බන්ධනාගාර ගැටුම් සැලැස්මකට අනුව සිදුවෙන බව පේනවා.. ගැටුම් පසුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්..- ඇමති ආනන්ද විජේපාල
දිවයිනේ බන්ධනාගාර කිහිපයක එකවර හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් යම් සැලසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට රජය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග මෙම සිදුවීම්වලට ආසන්නතම හේතුව වී ඇති බවයි.
මැගසින් බන්ධනාගාරයේ ඊයේ රාත්‍රී 10.15 ට පමණ රැඳවියන් 40 කගේ පමණ පිරිසක් වාට්ටුවක දොරක් කඩාගෙන විත් කලහකාරී ලෙස හැසිරී ඇත. බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව තත්ත්වය පාලනය කර ඇති අතර, එහිදී එක් රැඳවියෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන 6.30 ට පමණ ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 30 දෙනෙකු පමණ වහළ මත නැග විරෝධතාවක නිරත වන අතර, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව එම තත්ත්වය පාලනය කිරීමට මේ වන විටත් පියවර ගනිමින් සිටී.
මීට අමතරව මීගමුව සහ මහර බන්ධනාගාරවලද නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වී ඇති නමුත්, අනෙකුත් සියලුම බන්ධනාගාරවල තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව අමාත්‍යවරයා තහවුරු කළේය.
මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට පියවර ගන්නා බවත්, රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේ ද ආරක්ෂාව තහවුරු කරමින් බන්ධනාගාර තුළ විනය පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි