News Category
From Date
To Date
Maximum Number of Result

නව විදුලි පනත: ඇමතිට ඉල්ලමක් - රටට මහා විපතක්

Jan 5, 2024 at 12:10 PM
|

වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස 2003 දී යළි පුදුම ශ‍්‍රී ලංකා නම් වූ රාජ්‍ය දේපළ විකිණීමේ මහා සැලසුම යටතේ විදුලිබල මණ්ඩලය කොටස් 8කට බෙදා විකුණා දැමීම සඳහා නව විදුලි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එදා ජ්‍යේෂ්්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා එය සංශෝධනය කළ යුතු බවට අධිකරණය විසින් තීරණය කරනු ලැබීය. එහෙත් ආණ්ඩුව තුළ අර්බුද පැන නැගීම නිසා එදා එම මහා අපරාධය සිදුකිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

නමුත් ඒ සඳහා වන මූලික පූර්ව කොන්දේසියක් වූ මහජන උපයෝගීතා කොමිසම නීතිගත කිරීමට ඔහු සමත් විය. ජලය සහ විදුලිය සැපයීමේ සේවා පුද්ගලීකරණය කිරීමෙන් පසුව වෙළඳපළ නියාමනය කිරීම එම ආයතනයේ වගකීම වේ. සාමාන්‍යයෙන් රජය විසින් සේවා සැපයීමේදී නියාමන වගකීම සේවා සපයන ආයතනයේම වගකීම බවට පත්වේ. පුද්ගලික ආයතන කිහිපයක් රාජ්‍යයේ සහභාගීත්වය ඇතිව හෝ නැතිව තරගකාරීව වෙළඳපොළ තුළ ක‍්‍රියාත්මක වීමේදී ඒ ආකාරයට තුන්වන පාර්ශවයක් විසින් නියාමනය කිරීමේ අවශ්‍යතාවය මතුවේ. උදාහරණයක් ලෙස ප‍්‍රවාහන සේවා පුද්ගලීකරණය කිරීමේදී ගමනාගමන කොමිසම නමින් නියාමන ආයතනයක අවශ්‍යතාවය පැන නැගුණි. 

ඓතිහාසිකව අප රටේ විදුලිය සහ ජලය මහජනයාට සැපයීමේ වගකීම රාජ්‍ය අංශය විසින් වෙනත් බොහෝ රටවලට වඩා ප‍්‍රශස්ත ආකාරයට ඉටු කළ බව පොදු මහජන පිළිගැනීම වේ. එම සේවා මහජන අවශ්‍යතාවයට අනුව ක‍්‍රමානුකූලව වර්ධනය වූ අතර එම සේවාවන් සාධාරණ හෝ සහන මිලට සැපයීම රජයේ වගකීමක් ලෙස පිළිගැනුණි. එහෙත් එම ආයතන තුළ පවතින වංචා, දුෂණ සහ අකාර්යක්ෂමතාවයන් මෙන්ම දේශපාලන මැදිහත්වීම් නිසා අදාළ සේවාවල පිරිවැය ක‍්‍රමයෙන් වර්ධනය වූ බව සහ ඒ සඳහා රාජ්‍ය සහනාධාර යෙදවීමට සිදුවූ බව සත්‍යයකි. එහිදී ගල්අගුරු බලාගාර ඉදිකිරීමේදී කොමිස් ගැසීමද ඇතුළත්ව ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම සහ තාක්ෂණික ගැටළු නිසා විදුලිබල මණ්ඩලයේ පිරිවැය වැඩිවී ඇති බව පිළිගැනීමට සිදුවේ. නමුත් එම දුර්වලතා සාධනීය ලෙස නිවැරදි කිරීම සඳහා පියවර ගන්නා අතර විනිවිදභාවයෙන් යුතුව පිරිවැය පිළිබිඹු වන නව ගාස්තු ක‍්‍රමයක් හඳුන්වා දීමේ හැකියාව ඇත. දූෂණ වංචා සහ අකර්යක්ෂමතා වලට එරෙහිව දැඩි පියවර ගන්නා තත්ත්වයක් යටතේ මහජනයා විසින් එම ගාස්තු පිළිගන්නා බවට සැකයක් නැත. මේ වන විටද හොරකම සහ දූෂණය ද ඇතුළත් පිරිවැය අනුව ගාස්තු ගෙවීමට මහජනයා දැඩි විරෝධයකින් තොරව එකඟ වී ඇත. මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසිය වන්නේ පිරිවැය පිළිබිඹුවන ගාස්තු ක‍්‍රමයක් හඳුන්වාදීමය. 

