ව්‍යවස්ථා සංශෝධන සහ ජනමත විචාරණ ගෙන ඒමට සූදානම් වන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කරගැනීමේ අරමුණින්.. - පාඨලී
වත්මන් රජය විසින් ව්‍යවස්ථා සංශෝධන සහ ජනමත විචාරණ ගෙන ඒමට සූදානම් වන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හානි කරමින් ජනාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කරගැනීමේ අරමුණින් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ණය ගෙවීමේ කාලසීමාව එළඹෙන 2028 වසරට පෙර ජනමත විචාරණයක් පවත්වා ආණ්ඩුවේ කාලය දීර්ඝ කරගැනීමට උත්සාහ දරන බවයි. එහිදී තමන්ට හිතවත් විනිසුරුවරුන් පත්කර ගැනීම හෝ ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් මතුවන දේශපාලන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
පොලිස් මෙහෙයුම්වලින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම නිසා බන්ධනාගාර පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, 800 දෙනෙකු සිටිය යුතු ස්ථානයක පුද්ගලයින් 4,000ක් පමණ රඳවා සිටින බවත්, එහි සිටින පිරිසට නිදා ගැනීමටවත් ඉඩක් නොමැති බවත් පැවසීය.
තවද, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගැනීමේදී පවතින නීතිමය බාධා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රමාදය නිසා සැකකරුවන්ට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති බව ද ඔහු අවධාරණය කළේය.
ඩිජිටල් අධිකරණ පද්ධතියක් ගැන කතා කළ ද තවමත් ක්‍රියාත්මක වන්නේ සියවසකට පෙර පැවති පැරණි ක්‍රමවේදයම බව විවේචනය කළ රණවක මහතා, 1977 සිට අනුගමනය කළ ක්‍රමවේදයටත් වඩා අන්ත ක්‍රමවේදයක් වත්මන් පාලනය අනුගමනය කරන බව ප්‍රකාශ කළේය.
එමෙන්ම, මහර බන්ධනාගාර සිද්ධිය, කන්ටේනර් ජාවාරම්, ගල්අඟුරු වංචා සහ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන් වීම වැනි බරපතළ සිදුවීම්වල වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර, දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය සහ ව්‍යවස්ථාව භාවිත කිරීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..