වී වගාවට වඩා බඩ ඉරිඟු වවන එක ලාබයි.. "ගොවියා රජෙක්" කිව්වට තවමත් දුප්පත්.. - ලාල් කාන්ත
රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීමට එකඟ වී සහනදායී ණය පහසුකම් ලබාගෙන, පසුව එම පොරොන්දු කඩකරන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත (Blacklist) කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි. ගොවි සංගම් නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් සීමිත බැවින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පෞද්ගලික අංශය වෙත 'ඔඩපන ණය' ලබා දීමට රජය කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, මෙලෙස රජයේ සහන ලබාගන්නා ඇතැම් මෝල් හිමියන් නියමිත සහතික මිලට වඩා අඩු මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා, එවැනි අත්තනෝමතික ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී රජය සමඟ කිසිදු ගනුදෙනුවක් කිරීමට ඉඩ නොතබන බවට අනතුරු ඇඟවීය.
රජයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ අතරමැදියන්ගේ සූරාකෑම්වලින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කරමින් ගොවියාට හිමි සාධාරණ ප්‍රතිලාභය ලබාදීමයි. "ගොවියා රජෙක්" යැයි පැවසුවද ඔවුන් තවමත් දිළිඳුකමින් පෙළීම කනගාටුවට කරුණක් බවත්, එම තත්ත්වය වෙනස් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම වී වගාවට සාපේක්ෂව බඩ ඉරිඟු වගාවෙන් අක්කරයකට ලැබෙන ආදායම වැඩි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට බඩ ඉරිඟු මෙරට දෙවන ප්‍රධාන බෝගය බවට පත්ව ඇති බවද සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..