යුක්රේනයට දීමට තරම් පෙන්ටගනය සතුව මුදල් නැහැ - පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර්
එක්සත් ජනපද ආණ්ඩුවට යුක්රේනය සඳහා මිලිටරි ආධාර දීමට තරම් අරමුදල් නැති බව, පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර් මාධ්‍ය වෙත පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීති සම්පාදකයින් නව ආධාර පැකේජයක් සම්මත නොකරන්නේ නම් වොෂින්ටනයට යුක්‍රීනයට දීමට “මුදල් නැති” බවද ඔහු සඳහන් කළේය.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්දක්වමින් රයිඩර්, යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ සම්පාදනය කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 4.2ක් වියදම් කිරීමට පෙන්ටගනයට අවසර දී ඇති නමුත් සැබෑ අරමුදල් ලබා ගත නොහැකි බව පෙන්වා දුන්නේය. එම මුදල් වැය කිරිමට නම් කොන්ග්‍රසය විසින් එම මුදල් වෙන් කළ යුතු බවද අවධාරණය කළේය.
“පවතින අරමුදල්වලින් එම ඩොලර් බිලියන 4.2 වියදම් කිරීමට අපට බලය තිබෙනවා. නමුත් මුදල් පිටතට ගැනීමෙන් හෝ අපගේ සටහන් වලින් ප්‍රතිපාදන ඉවත් කිරීමෙන් ඒවා පූර්ණය කිරීමට හැකියාවක් නැහැ.” රයිඩර් පැවසීය.
යුක්රේනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට අයත් වන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා සීඑන්එන් ප්‍රවෘත්ති සේවයේ ක්‍රිස්ටියන් අමන්පූර් සමඟ පැවසුවේ ඇමරිකානු හමුදා ආධාර නොමැතිව තම රටට “විකල්ප සැලැස්මක්” නොමැති බව අවධාරණය කළේ නව සටන් ඩ්‍රෝන යානා, දිගු දුර මිසයිල සහ ගුවන් ආරක්ෂක හැකියාවන් සඳහා වන යුක්‍රේනය කළ ඉල්ලීම් යළි අවධාරණය කිරීමෙන් පසුව ය.
රිපබ්ලිකන් විවේචකයන්ගේ රැඩිකල් කණ්ඩායමක් සංක්‍රමණ නීති ප්‍රතිසංස්කරණය කරන ලෙස ප්‍රභල ලෙස ඉල්ලා සිටින අතර එක්සත් ජනපදය තුළ යුක්‍රේනය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන බෙදීම් යුක්‍රේනයට අමතර ආධාර අරමුදල් ගමන් කිරීම අවහිර කර ඇති බවද කුලේබා පවසා සිටියේය. 2022 දී යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසු පක්ෂය වෙනම ආධාර පැකේජ දුසිම් ගනනකට පිටුබලය දුන්නද, සමහර රිපබ්ලිකන් සාමාජිකයින් පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු මුදල් පරිත්‍යාග සම්බන්ධයෙන් මත ගැටුම් වල පැටලී ඇති අතර, එමගින් යුක්‍රේනයට ආධාර මුදල් ලබාදීම සම්බන්ධයෙන් දිනෙන් දින පුළුල් වන භේදයක් නිර්මාණය කර ඇත.
කියෙව් සඳහා ඩොලර් බිලියන 61 ක් ඇතුළු දැවැන්ත ආධාර පැකේජයක් සම්මත කරන ලෙස ජනාධිපති ජෝ බයිඩන් නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින අතර, රිපබ්ලිකන් විරුද්ධත්වය හේතුවෙන් කොංග්‍රසයට තීරණ ගැනීමේ අවකාශය සති ගනනාවක් තිස්සේ අවහිර වී ඇත. නමුත් ස්වාධීන සෙනෙට් සභික කර්ස්ටන් සිනෙමා පවසා ඇත්තේ නීති සම්පාදකයින් ගනුදෙනුවේ අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.
එසේ වුවද,අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් ඊයේ(04) වාර්තාකරුවන් වෙත පවසා සිටියේ අනාගතයේ දී යුක්‍රේනයට ලැබෙන එක්සත් ජනපද ආධාරවල අඩුවීමක් අපේක්ෂා කරන බවත්, අවසානයේ යුක්රේනයට "තමන්ගේම මිලිටරි කාර්මික පදනමක් ගොඩනගා ගැනීමට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවත්, එම කාර්යට මුදල් යෙදවීමටත්, ඒ අනුව යුක්‍රේනයට අවශ්‍ය යුද අවි තමන්ටම නිපදවා ගත හැකිවන බවත්ය."
අනෙකුත් වක්‍ර මිලිටරි ආධාර සහ මූල්‍ය සහ මානුෂීය ආධාර වලට අමතරව 2022 පෙබරවාරි මාසයේදී රුසියාව සමඟ ගැටුම උත්සන්න වූ දා සිට එක්සත් ජනපදය යුක්රේනයට ඩොලර් බිලියන 45 කට ආසන්න සෘජු මිලිටරි ආධාර අනුමත කර ඇත. කෙසේ වුවද කියෙව් වෙත බටහිර ආයුධ නැව්ගත කිරීම මොස්කව් යළි යළිත් හෙළා දැක ඇති අතර, රුසියාව තර්ක කරන්නේ බටහිර ජාතීන් සටන් දිග්ගස්සන බවත් යුක්‍රේනයේ මිලිටරි අරමුණු වලක්වා ගැනීමට ඵලදායි යමක් නොකරන බවත් ය. https://www.rt.com/news/590145-pentagon-no-money-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්