News Category
From Date
To Date
Maximum Number of Result

කැරපොත්තන්ගේ දිල්ලි විරෝධතාවය, විදේශීය මැදිහත්වීම් සහ ඉන්දීය ප්‍රභූන්ගේ නිශ්ශබ්දතාව: සංක්ෂිප්ත විශ්ලේෂණයක්

Jul 31, 2026 at 11:22 AM
|

ඉන්දියාවේ දිල්ලි අගනුවර පුරා දින ගණනාවක් තිස්සේ ලේ වැගිරෙමින් තිබුණි. දින ගණනාවක් තිස්සේ රූපවාහිනී තිර මත සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ උමතු ලෙස දිව යන කල්ලි ,ඉන්දීය ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රහාර, මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු පරිශ්‍රයම පෙර නොවූ විරෝධතා පවත්වන්නන්ගේ දර්ශන වලින් පිරී තිබුණි. සිසුන්ගේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ විරෝධතා ඉතා ඉක්මනින් වඩාත් භයානක කැරැල්ලක් බවට පරිවර්තනය විය. බැලූ බැල්මටම කැරැල්ල ඉන්දියාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අත්තිවාරම්වලට තර්ජනයක් වන සංවිධානාත්මක, හොඳින් අරමුදල් සපයන ලදක් බව පෙනෙන්නට තිබුණි.

නිර්මිත ව්‍යාපාරය විරෝධතා සැබවින්ම පුපුරවන්නේ කවුද?

ගැටුම් දෙසට කැමරා ක්‍රියාත්මක වී ලෝක ජනයා ඒවා නරඹන විට, දහස් ගණනක් CPJ යන නාමය යටතේ රැස් වී සිටිනු නිරීක්ෂණය වේ. නමුත් මතුපිටින් පෙනෙන පරිදි ස්වයංසිද්ධ නැගිටීමේ ගැඹුර දෙසට කැමරා යොමු වීම පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ විශාල වශයෙන් නොසලකා හරිනු ලැබූ සත්‍යයක් ගැබ්ව තිබුණි.

" Republic Media Network " විසින් සිදු කරන ලද සුවිශේෂී සටන් බිමට අදාළ වාර්තා සහ සම්මුඛ සාකච්ඡාවලට අනුව, මෙම උද්ඝෝෂණවලට සහභාගී වූ අයගෙන් 90%කට වඩා වැඩි පිරිසකට ඉන්දීය සිසු ජීවිත සමඟ කිසිදු සම්බන්ධයක් නැත. අපගේ අවධාරණය " Republic Media Network " ට අනුව එම අගය 90% ක් වීම භයානක අගයකි.

"මම ශිෂ්‍යයකෙ නොවෙයි. මම 12 වන ශ්‍රේණියේ විභාගයවත් ලිව්වේ නැහැ." එක් විරෝධතාකරුවෙකු අවංකව පිළිගත්තේය. මෙය හුදු ප්‍රකාශයක් පමණක්ම නොවේ. එය සමස්ත කැරපොතු ව්‍යාපාරයේ විශ්වසනීයත්වය හෙළි කරන හෙළිදරව්වකි. 12 වන ශ්‍රේණිය සමත්වීමක්වත් නොමැතිව, කැරපොත්තන්ගේ විරෝධතා භ්‍රමණය වන NEET විභාගය ලිවීමට පවා සුදුසුකම් ලැබිය නොහැක.

"අපි මීට වසර ගණනාවකට පෙර ශිෂ්‍යයන් ලෙස සිටියා. අපට නිදහසේ කටයුතු කිරීමට ඉඩ තිබෙන නිසා අපි මේ උද්ඝෝෂන වලට සහභාගි වනවා." තවත් අයෙකු පාපොච්චාරණය කළේ, බහුවිධ සම්මුඛ සාකච්ඡා හරහා පුනරුච්චාරණය වූ හැඟීමක් පිළිබිඹු කරමිනි. ඒ අනුව රටාව නිවැරදිය, ගෙවන ලද විරෝධතාකරුවන්, වෘත්තීය උද්ඝෝෂකයින් සහ අවස්ථාවාදී නිදහස් ගමන්කරුවන් සැබෑ සිසුවන්ගේ ස්ථානය පැහැරගෙන ඇත.

