"තනතුර නැති වුනත් කමක් නෑ.. වෙනස වෙනුවෙන් අවදානම ගන්න ලෑස්තියි” - නීතිඥ සංගමය හමුවේ ජනපති අනුර කියයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතලවලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවත්, රට වෙනුවෙන් අවශ්‍ය වෙනස සිදුකිරීමට ඕනෑම අවදානමක් ගැනීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමන් බලයේම රැඳී සිටීමේ අරමුණින් පැමිණි අයෙකු නොවන බවත්, රටේ යහපත වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ හමුවේ තනතුර අහිමි වී යාමට සිදුවුවද එය සතුටින් භාරගෙන නික්ම යාමට තමන් සූදානම් බවත්ය.
“අවදානමක් ගන්නේ නැතුව කිසිම වෙනසක් කරන්න බැහැ. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පවා දැනට ක්‍රියාත්මක වෙන්නේ මගේ ආරක්ෂාවට වගකියන බුද්ධි අංශ මගින්මයි. ඒ තුළ මට ජීවිත අවදානමක් පවා තියෙන්න පුළුවන් බව මම දන්නවා. ඒත් ඒ අවදානම අරගෙන හරි අපි මේ වෙනස කළ යුතුයි. ඒ අවදානම හමුවේ මගේ පුටුව නැති වුණත් මම ඒක හදවතින්ම භාරගෙන යන්න ලෑස්තියි” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා