අනුරලා පොලිස්පති කළ පූජිත් එල්ලුම් ගස් ගියා.. විශ්‍රාම වයස දික් කරන්න හදන අයත් පරිස්සම් විය යුතුයි..! – නුවන් බෝපගේ
දේශපාලනඥයන්ගේ උවමනාවන් ඉටුකරමින් තනතුරු සහ විශ්‍රාම වයස දීර්ඝ කරගැනීම් වැනි වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කරන සියලු නිලධාරීන්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අත්වූ ඉරණම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජන අරගල සන්ධානයේ නීතිඥ නුවන් බෝපගේ මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, 2016 වසරේදී පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධූරයට පත්කිරීම සඳහා එකල යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක සභාවේ සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මහත්වරුන් දැඩි බලපෑමක් කළ බවයි.
2015 වසරේ BRC පිටියේ පැවති ජවිපෙ මැයි රැලියට එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි පූජිත් ජයසුන්දර මහතා පෞද්ගලිකවම සහභාගී වී ඡායාරූපවලට පෙනී සිටි බවත්, එම හිතවත්කම අඛණ්ඩව පවත්වාගෙන ගිය බවත් කියැවේ.
2016 දී පොලිස්පති ධූරය පුරප්පාඩු වූ අවස්ථාවේදී, යහපාලන ආණ්ඩුව සහ ජවිපෙ අතර පැවති එකඟතාවල ප්‍රතිඵලයක් ලෙස ඔහු එම ධූරයට පත් කරගත් බව නීතිඥ නුවන් බෝපගේ සඳහන් කරයි.
වත්මන් තත්ත්වය සහ අනතුරු ඇඟවීම: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා ඔහුට දඬුවම් නියම වී ඇති බව පෙන්වා දෙන ඔහු, වර්තමානයේ අගවිනිසුරුවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ කතාබහක් ද පවතින බව පවසයි.
"දේශපාලකයන්ගේ මනදොළ පිරවීම සහ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පසුපස ගොස් තනතුරු හෝ විශ්‍රාම වයස දීර්ඝ කරගැනීම් වැනි වරප්‍රසාද ලබාගන්නා ඕනෑම අයෙකු පූජිත්ට සිදුවූ මෙම සිදුවීම මතකයේ තබා ගත යුතුයි." යනුවෙන් නීතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් අවධාරණය කරයි.
මූලාශ්‍රය - emanisa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..