එසේනම් විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට උත්සාහ කරන්නේ හුදු මූල්‍ය අරමුදලේ කෙටි කාලීන බලකිරීම නිසා නොවන බව ඉතා පැහැදිලිය. රනිල් වික‍්‍රමසිංහ මහතා එදා 2003 දී යළි පුබුදුම ශ‍්‍රී ලංකා න්‍යාය පත‍්‍රය යටතේ රාජ්‍යය කුඩාකර රාජ්‍යය දේපළ පුද්ගලීකරණය කිරීමේ න්‍යාය පත‍්‍රය ඉදිරිපත් කරන්නේ මූල්‍ය අරමුදලේ කෙටිකාලීන බල කිරීමකට වඩා ඔහු දේවත්වයෙන් විශ්වාස කරන නව යටත් විජිතකරන මහා න්‍යාය පත‍්‍රයට අනුව බව ඉතා පැහැදිලිය. එම කොල්ලකාරී න්‍යාය පත‍්‍රය යටතේ දැනට රාජ්‍ය අංශය තුළ සිදුකරන දූෂණ වංචා වෙනුවට රාජ්‍ය දේපළ කොල්ලකෑම මගින් දීර්ඝ කාලීනව මහජනයා සූරාකමින් ලාභ ඉපයීමට සහ රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීමට දේශපාලන ආධාරකරුවන්ට අවස්ථාව නිර්මාණය වේ. 

ඒ මගින් විවිධ මට්ටම්වලදී විශාල පිරිසක් විසින් සිදුකළ දුෂණ වංචා වෙනුවට අමාත්‍යවරයාට මහා පරිමාණ කොමිස් ලබා ගැනීමට සහ ආණ්ඩු පක්ෂය නඩත්තු කිරීම සඳහා මහා පරිමාණ අරමුදල් රැස් කිරීමට අවස්ථාව නිර්මාණය වේ. විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවක් ගත්විට ඒවා අත්පත් කර ගැනීම හෙවත් බල ශක්ති සුරක්ෂිතතාවය පාලනය කිරීම මගින් විදේශීය රටවලට තම සමාගම් හරහා භූ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට අවස්ථාව නිර්මාණය වේ. අප රටේ දැනට පවතින විදුලි පනත පසුගිය දිනවල ඉන්දියාවේ අදානි සමාගමේ උවමනාවන්ට අනුව සංශෝධනය කිරීමට පෙර එහි අඩංගුවූ විශේෂ ප‍්‍රතිපාදනයක් මගින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට විධි විධාන පනවා තිබුණි. එනම් මෙ.වො. 10කට වඩා වැඩි ව්‍යාපෘතියක බහුතර කොටස් අයිතිය රජය සතු විය යුතු බවට ප‍්‍රතිපාදනයක් පනවා තිබුණි. ඊට හේතුව එවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් කළමනාකරණය කරනු ලබන විදේශීය හෝ දේශීය සමාගමට අප රටේ විදුලි පද්ධතිය බිඳවැට්ටවීම සඳහා හැකියාව ලැබීමය. 

එම ආරක්ෂාකාරී නීතිමය ප‍්‍රතිපාදන ඉන්දියාවේ බලපෑම මත වෙනස් කිරීමෙන් නොනැවතී දැන් සමස්ත පද්ධතිය විදේශීය සමාගම්වලට අත්පත් කර ගත හැකි ආකාරයට නව නීතිමය රාමු ඉදිරිපත් කර ඇති බව ඉතා පැහැදිලිය. ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාට අනුව එම නව පනත ශ‍්‍රී  ලංකාවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බව පිළිගත නොහැක. ඊට හේතුව එහි ව්‍යුහය සහ ප‍්‍රතිපාදන පමණක් නොව භාෂාවද ශ‍්‍රී ලංකාවේ නීති කෙටුම්පත් සම්ප‍්‍රදායන්ට වඩා බොහෝ වෙනස්වීම බව ඔහුගේ මතය වී ඇත. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ‍්‍රී ලංකා න්‍යාය පත‍්‍රයේ අඩංගු විදේශීය න්‍යාය පත‍්‍රය ඒ ආකාරයටම ක‍්‍රියාත්මක කිරීමට ගනු ලබන උත්සාහය අනුව නීති කෙටුම්පතක් කිරීම සඳහා වන විදේශීය මැදිහත්වීම බැහැර කළ නොහැක. 