මෙවැනි පිරිස් උත්හර්ෂයට නංවන ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වේදිකා හරහා පුළුල් ලෙස සංසරණය වෙමින්, චෝදනාත්මක චිත්‍රයක් ගෙනහැර දක්වනු ලැබීය. ඒ අනුව මෙය සිසු වේදනාවෙන් උපන් ව්‍යාපාරයක් නොව යම් යම් අරමුණු පදනම් කර ගොඩනගා ඇති, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සැබෑ උනන්දුවක් නැති අයගෙන් පිරුණු, නිර්මිත ව්‍යවසායකි.

ප්‍රචණ්ඩත්වයේ ගෘහ නිර්මාණ ශිල්පීන්

අභිජිත් දීප්කේ සහ ප්‍රචන්ඩත්වයේ ප්‍රාණ ඝාතනයක ස්වරූපය අද ඉන්දියානුවැසියන් සහ සමස්ත ලෝකවැසියන් කම්පනයට පත් කළ දර්ශන මෙම උද්ඝෝෂණයේ සැබෑ මුහුණුවර හෙළි කරනු ලැබීය. අභිජිත් දීප්කේ, සිසු නායකයෙකු ලෙස ස්ථානගත කළ  නමුත් ඔහුගේ ක්‍රියාවන් කොතරම් භයානක චේතනාවන්ගෙන් පිරී තිබුණේදයත් ප්‍රචණ්ඩත්වයේ උච්චතම අවස්ථාවේ ග්‍රහණය කරගත් දර්ශනවල දීප්කේ ආරක්ෂක නිලධාරීන් දෙසට ආක්‍රමණශීලී ලෙස ඇඟිල්ල දිගු කරමින්, හමුදාවක් මෙහෙයවන ජෙනරාල්වරයෙකු මෙන් තම අනුගාමිකයින් මෙහෙයවන අයුරු පෙන්වයි. ඉන්පසුව, සිත් සසල කරවන පූර්ව සැලසුමක් සහිතව, ඔහු සංයමයෙන් ක්‍රියා කරන බව පෙන්වමින් ඔහුම උසිගැන්වූ ජනකායක් සංයමයෙන් තබා ගැනීමට නාට්‍යමය රංගනයක යෙදුනි. එහෙත් ප්‍රසංගය විනිවිද පෙනෙන්නට තිබූ බැවින් ඔහුගේ  චේතනාව ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස විද්‍යාමාන විය.

එහෙත් ඔහුගේ සන්සුන් රංගනය එතැනට පැමිණෙන විට, බොහෝ ප්‍රමාද වී තිබුණි. ජනකාය, ඒ වන විට උද්‍යෝගිමත් සහ පාලනයෙන් ඔබ්බට ගොස්, ක්ෂණික විහිදුම් බලකායේ නිලධාරියෙකු වට කර ගෙන තිබුණි. ඉන්පසු සිදු වූ සිදුවීම් පැහැදිලිවම, අනාරක්ෂිත අවුල් සහගත තත්වයක් නිර්මානය කළේය. ප්‍රචන්ඩ කල්ලි දිල්ලියේ වීදි හරහා ආරක්ෂක හමුදා පසුපස හඹා යමින්, "මාරෝ, මාරෝ!(ගහපියව්! ගහපියව්!)" ලෙස කෑකෝ ගසමින් හැසිරෙන්නට විය.

ඒවන විට උද්ඝෝෂනය තවදුරටත් සාමකාමී උද්ඝෝෂණයක් නොවීය. උද්ඝෝෂණය ඉන්දීය අගනුවර වීදිවල  මුදා හරින ලද ප්‍රාණ ඝාතන කල්ලියක මෙහෙයුමක් විය. ඒ වන විට සෑම සැලකිලිමත් ඉන්දියානු පුරවැසියෙකුම මෙන්ම ලෝකවාසි ජනයා තුල වද දෙන ප්‍රශ්නය සරල නමුත් හදිසි එකක් විය. මෙම තත්වය දිගටම පැවතීමට ඉඩ දෙනවාද කොපමණ කාලයකටද?

