පොල්තෙල් ආනයන සමාගම් 5ක් රු.මිලියන 2891ක් රජයට බදු පොලු තියලා..
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙම සමාගම් පහට අදාළ තක්සේරු ඉදිරිපත් කර තිබෙන අතර, එම සමාගම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.
එසේ වුවද කිසිදු සමාගමකට සහන ලබා දී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අනෙක් සමාගම එම වසරට අදාළව එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් මිලියන 2,429ක් හා සමාජ ආරක්ෂණ බද්ද ලෙස රුපියල් මිලියන 434ක් ගෙවා තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
2024 සිට මෙම වසරේ ජූනි මාසය දක්වා කාලයට හිඟ බදු ලෙස රුපියල් මිලියන 9,700ක් ගෙවීමට ඇති බව කී ප්‍රශ්නය විමසූ මන්ත්‍රීවරයා, එතරම් කාලයක් බදු අයකර නොගැනීම සැකයට හේතුවක් බවත් පැවසීය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ප්‍රමාදයට හේතුව අභියාචනා ඉදිරිපත් කර තිබීම බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය:
“2024 වසරේදී එච්.එස්. (HS) කාණ්ඩ හතරක් යටතේ පොල්තෙල් ආනයනය කර තිබෙනවා. මෙම එච්.එස්. කාණ්ඩ හතර යටතේම පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර තිබෙනවා. සමාගම් හයක් අතරින් එක් සමාගමක් එකතු කළ අගය මත බද්ද හා සමාජ ආරක්ෂණ බද්ද ගෙවා තිබෙනවා. අනෙක් සමාගම් පහම එම බදු ගෙවා නැහැ. එය අය කර ගැනීම සඳහා එම සමාගම්වලට තක්සේරු වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. 2024 වසරේ කාර්තු හතර සඳහා එම සමාගම් හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව තිබෙනවා. මිලියන 168ක් සමාජ ආරක්ෂණ බදු ලෙස ඒ අය විසින් ගෙවිය යුතුව තිබෙනවා. ඒවාත් හිඟ බදු ලෙස ගණනය කර තිබෙනවා. තක්සේරු නිකුත් කර ඇති එක සමාගමකින් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එය විභාග කරමින් පවතිනවා. මෙම කිසිදු සමාගමක් සඳහා අදාළ බදු වෙනුවෙන් සහන ලබා දී නැහැ.
මේ සමාගම් අතරින් එක සමාගමක් හරියට බදු ගෙවා තිබෙනවා. අනිත් සමාගම් විවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒ නිසා මේක නීතිපති දෙපාර්තමේන්තුවටත් යොමු කර මතය විමසා තිබෙනවා. මන්ත්‍රීවරයා කියන විදිහට සංඛ්‍යාලේඛන නිවැරදි නැහැ. මේ ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු නොවන බව හුවා දක්වන්නට සමාගම් උත්සාහ කරනවා. අභියාචනා විමසන අවස්ථාවක හිඟ බදු අය කර ගන්න බැහැ. ඒ නිසා ඒ අභියාචනය විමසා අවසන් කළ යුතුයි. අවසන් තීන්දුව එනකල් මේ බදු අය කර ගැනීම අපහසු වී තිබෙනවා, මොකද බදු ගෙවන්නා එකඟ නැති නිසා.”
(උපුටාගැනීම – දිනමිණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි