
යුක්රේනයට දීමට තරම් පෙන්ටගනය සතුව මුදල් නැහැ - පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර්
එක්සත් ජනපද ආණ්ඩුවට යුක්රේනය සඳහා මිලිටරි ආධාර දීමට තරම් අරමුදල් නැති බව, පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර් මාධ්‍ය වෙත පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීති සම්පාදකයින් නව ආධාර පැකේජයක් සම්මත නොකරන්නේ නම් වොෂින්ටනයට යුක්‍රීනයට දීමට “මුදල් නැති” බවද ඔහු සඳහන් කළේය.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්දක්වමින් රයිඩර්, යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ සම්පාදනය කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 4.2ක් වියදම් කිරීමට පෙන්ටගනයට අවසර දී ඇති නමුත් සැබෑ අරමුදල් ලබා ගත නොහැකි බව පෙන්වා දුන්නේය. එම මුදල් වැය කිරිමට නම් කොන්ග්‍රසය විසින් එම මුදල් වෙන් කළ යුතු බවද අවධාරණය කළේය.
“පවතින අරමුදල්වලින් එම ඩොලර් බිලියන 4.2 වියදම් කිරීමට අපට බලය තිබෙනවා. නමුත් මුදල් පිටතට ගැනීමෙන් හෝ අපගේ සටහන් වලින් ප්‍රතිපාදන ඉවත් කිරීමෙන් ඒවා පූර්ණය කිරීමට හැකියාවක් නැහැ.” රයිඩර් පැවසීය.
යුක්රේනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට අයත් වන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා සීඑන්එන් ප්‍රවෘත්ති සේවයේ ක්‍රිස්ටියන් අමන්පූර් සමඟ පැවසුවේ ඇමරිකානු හමුදා ආධාර නොමැතිව තම රටට “විකල්ප සැලැස්මක්” නොමැති බව අවධාරණය කළේ නව සටන් ඩ්‍රෝන යානා, දිගු දුර මිසයිල සහ ගුවන් ආරක්ෂක හැකියාවන් සඳහා වන යුක්‍රේනය කළ ඉල්ලීම් යළි අවධාරණය කිරීමෙන් පසුව ය.
රිපබ්ලිකන් විවේචකයන්ගේ රැඩිකල් කණ්ඩායමක් සංක්‍රමණ නීති ප්‍රතිසංස්කරණය කරන ලෙස ප්‍රභල ලෙස ඉල්ලා සිටින අතර එක්සත් ජනපදය තුළ යුක්‍රේනය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන බෙදීම් යුක්‍රේනයට අමතර ආධාර අරමුදල් ගමන් කිරීම අවහිර කර ඇති බවද කුලේබා පවසා සිටියේය. 2022 දී යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසු පක්ෂය වෙනම ආධාර පැකේජ දුසිම් ගනනකට පිටුබලය දුන්නද, සමහර රිපබ්ලිකන් සාමාජිකයින් පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු මුදල් පරිත්‍යාග සම්බන්ධයෙන් මත ගැටුම් වල පැටලී ඇති අතර, එමගින් යුක්‍රේනයට ආධාර මුදල් ලබාදීම සම්බන්ධයෙන් දිනෙන් දින පුළුල් වන භේදයක් නිර්මාණය කර ඇත.
කියෙව් සඳහා ඩොලර් බිලියන 61 ක් ඇතුළු දැවැන්ත ආධාර පැකේජයක් සම්මත කරන ලෙස ජනාධිපති ජෝ බයිඩන් නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින අතර, රිපබ්ලිකන් විරුද්ධත්වය හේතුවෙන් කොංග්‍රසයට තීරණ ගැනීමේ අවකාශය සති ගනනාවක් තිස්සේ අවහිර වී ඇත. නමුත් ස්වාධීන සෙනෙට් සභික කර්ස්ටන් සිනෙමා පවසා ඇත්තේ නීති සම්පාදකයින් ගනුදෙනුවේ අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.
එසේ වුවද,අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් ඊයේ(04) වාර්තාකරුවන් වෙත පවසා සිටියේ අනාගතයේ දී යුක්‍රේනයට ලැබෙන එක්සත් ජනපද ආධාරවල අඩුවීමක් අපේක්ෂා කරන බවත්, අවසානයේ යුක්රේනයට "තමන්ගේම මිලිටරි කාර්මික පදනමක් ගොඩනගා ගැනීමට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවත්, එම කාර්යට මුදල් යෙදවීමටත්, ඒ අනුව යුක්‍රේනයට අවශ්‍ය යුද අවි තමන්ටම නිපදවා ගත හැකිවන බවත්ය."
අනෙකුත් වක්‍ර මිලිටරි ආධාර සහ මූල්‍ය සහ මානුෂීය ආධාර වලට අමතරව 2022 පෙබරවාරි මාසයේදී රුසියාව සමඟ ගැටුම උත්සන්න වූ දා සිට එක්සත් ජනපදය යුක්රේනයට ඩොලර් බිලියන 45 කට ආසන්න සෘජු මිලිටරි ආධාර අනුමත කර ඇත. කෙසේ වුවද කියෙව් වෙත බටහිර ආයුධ නැව්ගත කිරීම මොස්කව් යළි යළිත් හෙළා දැක ඇති අතර, රුසියාව තර්ක කරන්නේ බටහිර ජාතීන් සටන් දිග්ගස්සන බවත් යුක්‍රේනයේ මිලිටරි අරමුණු වලක්වා ගැනීමට ඵලදායි යමක් නොකරන බවත් ය. https://www.rt.com/news/590145-pentagon-no-money-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