දීප්කේගේ හවුල්කාරිත්වය හුදු වක්‍රාකාර හවුල්කාරිත්වයක් නොවේ. විරෝධතාකරුවන් "ඉන්දියාවේ පාර්ලිමේන්තුව විනාශ කර දැමීමට" ඇති ආශාව පැහැදිලිව ප්‍රකාශ කළ අතර ඉන්දියාව තුළ "නේපාලය වැනි තත්වයක්" ඇති කිරීමට ඇති අභිප්‍රාය නිර්භීතව ප්‍රකාශ කරනු ලැබීය. මෙම වචන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන සිසුන්ගේ වචන නොවන අතර පරමාධිපත්‍ය රාජ්‍යයක් අස්ථාවර කිරීමට උත්සාහ කරන අයගේ යුද්ධෝද්‍යමය හඬවල් බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

සංවාදයට තිබුණු කාලය ඉකුත් වී ඇත. තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට කාලය උදාවී තිබේ. ඒ අනුව දීප්කේ ඉදිරියට පැමිණ ලෝකය හමුවේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. එනම් ඔබ පිටුපස සිටියේ කවුද? ඔබේ ප්‍රචණ්ඩ ව්‍යවසායට අරමුදල් සපයන්නේ කවුද?

බොහෝ දේ පවසන නිශ්ශබ්දතාව

දීප්කේගේ විශ්වසනීයත්වය සහ ඔහුගේ ව්‍යාපාරයේ සදාචාරාත්මක අධිකාරිය පරීක්ෂාවට ලක් කිරීමේදී, දශක ගණනාවක් තිස්සේ පැවති කැපී පෙනෙන නිශ්ශබ්දතාවක් නොසලකා හැරිය නොහැක. සිසු සුභසාධනය පිළිබඳ ඔහුගේ විරෝධතා සියල්ල තිබියදීත්, පෙර කොන්ග්‍රස් නායකත්වය යටතේ රටේ විභාග ක්‍රමය ක්‍රමානුකූලව අවදානමට ලක් වූ විට දීප්කේ ඒවා හෙළා දැකීමට කිසිදු වචනයක් මුදා හැරියේ නැත. දීප්කේගේ හැදෑරීමට හසු නොවූ ඉන්දියාවේ ජාතික විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම සහ එම කාලය තුල බලයේ සිටි දේශපාලන පක්ෂ පහත පරිදිය.

2004 වර්ෂයේදී CBSE සමස්ත ඉන්දියා පූර්ව වෛද්‍ය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වූ අවස්ථාවේදී කොන්ග්‍රසය බලයේ සිටියේය. 2006 වර්ෂයේදී 12 වන ශ්‍රේණියේ ගණකාධිකරණ ප්‍රශ්න පත්‍රය අවදානමට ලක් වන විට කොන්ග්‍රසය බලයේ සිටියේය. 2007 වර්ෂයේ ඉංජිනේරු විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිට වූ අවස්ථාවේදී කොන්ග්‍රසය බලයේ සිටියේය. 2008 වර්ෂයේ පූර්ව වෛද්‍ය විභාග (PMT) ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ අවස්ථාවේදීද කොන්ග්‍රසය බලයේ සිටියේය. 2011 වර්ෂයේදි තවත් ඉංජිනේරු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිට වූ අතර ඒ වන විටද බලයේ සිටියේ කොන්ග්‍රසය විය.

මෙම එක් සිදුවීමකදී හෝ දීප්කේගේ සදාචාරාත්මක කෝපය පිට නොවීය. ඔහුගේ විරෝධතා, ඔහුගේ සටන් සහ වගවීම ඉල්ලා ඔහුගේ උද්යෝගිමත් කතා කරලියට ආවේ නැත. එම අඳුරු දිනවල සෝනියා ගාන්ධි  අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඔහු ඉල්ලා සිටියේ  නැත.  සෝනියා ගාන්ධි හෝ අග්‍රාමාත්‍ය තුමිය තමා විසින්ම ඉල්ලා අස්වීමට ඉදිරිපත් වූයේද නැත. එපමණක් නොව  ඇය තත්වයේ බරපතලකම ප්‍රතික්ෂේප කළ අතර, දහස් ගණන් සිසුන් සියදිවි නසා ගනිමින් සිටියදී, නොඇසූ කන්ව සිටියාය.