කෙසේ වෙතත් නව පනත මගින් අමාත්‍යවරයා විසින් අත්පත් කර ගන්නා බලය දෙස බලන විට අමාත්‍යවරයාගේ බරපතල වුවමනාවක්ද පනත තුළ නියෝජනය වන බවට විවාදයක් නැත. ඒ අනුව ඔහු විසින් පත් කරනු ලබන උපදේශක සභාවකට සියලූම ප‍්‍රතිපත්තිමය සහ උපායමාර්ගික තීරණ ගැනීමේ බලය පවරා ඇත. එම සභාවට නියාමන ආයතනයක් වන මහජන උපයෝගීතා කොමිසමට උපදෙස් දීමේ බලයද පවරා ඇති බැවින් සහ ප‍්‍රයෝගික තත්ත්වයන්ට අනුව අදාළ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමේ බලය පනත මගින් අමාත්‍යවරයාට ලබා දී ඇති බැවින් ඔහුට අත්තනෝමතික බලයක් ලැබේ. නියාමන ආයතනයට කළ හැක්කේ විදුලිය ජනනය කරන සහ සෙසු සේවා සපයන සමාගම් වලට බලපත‍්‍ර නිකුත් කිරීම සහ පරීක්ෂකවරුන් මගින් එම ආයතන අධීක්ෂණය කිරීම පමණි. 

පනත අනුව ඇමතිගේ නියෝජිතයින් විසින් සකස් කරන ප‍්‍රතිපත්තිය ආරම්භයේදීම ඇමතිට උවමනා ආකාරයට සකස් කිරීමේ හැකියාව ඇත. ඊට හේතුව අදාළ ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවට පනත මගින් ප‍්‍රතිපාදන පනවා නොමැති වීමය. ඊට අමතරව ප‍්‍රායෝගික තත්ත්වයන්ට අනුව අදාළ ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමේ බලයද ඇමතිට තිබෙන බැවින් සහ ප‍්‍රතිපත්තිය සකස් කරනු ලබන්නේ පනත සම්මත වීමෙන් පසුව වන බැවින් අධිකරණයට පවා ඊට අදාළ මතයක් පළ කිරීමට හැකියාව නැත. පනත සම්මත වූ පසුව නීතිය මගින් පනවා ඇති ප‍්‍රතිපාදන වෙනස් කිරීමට අධිකරණයට බලයක් නැත. 

ඒ අනුව කෑලිවලට කඩා විදුලිබල මණ්ඩලයේ වගකීම් පුද්ගලික සමාගම්වලට පැවරීමේ දී අමාත්‍යවරයා විසින් යම් සැඟවුණු කොන්දේසි පැනවීමේ හැකියාව ඇත. සෑම මෙගාවෝට් 1කට අමාත්‍යවරයාගේ ගිණුමට රුපියල් හෝ ඩොලර් වැටෙන ආකාරයට කොන්දේසි පැනවීමේ හැකියාවද ලැබෙනු ඇත. නමුත් අදාළ සමාගම් ක‍්‍රියාත්මක වීමේදී තාක්ෂණික වපසරිය තුළ අමාත්‍යවරයා ගොනාට ඇන්දවීමට සහ විදුලි පද්ධතිය තුළ කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකිරීමට බරපතළ අවකාශයක් විවෘත වේ. සමස්තය රජය විසින් පාලනය කරනු තත්වයක් තුළ පවා ජල විදුලි බලාගාරවල අහඹු ලෙස ජලය නිදහස් කිරීම සහ සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම සඳහා ඊනියා ඞීසල් මාෆියාවට ලැබී ඇති අවකාශය දෙස බලන විට වගකීම් රාශියක් සමාගම් රාශියක් විසින් දරන තත්ත්වයකදී පාලනය කෙතරම් දුෂ්කර වනු ඇද්ද?

නව පනත මගින් විදුලිබල මණ්ඩලය විසින් දරනු ලබන වගකීම් ක්ෂේත‍්‍ර  හයකට කඩා වෙන්කර ඇත. ඒ අනුව විදුලි ජනනය, සම්ප්‍්‍රෂණය, බෙදාහැරීම, වෙළඳාම, සැපයුම සහ ප‍්‍රසම්පාදන වශයෙන් බෙදී වෙන්වන ක්ෂේත‍්‍රවල මහජන සමාගම් සහ පුද්ගලික සමාගම් රාශියකට ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වේ. එම ක‍්‍රියාවලිය තුළ දැනට මණ්ඩලය විසින් පාලනය කරනු ලබන ජල විදුලි බලාගාර සියල්ල පුද්ගලික සමාගම් වලට පැවරීමට හැකියාව ලැබේ. ඊට අදාළ ව්‍යාපාරික කොන්දේසි පනතට ඇතුල් කර නොමැති අතර ඒවා පනත සම්මත කිරීමෙන් පසුව ප‍්‍රතිපත්තිය ලෙස එළිදක්වනු ඇත. එමඟින් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුව සහ මහජනයා ගොනාට ඇන්දවීමට පමණක් නොව අධිකරණයටද කරුණු සැඟවීමට හැකියාව ලැබේ. 

ඊට අමතරව නව පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන අතර අදාල වගකීම් වලින් කොටසක් රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ සමාගමකට පැවරෙනු ඇත. එම සමාගම ජාතික සම්පේ‍්‍රෂණ ජාලා සේවා සපයන්නා ලෙස හැඳින්වෙනු ඇති අතර එම සමාගමට ජනනය සහ බෙදාහැරීම පිළිබඳව වගකීම් දැරිය නොහැකි බවට පනත මගින්ම සීමා පනවා ඇත. ඒ අනුව පුද්ගලීකරණය කෙරෙන විදුලිබල මණ්ඩලයට විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට හෝ විදුලිය බෙදා හැරීමේ වගකීම දැරීමට හැකියාවක් හෝ බලයක් නැත. ඊට ඉහළින් ජාතික පද්ධති ක‍්‍රියාකරු ලෙස සමස්තය සම්බන්ධීකරණය කිරීමේ වගකීම පමණක් රජයට සම්පූර්ණ අයිතිය සහිත මහජන සමාගමකට පැවරෙනු ඇත. එසේම බාහිර රටවලින් විදුලිය මිලදී ගැනීම සඳහා පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇති අතර ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමග ශ‍්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබේ. එවිට ශ‍්‍රී  ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක‍්‍රියා කිරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. 

ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා නීතිය මඟින් ප‍්‍රතිපාදන සලසා තිබූ රටක එම නීතිමය ප‍්‍රතිපාදන පවා ඉවත් කර සමස්තය  පුද්ගලීකරණය කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්වන බව ඉතා පැහැදිලිය. ඊට අමතරව පුද්ගලික අංශයේ ලාභ උවමනාවන්වල සහ ඒ ආශ‍්‍රිත කොමිස් ගෙවීම්වල බර දැරීමට පොදු මහජනයාට සිදුවනු ඇත. එම නිසා නව පනත මගින් විදුලිබිල වැඩිවීමට අමතරව මහා විදුලි අර්බුදයක් ද නිර්මාණය වීමේ බරපතළ ඉඩක් ඇත. 

පසුගිය යහපාලන රජය විසින් විදේශ විනිමය පනත සංශෝධනයකර කළු වෙළෙඳපොළ සහ විනිමය වංචා ප‍්‍රචලිත කිරීම රටේ විදේශ විනිමය අර්බුදයට අදාළ ප‍්‍රධාන හේතුවක් බව දැන් පිළිගෙන ඇත. ඒ අනුව නව විදුලි පනත මගින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය සහ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්විය හැකි අතර බරපතළ විදුලි අර්බුදයක් තුළ මහජනයාට විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. එම තත්ත්වය තුළ නව විදුලි පනත විදුලි ඇමැතිට ඉල්ලමක් විය හැකි වුවද රටට සහ ජනතාවට තිබෙන තත්ත්වයට වඩා මහා විපතක් කැඳවන බව ඉතා පැහැදිලිය.

