වත්කම් සහ බැරකම් හෙළිදරව්ව අහෝසි කරන සංශෝධන වහා ඉල්ලා අස්කර ගන්න.. - Transparency International රජයෙන් ඉල්ලයි
වත්කම් සහ බැරකම් ප්‍රකාශන වෙත මහජනයාට ඇති ප්‍රවේශය දුර්වල කෙරෙන යෝජිත දූෂණ විරෝධී පනත් සංශෝධන වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හරහා ලබාගත් විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ජයග්‍රහණ, ජූලි 24 වන දින ගැසට් කරන ලද මෙම නව පනත් කෙටුම්පත මගින් ආපසු හැරවීමට ලක්කර ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.
මෙම යෝජිත සංශෝධන මගින් සිදුවන බරපතලම හානිය වන්නේ නීත්‍යනුකූලව මහජනතාව වෙත විවෘත කර ඇති තොරතුරු මහජනයා හෝ මාධ්‍යවේදීන් විසින් භාවිත කිරීම අපරාධයක් බවට පත්කිරීමයි.
යම් තොරතුරක් භාවිත කිරීම නිශ්චිතව දක්වා ඇති ආයතනයකට හෝ නිලධාරියෙකුට ඉදිරිපත් කිරීමට පමණක් සීමා කිරීම මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස උල්ලංඝනය වන බව TISL ආයතනය අවධාරණය කරයි. එමෙන්ම, පැහැදිලි නිර්ණායකවලින් තොරව පෞද්ගලිකත්වයට හානි වන බව සලකන ඕනෑම තොරතුරක් වසන් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පුළුල් බලතල පැවරීම නිසා අර්ථවත් මහජන අධීක්ෂණයක් සිදුවීමේ අවකාශය අහෝසි වී යයි.
තවද, වත්කම් ප්‍රකාශකයා සමඟ අවම වශයෙන් මාස හයක්වත් එකට ජීවත් වූ තැනැත්තන්ගේ වත්කම් සහ බැරකම් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම මගින් නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් සහකරුවන්ගේ හෝ වෙනත් අයගේ නමට පවරා සැඟවීමට පැහැදිලි මාර්ගයක් විවර වේ. දූෂණය පිටුදැකීමේ සහ පාරදෘශ්‍යභාවය ශක්තිමත් කිරීමේ මහජන වරමකින් බලයට පත් වූ රජයක් මෙවැනි සංශෝධන ගෙන ඒම කනගාටුදායකය.
තොරතුරු අවභාවිතය වැළැක්වීමට දැනටමත් අපහාස නීති පවතින බැවින්, ප්‍රසිද්ධියට පත් කර ඇති තොරතුරු භාවිතය මත මෙවැනි සීමා පැනවීමට කිසිදු සාධාරණීකරණයක් නොමැති අතර, අදාළ සංශෝධන වහා හකුලාගෙන මහජනතාවට හිමි අධීක්ෂණ අයිතිය ආරක්ෂා කරන ලෙස TISL ආයතනය රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..