“තවමත් මට සිංහල වචන කිහිපයක් මතකයි” – රුසියානු විදේශ ඇමති ලැව්රොව්ගෙන් ඇමති විජිතට හෘදයාංගම මතකාවර්ජනයක්!
පිලිපීනයේ මැනිලා නුවර පැවැති 33 වැනි ‘ආසියාන්’ (ASEAN) කලාපීය සංසදයේ ඇමති මට්ටමේ හමුව අතරතුර ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා සහ රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රොව් (Sergey Lavrov) මහතා අතර සුවිශේෂී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී රුසියානු විදේශ ඇමතිවරයා සිය රාජ්‍යතාන්ත්‍රික දිවියේ මුල් යුගයේ ශ්‍රී ලංකාවේ ගතකළ සොඳුරු කාලපරිච්ඡේදය පිළිබඳව නැවත මතක් කර සිටියේ මුහුණ පුරා සිනහවක් රඳවාගනිමිනි.
එකල තමන්ට ඉතා හොඳින් සිංහල කතාකිරීමට හැකිව තිබූ බවත්, “මට දැන් සිංහල ටිකක් අමතකයි, ඒත් තවමත් වචන කිහිපයක් මතකයේ තියෙනවා” යැයි පැවසීමත් මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවට වඩාත් සුහදශීලී බවක් එකතු කිරීමට සමත් විය.
මීට අමතරව, ලබන වසරේදී යෙදෙන ශ්‍රී ලංකා – රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට පියවර ගන්නා ලෙස මතක් කළ ලැව්රොව් මහතා, ඇමති විජිත හේරත් මහතාට රුසියාවේ නිල සංචාරයක නිරත වන ලෙසද ආරාධනා කළේය.
තවද මෙම සංසදය අතරතුරදී ඇමති විජිත හේරත් මහතා, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආසියාන් මහලේකම්වරයා මෙන්ම යුරෝපීය සංගමයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද හමුවී සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..