''හදිසියේ ව්‍යස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා''.. - දිනන දකුණ
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන හදිසි ව්‍යවස්ථා සංශෝධනයට තමන්ගේ දැඩි පිළිකුල සහ විරෝධය පළ කරන බව ‘දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය පුනරුත්ථාපනය කිරීමේ සාමූහිකය’ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාවේ අත්සනින් යුතුව අද (04) දිනයේ මෙම නිවේදනය නිකුත්කර තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන සංකල්ප පත්‍රිකාවක් තමන් වෙත නොලැබුණු බවත්, එවැනි කැබිනට් පත්‍රිකාවක් තමන් සකස් නොකළ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය ප්‍රකාශ කර තිබෙන බවත් අදාළ රේඛීය අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව වෙනත් පාර්ශ්වයන් විසින් මෙම කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බවට මෙයින් සාධාරණ සැකයක් මතුවන බවයි දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් ද මෙම සැකය තවදුරටත් තහවුරු වන බවයි එම සංවිධානය පවසන්නේ.
මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ත්‍රෛනිකායික මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ විරෝධය දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් විසින් දැනුම් දී ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට පොරොන්දු වී, මෙලෙස හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..