‘මහර සිද්ධිය කඩාකප්පල්කාරී සංවිධානාත්මක කුමන්ත්‍රණයක් දැයි සැකයි.'. - ඇමති හර්ෂණ නානායක්කාර
මහර සිද්ධිය බන්ධනාගාරය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් දැයි සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි සිද්ධි සෙසු බන්ධනාගාර දක්වා රැල්ලක් වශයෙන් ව්‍යාප්ත වීම කෙරෙහිද අවධානය යොමු වි ඇති බවය.
පැනනගින ඕනෑම තත්ත්වයකදී ජීවිත හානි අවම කර ගනිමින් පාලනය කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය ගොඩනඟමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව ලැබුණු තොරතුරු ද මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදී ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ සිදු වූයේ රැඳවියන් අතර මත්ද්‍රව්‍ය පදනම් කරගත් ආරවුලක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය රැඳවියන් විසින් පාලන තන්ත්‍රයට එරෙහිව සිදුකරන ලද්දක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එකවරම රැඳවියන් දහසක් පමණ පිරිසක් පැමිණ පෙර නොවු විරූ ලෙස ගිනි තැබීම් සිදු කිරීම පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණකාරී පිරිසක් සිටින බවට සැක කෙරෙන අතර එවැනි ක්‍රියාවක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කර සිටියේය.
එමෙන්ම අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ ගිනි තබා විනාශ කර ඇත්තේ මහජනතාවගේ බදු මුදල් බවත්, ඒවා නැවත ගොඩනැගීමට සිදුවන්නේද එම මුදලින් බවත් රැඳවියන් තේරුම් ගත යුතු බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..