නමුත් දැන් තිබෙන අර්බුදය විසඳීම සඳහා විශේෂයෙන්ම වංචා, දුෂණ සහ අකර්්‍යක්ෂමතාවයන් මෙන්ම ඊනියා ‘ඞීසල් මාෆියාවේ’ උවමනාවට අනුව ජල විදුලි බලාගාර ආශ‍්‍රිත කඩාකප්පල්කාරී ක‍්‍රියා සහ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති අධෛර්යමත් කිරීමේ ක‍්‍රියාවලිය පාලනය කිරීම සඳහා කළ යුත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව ඉතා පැහැදිලිය. ඒ සඳහා කළ යුතු ප‍්‍රධාන දෙයක් ලෙස බොහෝ විද්වතුන් හඳුනාගෙන ඇත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත සංශෝධනය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාකාරකම් ආවේෂණය කිරීම, අධීක්ෂණය කිරීම සහ අභියාචනා සහ මහජන පැමිණිලි විභාග කිරීම සඳහා යාන්ත‍්‍රණයක් හඳුන්වා දීමය. 

ඒ මගින් ප‍්‍රධාන වශයෙන් ජල විදුලි බලාගාර ආශ‍්‍රිත කූඨ ක‍්‍රියා සහ සෙසු සුනිත්‍ය බල ව්‍යාපෘති අධෛර්යමත් කිරීමේ ක‍්‍රියාවලිය පාලනය කිරීමට හැකියාව ලැබේ. එම යාන්ත‍්‍රණය තුළ බලශක්ති කේෂ්ත‍්‍රය, ජල කළමනාකරණ අංශ, කෘෂිකර්ම සහ මහජන උපයෝගිතා කොමිසම ආදී අදාළ සියලූ අංශ නියෝජනය විය යුතුය. එසේම වර්ෂාපතන අනාවැකි අනුව ජලවිදුලි බලාගාර මගින් ජලවිදුලිය ප‍්‍රශස්ථ මට්ටමින් නිදහස් කිරීම සඳහා ආකෘතියක් නිර්මාණය කළ හැක. එහෙත් දැන් පවතින තත්වය තුළ පුද්ගලයින්ගේ අහඹු තීන්දු මත ජලය නිදහස් කිරීම නිසා ජලාශ ආශ‍්‍රිතව විදුලිය නිපදවීම උපරිම මට්ටමට පවත්වාගත නොහැකි වී ඇත. එනම් ජලාශවල උපරිම විභවය ලබාගත නොහැකි වී ඇත. එම තත්වය නිවැරදි කිරීමද මෙම නව යාන්ත‍්‍රණයේ වගකීමකි. එසේම අදානි සමාගමේ උවමනාව මත විදුලි බල පනතේ සංශෝධනය කළ වගන්ති නැවත බලාත්මක කිරීම සඳහා පනත නැවත සංශෝධනය කිරීමද මූලික අවශ්‍යතාවයකි. ඊට හේතුව තාක්ෂණික හේතු මත පනතට ඇතුල් කර තිබූ ප‍්‍රතිපාදන වාණිජ හේතු මත කූඨ ලෙස සංශෝධනය කිරීම බලවත් වැරදි ආදර්ශයක් වීමය. 

එසේම කුඩා සහ මධ්‍යම පරිමාන සුනිත්‍ය බල ව්‍යාපෘති සඳහා තරගකාරී මිල ගණන් කැඳවීම වෙනුවට පිරිවැය අනුව සාධාරණ ලාභයක් ලැබෙන ආකාරයට එනම් ආයෝජකයා දිරිමත් වන ආකාරයට සහ සමානව සලකන ආකාරයට මිල ගණන් නියම කළ යුතුය. එම මිල සූත‍්‍රයට රාජ්‍ය භාගයද ඇතුලත් කළ යුතු අතර එම අරමුදල් ජාතික අරමුදලක් හරහා විදුලි පද්ධතියේ සංවර්ධනය සඳහා යොදාගත යුතුය. එහිදී මහා පරිමාන ව්‍යාපෘති සඳහා තර`ගකාරී ටෙන්ඩර් කැඳවීම සිදුකළ යුතු අතර දැනට අසාධාරණ කොන්දේසි යටතේ අත්සන්කර ඇති ගිවිසුම් නැවත සමාලෝචනය කිරීම සඳහාද ප‍්‍රතිපාදන පැනවිය යුතුය. පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත් විට වංචා දූෂණ පාලනය කිරීම සහ විනිවිදභාවය සහිතව සහ පරිභෝජනය කරන ප‍්‍රමාණයට සාපේක්ෂව සාධාරණව මිල නියම කරන තත්ත්වයක් තුළ පිරිවැය පිළිබිඹුවන මිලක් භාර ගැනීමට රටේ බහුතර ජනතාව එකඟ වනු ඇත.

- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.