ඉන්දියාවේ විභාග දූෂණය නොනවත්වා දිගටම පැවතුණි. 2012 දී AIIMS ප්‍රවේශ ප්‍රශ්න පත්‍රය පිට විය. මහාරාෂ්ට්‍ර HSC විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවිය.එලෙසම රාජස්ථාන් විශ්වවිද්‍යාල ප්‍රශ්න පත්‍ර පිට විය. රාජස්ථානයේ අශෝක් ගෙහ්ලොට් "ප්‍රශ්න පත්‍ර පිටවීම්වල අධිරාජ්‍යයා" ලෙස කුප්‍රකට විය. 2014 දී CBSE 10 වන ශ්‍රේණියේ සහ 12 වන ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රද පිට විය.

2004 සහ 2014 අතර, කොන්ග්‍රස් පාලනය යටතේ, ප්‍රශ්න පත්‍ර පිටවීම් සහ සිසු සියදිවි නසාගැනීම් ගණන විස්මිත ලෙස 50% කින් පමණ වැඩි විය. එහෙත් කිසිදු කොන්ග්‍රස් නායකයෙකු ඉල්ලා අස් නොවීය. කිසිදු අමාත්‍යවරයෙකු ප්‍රතිවිපාකවලට මුහුණ නොදුන්නේය. එලෙස දශකයක් තිස්සේ නිශ්ශබ්ද වූ හඬවල් ධාර්මික කෝපයෙන් ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටියහ.

ඒ අනුව කුහකකම සිත් ගන්නා සුළු ය. එය හුදු අනනුකූලතාවයක් පමණක් නොව සදාචාරාත්මක කෝපය ලෙස වෙස්වළාගත් ගණනය කළ දේශපාලන උපාය මාර්ගයක් නොවේද?.

ජාතික විරෝධී සම්බන්ධතාව

දීප්කේගේ පසුබිම පිළිබඳ විමර්ශනය කරද්දී දේශප්‍රේමී ඉන්දියානුවෙකුම තැතිගත යුතු සම්බන්ධතා හෙළි කරනු ලබයි. 2020 හින්දු විරෝධී කෝලාහලවල සහ 2020 ප්‍රති-සීඒඒ ප්‍රචණ්ඩත්වයේ චෝදනා ලැබූ උමර් ඛාලිද් වෙත ඔහු ලබා දුන් දීර්ඝකාලීන සහයෝගය කැපී පෙනෙන බව විද්වත්හු පවසති.

"මම උමර් ඛාලිද්ට සහයෝගය දක්වනවා. මම උමර් ඛාලිද් සමඟ සිටිනවා. ඔහුට නරක ලෙස සලකන්නේ ඇයි?" දීප්කේ නැවත නැවතත් ට්වීට් කළ අතර, ඒවා දැන් ඔහුට මකා දැමිය නොහැකි හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි හැඟීම් ප්‍රකාශන බවට පත්ව තිබේ. ඩිජිටල් ලේඛනාගාරයේ සංරක්ෂණය කර ඇති මෙම ට්වීට්, "ටුක්ඩේ ටුක්ඩේ" කල්ලිය ලෙස පුළුල් ලෙස හැඳින්වෙන ඉන්දියාවේ ඛණ්ඩනය වෙනුවෙන් පෙනී සිටින අය සමඟ ඔහුගේ ඇති සම්බන්ධතාව හෙළි කරයි.

ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමේදී ඛාලිද්ගේ කාර්යභාරය දීප්කේ දැන සිටියේ නැද්ද? චෝදනා ලත් කැරලිකරුවෙකුට සහාය දීමේ ප්‍රතිවිපාක ඔහුට වැටහුණේ නැද්ද? නැතහොත් ඔහු දැන සිටි අතර හුදෙක් ගණන් ගත්තේ නැද්ද? යන ප්‍රශ්න ස්මස්ත ලෝක ජනයා ඉදිරියේ පවති.

දීප්කේගේ සමාජ මාධ්‍ය පැවැත්ම පිළිබඳ වැඩිදුර පරීක්ෂාව මගින් 370 වන වගන්තියට එරෙහි විරෝධතාවල ඔහුගේ නායකත්වය හෙළි කරයි. එය කාෂ්මීරයේ සම්පූර්ණ හා සමස්ත ඉන්දියාව සමඟ ඒකාබද්ධ වීමට එරෙහිව ඔහුව ඔසවා තබනු ලබයි. ඒ අනුව මෙය නීත්‍යානුකූල විසම්මුතියේ තනතුරක් නොව ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ස්ථනායක් නොමැති ජාතික විරෝධී රේඛාවකි.

