවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ අතිශය අපක්ෂපාතී, තියුණු සහ ක්ෂණික බුද්ධියෙන් යුත් තීන්දු තීරණයන්ය.

ජීව විද්‍යාත්මකව බලන කල වයස අවුරුදු 60 ඉක්මවන විට මිනිස් මොළයේ යම් යම් ක්ෂය වීම් සහ සෛල පිරිහීම (Neurodegeneration) සිදුවීම ස්වාභාවිකම සිදුවනවාසිදුවෙනවා.. විශේෂයෙන්ම තර්කනය, සූක්ෂ්ම තීරණ ගැනීම, සංකීර්ණ ගැටලු විසඳීම සහ මතකය පාලනය කරන මොළයේ  'පූර්ව බාහිකය' (Prefrontal Cortex) වයස්ගත වීමත් සමඟ අනෙකුත් කොටස්වලට වඩා වේගයෙන් ක්ෂය වීමට (Age-related Atrophy) පටන් ගන්නවා..

මෙම තත්ත්වය සාමාන්‍ය ව්‍යවහාරයේදී MCI (Mild Cognitive Impairment) ලෙස හඳුන්වන අතර, මතුපිටින් ක්ෂණිකව ඩීමෙන්ෂියා (Dementia) ලෙස හඳුනාගත නොහැකි වුවද, සංකීර්ණ මානසික කාර්යයන් කිරීමේ හැකියාව සහ තොරතුරු පිරිසැකසුම් කිරීමේ වේගය (Processing Speed) මෙ මගින්  අඩපණ වනවා. විද්‍යාත්මක දත්ත පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60 ට අඩු ජනගහනය අතර ඩිමෙන්ෂියා තත්ත්වය ඉතා දුර්ලභ (0.1% ට වඩා අඩු) මට්ටමක පැවතුණ ද, වයස අවුරුදු 60 න් පසු සහ විශේෂයෙන්ම අවුරුදු 60 ත් 67 ත් අතර වන විට රෝගී වීමේ අවදානම 20 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් සීඝ්‍රයෙන් ඉහළ යන බවයි. එම නිසා මෙම වයස් කාණ්ඩයේදී වියුක්ත චින්තනය, තර්කානුකූලව කරුණු ගලපා ගැනීම සහ නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව බිඳ වැටීමට ලක්වන්න පුළුවන්..

ප්‍රශ්නය ; මොළයේ 'තරල බුද්ධිය' (Fluid Intelligence) සහ 'ස්ඵටිකීභූත බුද්ධිය' (Crystallized Intelligence) යන සංකල්ප විනිසුරු රාජකාරියට බලපාන්නේ කෙසේද?

පිළිතුර: මෙය ඉතා වැදගත් විද්‍යාත්මක වෙනසක්.. වයස්ගත වීමත් සමඟ අපගේ මොළයේ බුද්ධිමය මානයන් දෙකක් ක්‍රියාත්මක වනවා :

ස්ඵටිකීභූත බුද්ධිය (Crystallized Intelligence): කියන්නේ. වසර ගණනාවක අධ්‍යාපනය, වෘත්තීය පළපුරුද්ද, සංකල්පීය දැනුම සහ පරිණතභාවයයි. වයසත් සමඟ මෙය මුහුකුරා යනවා..

තරල බුද්ධිය (Fluid Intelligence): කියන්නේ  අලුත් ගැටලු නිරවුල් කිරීමේ ස්නායුමය හැකියාව, ක්ෂණික තර්කනය, පවතින දත්ත මනසේ තබාගෙන සූක්ෂ්ම ලෙස විශ්ලේෂණය කිරීමේ සහ කෙටිකාලීන මතකයේ  එහෙම නැත්නම් ක්‍රියාකාරී මතකයේ (Working Memory) සක්‍රීය භාවයයි.

