කුකුළු කකුලක් ඩොලර් 3.50යි.. කුකුළු කකුල් ෆැක්ටරියක් හදනවා..- නාමල් කරුණාරත්න
මෙරට කුකුළු පාලන කර්මාන්තයට ඉහළ අගයක් එකතු කරමින්, කුකුළු මස් සහ කුකුළු කකුල් අපනයනය ඉලක්ක කරගත් නව කර්මාන්ත ශාලා කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ විවෘත කිරීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ, කුකුළු මස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පිරිසිදු කර, ඇසුරුම් කර විදේශ වෙළඳපොළට යොමු කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලීන් විද්‍යාත්මකව පාලනය කරමින් උසස් ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන අපනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම චීනය වැනි රටවල කුකුළු කකුල් සඳහා පවතින අතිවිශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, ඒ සඳහාම වෙන්වූ වෙනම කර්මාන්ත ශාලාවක් ද ස්ථාපිත කිරීමට නියමිතය.
ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉහළ වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දැනට පවතින මිල ගණන් අනුව කුකුළු කකුලක් ඇමරිකානු ඩොලර් 3.50ක් පමණ වන බවයි.
"කුකුළෙකුගේ කකුල් දෙකක් ඩොලර් 7ක් පමණ වෙනවා. වත්මන් විනිමය අනුපාත අනුව එය රුපියල් 2,000කට අධික වටිනාකමක්. මෙය අපේ රටේ කුකුළු පාලන කර්මාන්තයට ලැබෙන ඉතා ඉහළ අගය එකතු කිරීමක්," යැයි ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..