සිසු නායකයෙකු ලෙස දීප්කේගේ උපක්‍රමය ඔහුගේම ඉතිහාසයේ බර යටතේ සම්පූර්ණයෙන්ම බිඳ වැටේ. ඔහු සැබවින්ම පොදු චරිතයක් වීමට උත්සාහ කරන්නේ නම්, ඔහු සමස්ථ ඉන්දියානු ජාතියට මෙම කනස්සල්ලට පත් සම්බන්ධතා පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් ලබා දිය යුතුය. ඉන්දියාවේ ජනතාව තමන් කටයුතු කරන්නේ කා සමඟදැයි දැන ගැනීමට අනිවාර්ය වුවමනාවකින් පෙලෙයි.

ඇමරිකානු සම්බන්ධතාව

සමහර විට මෙම සමස්ත කතාවේ ඇති වඩාත්ම කනස්සල්ලට පත් හෙළිදරව්ව මගින් දීප්කේගෙන් පමණක් නොව, ඇමරිකානු රජයෙන්ම පිළිතුරු ඉල්ලා සිටී. ප්‍රශ්න උපකල්පිත නොවේ ඒවා ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය මැදිහත්වීම් පිළිබඳ බරපතල උත්සුකතා මතු කරන ලේඛනගත කරුණු මත පදනම් වේ.

එක්සත් ජනපදය සිදුවීම් දිග හැරීමට පෙර සවිස්තරාත්මක දැනුමක් ලබා ගත්තේ කෙසේද? ගටුම් උත්සන්න වූ ජූලි මස 20 සහ 21 දින දෙකට පෙර උදාවූ ජූලි 16 වන දින BJP හි සැලසුම් ඇමරිකාව දැන සිටියේ කෙසේද? ඇමරිකානු ඔත්තු සේවා එවැනි කනස්සල්ලට පත් නිරවද්‍යතාවයකින් උපදෙස් නිකුත් කළේ කෙසේද?

කාලරේඛාව ප්‍රවේශමෙන් සලකා බලමු:

දින පහකට පෙර: ඇමරිකානුවන් දිනය, ස්ථානය සහ දිල්ලියේ ඇතිවීමට නියමිත ප්‍රචණ්ඩත්වයේ නියම ප්‍රමාණය දැන සිටියහ. දින පහකට පෙර: ඔවුන් ගැටුම් ස්ථාන දැන සිටියහ. ජන්තර් මන්තර් පමණක් නොව, පාර්ලිමේන්තු මන්දිරයම අනතුරට ලක්වන බව දැන සිටියහ. දින පහකට පෙර: කිසාන් ඝාට් ජූලි 21 වන දින පැවැති උද්ඝෝෂණයේ මධ්‍යස්ථානයක් වනු ඇතැයි ඔවුන් දැන සිටියහ.

පළමු බාධක කඩ කිරීමට පෙර පවා එවැනි සවිස්තරාත්මක උපදෙසක් නිකුත් කිරීමට හැකි වන්නේ සීජේපී හෝ එහි නායකයින් සමඟ සෘජු සම්බන්ධතා පැවති නිසා නොවේද?

බොහෝ ඉන්දියානු විද්වතුන්ට අනුව මේවා උමතු කුමන්ත්‍රණ න්‍යායන් නොවේ, මේවා හුදු සැකයන් නොවේ, මේවා විශ්වාසදායක පිළිතුරු ඉල්ලා සිටින තාර්කික, සාක්ෂි පදනම් කරගත් ප්‍රශ්න වේ. ඇමරිකානු ඒජන්සිවලට ප්‍රචණ්ඩත්වය දින පහකට පෙර අපේක්ෂා කිරීමට හැකි වූයේ කෙසේද? සීජේපී නායකත්වය සහ විදේශීය ඔත්තු මෙහෙයුම්කරුවන් අතර පවතින සම්බන්ධතාව කුමක්ද?