විනිසුරුවරයෙකුට පරිණතභාවය (Crystallized Intelligence) කොතරම් තිබුණද, දීර්ඝ නඩුවකදී එකිනෙකට පරස්පර සාක්ෂි සිය ගණනක්, නීතිමය පූර්වාදර්ශ සහ වාචික සාක්ෂි එකවර සිය මනසේ තබා ගනිමින් තර්ක කිරීමට 'Fluid Intelligence' අත්‍යවශ්‍ය වනවා.. වයසත් සමඟ පූර්ව මස්තිස්ක බාහිකය අඩපණ වන විට වඩාත්ම හානි වන්නේ මෙම තරල බුද්ධියට සහ කෙටිකාලීන මතකයටයි. එබැවින් වයස 67 දක්වා දීර්ඝ කිරීමෙන් නඩු විසඳීම "වේගවත්" වනවා වෙනුවට සිදුවිය හැක්කේ තීන්දු ප්‍රකාශ කිරීම ප්‍රමාද වීම සහ මානසික වෙහෙස නිසා නීතිමය වැරදීම් සිදුවීමේ අවදානම ඉහළ යාමේ හැකියාව තියෙනවා.

ප්‍රශ්නය :: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අතින් වයස්ගත වීම නිසා යම් ප්‍රජානනමය හෝ නීතිමය වැරදීමක් (Cognitive Error) සිදුවුවහොත්, චූදිතයාට හෝ අදාළ පාර්ශ්වයට සිදුවන බලපෑම කොතරම් බරපතලද?

පිළිතුර: මෙය අධිකරණ පද්ධතියක පවතින අතිශය තීරණාත්මක සහ සංවේදී පැතිකඩක්. පහළ අධිකරණයකින් (මහේස්ත්‍රාත්, මහාධිකරණ හෝ අභියාචනාධිකරණ) ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ වැරදීමක් සිදුවුවහොත්, ඊට එරෙහිව ඊළඟ ඉහළ අධිකරණයට අභියාචනා කිරීමේ නීතිමය පිළිසරණක් සහ අයිතියක් පාර්ශ්වයන්ට තියෙනවා..

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය  යනු රටක ශීර්ෂගත අධිකරණය හෙවත් අවසාන අභියාචනාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන තීන්දුවකට එරෙහිව නැවත අභියාචනය කිරීමට වෙනත් කිසිදු අධිකරණයක් හෝ උසස් නීතිමය යාන්ත්‍රණයක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නැහැ.

ඒ නිසා  වයස්ගත වීමත් සමඟ ඇතිවන ප්‍රජානන හීනතාවය (Cognitive Decline), තොරතුරු අමතක වීම, සාක්ෂි මැන බලද්දී සිදුවන සූක්ෂ්ම වැරදීම් හෝ මානසික වෙහෙස නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අතින් වැරදි තීන්දුවක් ලබා දුන්නොත් 

අහිංසක චූදිතයෙකුට හෝ පාර්ශ්වයකට ඊට එරෙහිව අභියාචනය කිරීමට වෙනත් කිසිදු නීතිමය පිළිසරණක් නැහැ.

එමගින් පුද්ගලයෙකුගේ නිදහස, ජීවිත කාලය පුරා රැස්කළ දේපළ, හෝ පෞද්ගලික ගෞරවය සදාකාලිකවම අහිමි වී යාමේ දැඩි අවදානමක් නිර්මාණය වනවා .

අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීමට මෙය හේතු වන්නට පුළුවන්..

ඒ නිසා  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල ඇති මෙම "අවසානාත්මක භාවය" නිසාවෙන්ම, එහි සේවය කරන විනිසුරුවරුන්ගේ මානසික සහ ස්නායුමය සුක්ෂමතාවය ඉහළම මට්ටමක පැවැතීම අත්‍යවශ්‍ය කරුණක් වනවා 

ප්‍රශ්නය : ඇමෙරිකා එක්සත් ජනපදයේ විනිසුරුවරුන්ට ජීවිත කාලය පුරාවටම (Lifetime Tenure) ධුරය දැරීමට අවස්ථාව ලැබී ඇත්තේ කෙසේද? එහි පදනම කුමක්ද?

පිළිතුර: ඇමෙරිකානු ක්‍රමය පිටුපස ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක තර්කයකට වඩා දේශපාලනික සහ ව්‍යවස්ථාපිත පදනමක්.. 18 වන සියවසේ සකස් කළ ඇමෙරිකානු ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය මගින් ෆෙඩරල් විනිසුරුවරුන්ට ජීවිතාන්තය දක්වා ධුර කාලයක් ලබා දුන්නේ දේශපාලන බලපෑම්වලින් තොරව, විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ තර්ජනවලින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටයි.

