විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්..
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම වේලාවක් වෙන්කර දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අද (01) දින යොමු කර ඇති ලිපියක් මගිනුයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.
එහිදී, අදාළ සංශෝධනය මගින් ධුරයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පමණක් සිදු කිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසයට අහිතකර ලෙස බලපෑ හැකි බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
ශ්‍රේෂ්ඨාධිකරරණයේ සහ අභියාචනාධිකරණයේ අනුමත විනිසුරු සංඛ්‍යාව මෑතකදී ඉහළ නංවා ඇති බැවින්, විශ්‍රාම වයස ඉහළ දැමීමට තරම් හදිසි ආයතනික අවශ්‍යතාවක් නොමැති බව නීතිඥ සංගමය එම ලිපිය මගින් සඳහන් කරයි.
එමෙන්ම, මෙවැනි තීරණාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තාවකාලික අවශ්‍යතාවන් මත සිදු නොකළ යුතු අතර, විනිවිදභාවයෙන් යුත් මහජන පැහැදිලි කිරීමක් සහ අදාළ පාර්ශවයන්ගේ පුළුල් සාකච්ඡාවකින් පසුව පමණක් සිදු කළ යුතු බව ඔවුන් අවධාරණය කරන්නේ.
නීතිඥ සංගමය පවසන්නේ තමන් මීට පෙර යොමු කළ ලිපියට මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීමට පෙර අමාත්‍ය මණ්ඩලය අදාළ යෝජනාව අනුමත කර ඇති බවයි.
කෙසේ වෙතත්, පසුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟ පැවති සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ ස්ථාවරය ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන බවටත්, ජනාධිපතිවරයා සමඟ හමුවක් ලබාදීමට කටයුතු කරන බවටත් පොරොන්දු වූ බව එම ලිපියේ දැක්වේ.
ඒ අනුව, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන තෙක් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් කිසිදු පියවරක් නොගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.
අධිකරණයේ ස්වාධීනත්වය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආයතන කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා වන අයුරින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා එම හමුව ප්‍රයෝජනවත් වනු ඇති බව ද නීතිඥ සංගමය සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..