මේවා ඉන්දියානු ජනතාවට මෙන්ම සමස්ත ලෝක ජනයාට දැන ගැනීමට අයිතියක් ඇත.එලෙසම වත්මන් ඉන්දියානු රජයට විමර්ශනය කිරීමට අනිවාර්ය යුතුකමක් ඇත.

ප්‍රභූන්ගේ පශ්චාත් නිශ්ශබ්දතාව

අවසාන වශයෙන්, අපි තවත් කණ්ඩායමක් වූ බොලිවුඩ් ප්‍රභූන් දෙසට හැරෙමු. විරෝධතා ආරම්භ වූ විට, චිත්‍රපට කර්මාන්තයෙන් නිකුත් වූ සමහර හඬවල්  "කැරපොතු ජනතා පක්ෂය" ලෙස හැඳින්වූ දෙයට "මහත් අනුකම්පාව" පළ කිරීමට ඉක්මන් විය. සමාජ මාධ්‍ය එක්සත්කමේ පණිවිඩ, ප්‍රවේශමෙන් සකස් කළ ප්‍රකාශ සහ විනෝදාස්වාද කර්මාන්තයේ දේශපාලනය සමඟ සම්බන්ධ වීමේ ලක්ෂණය බවට පත්ව ඇති පුරෝකථනය කළ හැකි කාර්ය සාධන ක්‍රියාකාරීත්වයෙන් පිරී ගියේය. නමුත් දිල්ලියේ වීදිවල ලේ වැගිරෙන විට, ඔවුන් කොහේ සිටියේදැයි සොයා ගත නොහැකි විය.

සෝනාක්ෂි සිංහා, නසීරුදීන් ෂා, ෂබානා අස්මි වැන්නවුන් සහ තවත් බොහෝ අය නිරන්තරයෙන් සමාජයීයව සවිඥානක හඬවල් ලෙස ඉදිරිපත් වන අය කැපී පෙනෙන ලෙස නිශ්ශබ්ද වී ඇත. ඔවුන්ගේ පුරෝකථනය කළ හැකි "වෝක්" සෘතුමයභාවය දේශපාලනික වශයෙන් සුදුසු අවස්ථාවන්හිදී මතුවන සහ ඉක්මනින් වාෂ්ප වන පහසු කෝපය කුමක්දැයි හෙළි වී ඇත. එනම් ප්‍රතිවිපාක සැබෑ වන විට මූලධර්ම අත්හරින මතුපිටින් පෙනෙන, ස්වයං සේවය කරන ප්‍රසංගයකට ඔවුන් හවුල් වී ඇත.

ඔවුන් දැන් හෙළා දැකීම සහ ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමේ වගකීම ඔවුන් දරන්නේද? මුල් අවධියේදී ව්‍යාපාරය නීත්‍යානුකූල කිරීමෙන්, එහි හේතුවට තම හඬවල් ලබා දීමෙන්, ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ඉඩ සලසන නමුත් දඬුවම් නොලැබීමේ ප්‍රවනතාවයට ඔවුන් දායක නොවූවාද? නැතහොත් ඔවුන් නැවත වරක් සුවපහසු නිශ්ශබ්දතාවයට පසුබසිනු ඇත්ද? ඔවුන්ගේ උදාසීන හෘදය සාක්ෂිය නැවත පණ ගැන්වීමට ඊළඟ විලාසිතාමය හේතුව එනතෙක් බලා සිටින්නේ නැතැයි සහතික විය හැකිද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු ඉන්දියානු ජනයාට මෙන්ම සමස්ත ලෝක ජනයාටම වැදගත් වේ.

ඉන්දියානු ජාතිය පිළිතුරු ඉල්ලා සිටී

CJP ව්‍යාපාරය යනු  සැබවින්ම කුමක්දැයි හෙළිදරව් වී ඇත. ගෙවීම් කරන ලද උද්ඝෝෂකයින්ගෙන් පිරී ඇති, ලේඛනගත ජාතික විරෝධී සම්බන්ධතා ඇති පුද්ගලයෙකු විසින් මෙහෙයවනු ලබන, සහ විදේශීය ඔත්තු සේවා සමඟ සම්බන්ධීකරණය කළ හැකි නිර්මිත ව්‍යවසායක් බව දැන් තහවුරු වී තිබේ. ප්‍රචණ්ඩත්වය උත්සන්න වී ඇත්තේ පාර්ලිමේන්තු මන්දිරයම තර්ජනයට ලක්වන තරමට වන අතර, ඉන්දීය ආරක්ෂක හමුදා වීදිවල දඩයම් කරනු ලබන තත්වයට පත් කරනු ලැබ තිබේ.