එහෙත් ප්‍රායෝගිකව එහිදීද යම් යම් පිළියම් යොදා තියෙනවා. වයස 65-70 පසුවන විට බොහෝ ඇමෙරිකානු විනිසුරුවරුන් "Senior Status" හෙවත් අර්ධ-විශ්‍රාමික තත්ත්වයට පත්වී තමන්ගේ නඩු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවෙන් පවත්වා ගන්නවා.. එමෙන්ම ලියකියවිලි කියවීමට, නීතිමය පර්යේෂණ කිරීමට සහ කෙටුම්පත් සකස් කිරීමට දක්ෂ තරුණ නීතිඥයින් සහ පර්යේෂණ සහායකයින් කණ්ඩායමක් ඔවුන් යටතේ සේවය කරනවා..

ප්‍රශ්නය : ඇමෙරිකාවේ මෙම ජීවිතාන්තය දක්වා වූ ධුර කාලය නිසා මතුව ඇති අහිතකර ප්‍රතිවිපාක සහ "Judicial Dementia" පිළිබඳ තත්ත්වය පැහැදිලි කරන්නේ කෙසේද?

පිළිතුර: සහායක පද්ධතීන් තිබියදී පවා, වර්තමානයේ ඇමෙරිකාව තුළ "Judicial Dementia" (අධිකරණමය ඩීමෙන්ෂියා) පිළිබඳ විශාල කතාබහක් සහ අර්බුදයක් නිර්මාණය වී තියෙනවා . ඊට හේතු කිහිපයක් බලපානවා. වයස්ගත විනිසුරුවරුන් තමන්ගේ මානසික ධාරිතාව හෝ මතකය අඩුවී ඇති බව පෞද්ගලිකව පිළිගැනීමට කැමති නැහැ.

ඒ වගේම ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ෆෙඩරල් විනිසුරුවරයෙකු ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයක්  මගින් පමණයි. මානසික පිරිහීම හෝ ඩිමෙන්ෂියාව යනු දෝෂාභියෝගයකට අදාළ වන "දූෂණය" හෝ "දේශද්‍රෝහීකම" වැනි වරදක් නොවන බැවින්, සෞඛ්‍ය හේතූන් මත විනිසුරුවරයෙකු තනතුරෙන් ඉවත් කිරීම අතිශය දුෂ්කර වනවා.

වයස්ගත විනිසුරුවරුන් නඩු විභාග අතරතුර නින්දට වැටීම, නඩු කරුණු අමතක වීම, සහ තීන්දු ප්‍රකාශයට පත් කිරීමට වසර ගණනාවක් ගතකිරීම වැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා..

මේ නිසා වර්තමාන ඇමෙරිකානු නීතිඥ සංගම් සහ නීති විශාරදයින් පවා විනිසුරුවරුන්ට නිශ්චිත අනිවාර්ය විශ්‍රාම  වයස් සීමාවක් හෝ නිතිපතා සිදුකෙරෙන වෛද්‍ය පරීක්ෂණ යොදා ගත  යුතුයි යන මතය දැඩි ලෙස ඉදිරිපත් කරමින් සිටිනවා. 

ප්‍රශ්නය :: රාජ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් අවුරුදු 63න් විශ්‍රාම ගියත්, පෞද්ගලික අංශයේ දීර්ඝ කාලයක් සාර්ථකව වැඩ කිරීමට ඔවුන්ට හැකි වන්නේ මන්ද? එය විනිසුරුවරයෙකුගේ රාජකාරියෙන් වෙනස් වන්නේ කෙසේද?

පිළිතුර: බැලූ බැල්මට ශල්‍යකර්මයක් කරන වෛද්‍යවරයෙකුගේ කාර්යයට වඩා විනිසුරුවරයෙකුගේ කාර්යය මානසික එකක් පමණක් ලෙස පෙනුනද, ස්නායු-විද්‍යාත්මකව බලන කල මොළයේ සූක්ෂ්ම සක්‍රීය ක්‍රියාකාරීත්වය වැඩිපුරම අවශ්‍ය වන්නේ විනිසුරුවරයාටයි..

