අගවිනිසුරුගේ විශ්‍රාම දිනය පැනලා මාස හතක් වෙනවා.. වහා පරීක්‍ෂණ කරන්න.. - රෝහිණී කවිරත්න
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ විශ්‍රාම ගැන්වීමේ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය රජයෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරිය චෝදනා කළේ, අගවිනිසුරුවරයා තවත් වසර දෙකක කාලයක් ධුරයෙහි තබා ගැනීමට රජය උත්සාහ කරන්නේ සිය අභිමතය පරිදි මෙහෙයවිය හැකි රූකඩයක් අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරේ තබා ගැනීමේ අවශ්‍යතාව මත බවයි.
හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සමයේ නිකුත් කරන ලද, දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන නිල ලේඛනයකට අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2026 ජනවාරි 12 වනදා විශ්‍රාම ගත යුතු බව ඇය පෙන්වා දුන්නාය.
එම ලේඛනයේ සඳහන් අනෙකුත් සියලුම විනිසුරුවරුන් නියමිත දිනට විශ්‍රාම ගොස් ඇති බවත්, අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් පමණක් මෙම ගැටලුව මතු වී ඇති බවත් ඇය සඳහන් කළාය.
"මාස හතක් තිස්සේ ඉහළ උසාවිවල විනිසුරු පුරප්පාඩු අටක් පවතිනවා. නමුත් සුදුසුකම් සහිත විනිසුරුවන් පත් නොකර රජය කටයුතු කරන්නේ නීතිය යනු පාලකයාගේ කැමැත්ත බව තහවුරු කිරීමටයි. මෙම ලේඛනය අසත්‍යයක් නම් වහාම විමර්ශනයක් පවත්වා එය රටට හෙළි කළ යුතුයි," යැයි ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.
කෙසේ වෙතත්, රෝහිණී කවිරත්න මහත්මියගේ මෙම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය දැඩි විරෝධය පළ කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..