පෞද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය සහ විනිසුරුවරයෙකුගේ සේවය අතර පවතින ප්‍රධාන වෙනස්කම් කරුණු 3ක් ඔස්සේ විස්තරාත්මකව දක්වන්න පුළුවන්.:

1. තීරණ ගැනීමේ පදනම: 

පෞද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු තීරණ ගනු ලබන්නේ වසර ගණනාවක අත්දැකීම් මගින් තහවුරු වූ 'ස්ඵටිකීභූත බුද්ධිය (Crystallized Intelligence)' පදනම් කරගෙනයි. රෝගියාගේ රෝග විනිශ්චය සඳහා රසායනාගාර වාර්තා, ඡායාරූප (X-rays, MRI/CT Scans) සහ ජාත්‍යන්තර සම්මත ප්‍රතිකාර මාර්ගෝපදේශ (Protocols) උපකාර කරගන්නවා. . එම නිසා වෛද්‍යවරයාගේ මානසික සූක්ෂමතාවයේ සුළු ප්‍රමාදයක් සිදු වුවද, විද්‍යාත්මක වාර්තා මගින් නිවැරදි තීරණයට එළඹීමට සහාය ලැබෙනවා.

නමුත් විනිසුරුවරයෙකුගේ රාජකාරිය සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ 'තරල බුද්ධිය (Fluid Intelligence)' සහ ඒකල තර්කනය මතය. විනිසුරුවරයෙකුට නඩුවක් නිරවුල් කිරීමේදී මෙලෙස යන්ත්‍ර සූත්‍ර හෝ රසායනාගාර වාර්තා  යැපීමේ හැකියාවක් නැහැ. එකිනෙකට පරස්පර වාචික සාක්ෂි, නීතිමය පූර්වාදර්ශ සහ සංකීර්ණ නීතිමය තර්ක තනිවම මනසේ ගලපා ගනිමින් යුක්තිය පසිඳලිම ඔහු විසින් සිදු කළ යුතු වනවා. 

2. කණ්ඩායම් සහාය 

විශේෂඥ වෛද්‍යවරයෙකු වටා සෑම විටම පුළුල් කණ්ඩායම් සහායක් (Multidisciplinary Team) පවතිනවා.. කනිෂ්ඨ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, පරීක්ෂණාගාර තාක්ෂණවේදීන් සහ නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් වෛද්‍යවරයාගේ රාජකාරියට සෘජු සහාය ලබා දෙනවා.. එම නිසා තනි පුද්ගලයෙකු අතින් සිදුවිය හැකි වැරදීම් පද්ධතියක් ලෙස අවම කරගැනීමේ හැකියාව පවතිනවා.

එහෙත් අධිකරණයේදී විනිසුරුවරයා ක්‍රියා කරන්නේ සෘජු තනි වගකීමක් සහිතවය. සාක්ෂි මැන බලද්දී හෝ නඩුවේ තීන්දුව ලියද්දී එම වගකීම වෙනත් කිසිදු කනිෂ්ඨ නිලධාරියෙකුට පැවරීමට විනිසුරුවරයාට නීතිමය හැකියාවක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනා අධිකරණයේ විනිසුරු මඩුල්ලක් නඩුවක් විසඳීමට සිටියද ඔවුන් තීන්දු ගන්නේ තනි තනිවයි වෙනත් අයෙකුගේ සහයෝගයක් ඊට ලබා ගන්නේ නැහැ.

3. කාර්යභාර පාලනය (Workload Control) විනිසුරුවරයෙකුට ලැබෙන පාලනය කළ නොහැකි නඩු ප්‍රමාණය

පෞද්ගලික අංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකුට තමන්ගේ වයස සහ ශාරීරික ධාරිතාව අනුව පරීක්ෂා කරන රෝගීන් ගණන සීමා කිරීමට, වෙහෙසකර දීර්ඝ ශල්‍යකර්ම නොකර සිටීමට හෝ තමන් කැමති වේලාවක විවේක ගැනීමට පූර්ණ ස්වේච්ඡා නිදහස (Self-Regulation) තියෙනවා. 

නමුත් අධිකරණ පද්ධතිය තුළ සේවය කරන විනිසුරුවරයෙකුට තමන් වෙත දිනපතා යොමු වන නඩු සංඛ්‍යාව පෞද්ගලිකව සීමා කිරීමට හැකියාවක් නැහැ. අධිකරණයේ නඩු ලැයිස්තුවට ඇතුළත් වන සියලුම සංකීර්ණ නඩු විභාග කිරීමට සහ තීන්දු ලබාදීමට විනිසුරුවරයා බැඳී සිටිනවා.

.ප්‍රශ්නය :: නීතිඥයින්ට වයස් සීමාවකින් තොරව ජීවිත කාලය පුරාම නීතිඥ වෘත්තියේ යෙදීමට හැකි වුවද, විනිසුරුවරයෙකුට එම නිදහස ලබාදීමට නොහැකි වීමට බලපාන හේතු මොනවාද?

පිළිතුර: නීතිඥවරුන්ට ජීවිත කාලය පුරාම වෘත්තියේ යෙදීමට හැකි වුවත්, විනිසුරුවරයෙකුගේ කාර්යභාරයට සාපේක්ෂව නීතිඥවරයෙකුගේ වෘත්තීය ව්‍යුහය, වගකීම සහ විද්‍යාත්මක පදනම සම්පූර්ණයෙන්ම වෙනස්. මේ සඳහා ප්‍රධාන කරුණු 4ක් බලපානවා:

1. තීරණ ගැනීමේ බලය සහ ඒකපාර්ශ්වික බව:

විනිසුරුවරයෙකු කියන්නේ  අපක්ෂපාතීව නඩුවේ දෙපාර්ශ්වයේම සාක්ෂි එකවර මනසේ තබාගෙන, නීතිය සහ කරුණු ගලපා අවසානාත්මක යුක්තිය ඉටුකළ යුතු පුද්ගලයෙක්. එහිදී පූර්ව මස්තිස්ක බාහිකයේ 'ක්‍රියාකාරී මතකය (Working Memory)' සහ 'විධායක ක්‍රියාකාරීත්වය (Executive Functioning)' උපරිම මට්ටමින් පැවතිය යුතුය.

නමුත් නීතිඥවරයෙකු ක්‍රියා කරන්නේ එක් පාර්ශ්වයක් වෙනුවෙන් පමයි. ඔහුට සමස්ත නඩුවේම මැදිහත්කරුවෙකු වීමට සිදුවන්නේ නැහැ. තමන්ගේ පාර්ශ්වයේ ජයග්‍රහණය උදෙසා අදාළ තර්කය පමණක් ඉදිරිපත් කිරීම තමයි ඔහුගේ ප්‍රධාන කාර්යය.

2. ස්වේච්ඡා සේවා නියුක්තිය සහ වෙළඳපොළ තරගකාරීත්වය:

නීතිඥවරයෙකුගේ මානසික හෝ ශාරීරික ධාරිතාව වයසත් සමඟ අඩුවුවහොත්, සේවාදායකයින් ස්වේච්ඡාවෙන්ම වෙනත් තරුණ/කාර්යක්ෂම නීතිඥවරුන් වෙත යොමු  වනවා. ඒ කියන්නේ , වෙළඳපොළ ස්වයංක්‍රීයවම නීතිඥවරයෙකුගේ සේවය පාලනය කරනවා. ඒත් අධිකරණයකට පැමිණෙන ජනතාවට විනිසුරුවරයාව තෝරාගැනීමේ අයිතියක් නැහැ.. විනිසුරුවරයාගේ මානසික ධාරිතාව හීන වුවද, ජනතාවට සිදුවන්නේ එම විනිසුරුවරයා ලබාදෙන තීන්දුවට යටත් වීමටයි..

3. කාර්යභාරය බෙදාගැනීමේ නම්‍යශීලීභාවය

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වයස්ගත වන විට, නඩුවලට අදාළ ලේඛන කියවීම, නීති පර්යේෂණ කිරීම සහ කෙටුම්පත් සකස් කිරීම කරනු ලබන්නේ ඔහු යටතේ සිටින කනිෂ්ඨ නීතිඥවරුන් .. ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කරන්නේ තමන්ගේ දීර්ඝ කාලීන අත්දැකීම් මත පදනම්ව උපදෙස් දීම පමණයි.. නමුත් විනිසුරුවරයෙකුට තමන්ගේ තීන්දුව ලිවීමේ හෝ සාක්ෂි මැන බැලීමේ වගකීම වෙනත් කෙනෙකුට පවරන්න බැහැ.

4. මානසික වෙහෙස පාලනය කරගැනීමේ හැකියාව 

නීතිඥවරයෙකුට තමන්ගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය අනුව භාරගන්නා නඩු ප්‍රමාණය සීමා කිරීමට හෝ නඩුවලින් ඉවත් වීමට පූර්ණ නිදහස තියෙනවා.. නමුත් අධිකරණයක සේවය කරන විනිසුරුවරයෙකුට දිනපතා තමන් වෙත යොමු වන සියලුම නඩු විභාග කිරීමට සිදු වන අතර, නඩු ප්‍රමාණය පාලනය කරගැනීමට ඔහුට පෞද්ගලිකව නිදහසක් නැහැ.

ප්‍රශ්නය ; විනිසුරුවරුන් මුහුණ දෙන වෘත්තීය මානසික විඩාව (Burnout) සහ ද්විතීයික කම්පන ආතතිය (Secondary Traumatic Stress) යනු මොනවාද?

පිළිතුර: විනිසුරු වෘත්තිය හුදෙක් බුද්ධිමය වෙහෙසකින් පමණක් සීමා වන්නේ නැහැ . ලෝකයේ විවිධ අධිකරණ පද්ධතීන් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයන් හෙළි කරන්නේ, විනිසුරුවරුන් තම වෘත්තියේදී මහත් වශයෙන් වෘත්තීමය මානසික විඩා (Burnout) තත්ත්වයකට මෙන්ම ද්විතීයික කම්පන ආතතියකට ද (Secondary Traumatic Stress) ලක්වන බවයි.

දිගින් දිගටම ඝාතන, ළමා අපචාර, සහ ත්‍රාසජනක අපරාධ වැනි කම්පනකාරී සාක්ෂි හා නඩු කරුණු වලට නිරාවරණය වීම නිසා මෙම තත්ත්වය හටගන්නවා. 2025 වර්ෂයේ නවසීලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පර්යේෂණවලින් හෙළි වූයේ විනිසුරුවරුන්ට අධික නඩු ප්‍රමාණය, සංකීර්ණ නඩු, අවම නිවාඩු කාලය සහ ඉහළ පෞද්ගලික මෙන්ම මහජන අපේක්ෂාවන්ට මුහුණ දීමට සිදුවීම නිසා මානසික විඩාව, නින්දේ ගැටලු සහ හුදකලාව අත්විඳින බවත්. වෘත්තීමය ආතතිය මගින් මොළයේ මතක ධාරිතාව අඩුකරන අතර තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට සෘජුව හානි කරන බවයි 

ප්‍රශ්නය : වෘත්තීය ආචාර ධර්ම නිසා ඇතිවන 'සමාජීය හුදකලාව' විනිසුරුවරයෙකුගේ සෞඛ්‍යයට සහ විශ්‍රාම වයසට බලපාන්නේ කෙසේද?

පිළිතුර: විනිසුරු වෘත්තියේ ආචාර ධර්ම හා නීතිපිළිවෙත් අනුව, විනිසුරුවරයෙකුට සමාජයේ නිදහස්ව හැසිරීමට, විවිධ පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ගැනීමට සහ මහජන ස්ථානවල නිදහසේ කාලය ගත කිරීමට ඇති හැකියාව සීමා වනවා. ලබැඳියාවන්  අතර ගැටුම් ඇතිවීම වැළැක්වීමට පාර්ශ්වකරුවන් සහ මහජනතාව සමඟ ඇති සම්බන්ධතා සීමා කිරීම නිසා ඔවුන් බොහෝවිට තමන්ගේම වෘත්තීමය කවයෙන් පිටත මිතුරන් අහිමි කරගන්නවා.

ඇමරිකානු මනෝ විද්‍යාඥ අයිසයියා සිමර්මන් (Isaiah Zimmerman) පෙන්වා දුන් පරිදි, විනිසුරුවරුන් මෙලෙස සමාජීය හුදකලාව අත්විඳිතවා. විශ්‍රාම වයස දීර්ඝ කිරීම කියන්නේ මෙම හුදකලා තත්ත්වය තුළ වැඩි කලක් රැඳී සිටීමට සිදුවීමයි. ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ අධික නඩු ප්‍රමාණය, කාර්ය මණ්ඩල හිඟය සහ යටිතල පහසුකම් මඳකම හමුවේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් විනිසුරුවරුන්ට මෙම හුදකලාව සහ පීඩනය තවත් වැඩි කාලයක් දරාගැනීමට සිදුවනවා..

ප්‍රශ්නය :ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ පරිණතභාවයෙන් ප්‍රයෝජන ගන්නා අතරම අධිකරණයේ ගුණාත්මකභාවය සුරැකීමට ලෝකයේ භාවිත වන ප්‍රගතිශීලී විසඳුම් මොනවාද?

පිළිතුර: මෙම සංකීර්ණ අර්බුදයට මුහුණ දීම සඳහා ලෝකයේ විවිධ අධිකරණ පද්ධතීන් විවිධ ප්‍රවේශයන් අනුගමනය කරනවා. උදාහරණ ලෙස, 

වාර්ෂික ප්‍රජානන ඇගයීම් (Cognitive Screening): ඇතැම් බටහිර රටවල ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් නිශ්චිත වයස් සීමාවන් පසු කිරීමේදී, ඔවුන්ගේ මතකය සහ තර්කන ධාරිතාව මැන බැලීම සඳහා සරල වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රජානන තක්සේරුකරණයන්ට භාජනය කරනවා

ඒ වගේම සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන තනතුර දැරිය හැකි උපරිම විශ්‍රාම වයස් සීමාවක් නියම කොට නීතිමය වශයෙන් ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරනවා මීට අමතරව

විනිසුරුවරුන්ගේ සුබසාධන වැඩසටහන් උදාහරණ ලෙස : මනෝ උපදේශන සේවා, සම වයස්කාර සහාය (Peer Support) සහ නිතිපතා විවේක ලබාදීමේ ක්‍රමවේද හඳුන්වා දීම.වැදගත් වනවා.

 ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ අගනා පළපුරුද්ද සෘජුවම නඩු ඇසීමේ සහ තීන්දු දීමේ කාර්යයෙන් බැහැරව, නීති ප්‍රතිසංස්කරණ, පර්යේෂණ හෝ උපදේශන මණ්ඩල වැනි ක්ෂේත්‍රයන් වෙත යොමු කරවා ගැනීම.සඳහා ක්‍රමවේදයක් සැකසීම ඉතා සුදුසු වනවා. 

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ තීරණ ගැනීමේදී එය හුදෙක් පරිපාලනමය හෝ දේශපාලනික කෝණයකින් පමණක් දෙස බැලීම ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට එරෙහිව අභියාචනා නොමැති පසුබිමක, විනිසුරුවරයෙකුගේ මානසික මන්දගාමීත්වයක් නිසා සිදුවන එකදු වැරදීමක් වුවද අහිංසක ජීවිතයක අයිතිවාසිකම් සදාකාලිකවම විනාශ කිරීමට හේතු විය හැක. එබැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම "කාර්යක්ෂමතාව වැඩි කිරීමක්" ලෙස අර්ථ දැක්වීම වෛද්‍ය විද්‍යාත්මකව පදනම් විරහිත වන අතර, නවීන ස්නායු-විද්‍යාත්මක සොයාගැනීම් කෙරෙහිද අවධානය යොමුකරමින් විද්‍යාත්මක වයස් සීමාවක් පවත්වා ගැනීම කාලීන අවශ්‍යතාවකි.

ඉරිදා ලංකාදීප

2026.08.09

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.