ප්‍රශ්න පැයෙන් පැය ගුණනය වේ. එනම් අභිජිත් දීප්කේට අරමුදල් සපයන්නේ කවුද? විරෝධතාවල පරිමාණය අනුව සැලකිය යුතු මූල්‍ය සම්පත් කරනු ලැබූ බව පැහැදිලිය. ඒවා සැබැවින්ම පැමිණියේ කොහේ සිටද? උමර් ඛාලිද් සහ ජාතික විරෝධී පද්ධතිය සමඟ ඔහුගේ සම්බන්ධතාව කුමක්ද? ලේඛනගත සහයෝගය ව්‍යාපාරයේ සැබෑ අරමුණු පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරනු ලබයි. ඇමරිකානු ඔත්තු සේවා මෙතරම් දැනුමක් බොහෝ කලින් දැන සිටියේ කෙසේද? ඔවුන්ගේ උපදෙස්වල නිරවද්‍යතාවය පුළුල් විමර්ශනයක් ඉල්ලා සිටී. ඔවුන්ගේ ව්‍යාපාරය ප්‍රචණ්ඩත්වයට හැරෙන විට "බොලිවුඩ් සෙලිබ්‍රිටි" නිශ්ශබ්ද වන්නේ ඇයි? ඔවුන්ගේ පහසු නිශ්ශබ්දතාව එය හවුල්කාරිත්වයේ ආකාරයකි. මෙම නීති විරෝධීතත්වය දිගටම පැවතීමට රජය ඉඩ දෙන්නේ කොපමණ කාලයකට ද?

මග හැරෙන පිළිතුරුවල කාලය ඉකුත් වී ඇති බවක් දැන් දැන් පෙනෙන්නට තිබේ. වගවීමේ කාලය පැමිණ තිබේ. ඉන්දියානු ජාතිය විසින් විනිවිදභාවය, වේගවත් ක්‍රියාමාර්ග, සහ දිල්ලියේ වීදිවලට ප්‍රචණ්ඩත්වය ගෙන ආ බලවේග පිළිබඳ පුළුල් විමර්ශනයක් ඉල්ලා සිටී.

අවසන් වචනය

මෙම ආඛ්‍යානය දේශපාලන පක්ෂග්‍රාහීත්වය ගැන නොවේ. මෙය ඉන්දියාවේ පමණක් නොව රටක පරමාධිපත්‍යය පිළිබඳවය. මෙය සමස්ත ලෝකවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳවය. මෙය රටක මහජන ආයතනවල අඛණ්ඩතාව සහ පැවැත්ම පිළිබඳවය. ප්‍රචන්ඩ කල්ලි ඉන්දීය අගනුවර වීදි හරහා දිව යමින් පාර්ලිමේන්තු මන්දිරයට තර්ජනය කර ආරක්ෂක හමුදා දඩයම් කරන විට, සෑම ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ලෝකවාසියෙකුම  එක හඬින් හඬ නැගීම කළ යුතුය.

අභිජිත් දීප්කේ, ලෝක ජනයාගේ විමර්ශනයට ලක්ව සිටී. ඇමරිකානු රජය, සම්බන්ධයෙන් සමස්ත ලෝකය පිළිතුරු ඉල්ලා සිටී. බොලිවුඩ් සෙලිබ්‍රිටියේ හැසිරීම සහ දැන් පල කරන නිශ්ශබ්දතාව සිහියට නගා ගත යුතුය

ඉන්දියාවේදී කරලියට නැංවූ නාඩගම ප්‍රජාන්ත්‍රවාදය අගයන ලෝක ජනයාගේ විමසුමට භාජනය වේ. සත්‍යය හෙළිදරව් වන තෙක් සහ යුක්තිය ඉටු වන තෙක් ලෝක ජනතාව විවේක නොගනු ඇත.

කැරපොතු ජනතා පක්ෂය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර ආශ්‍රිතව කළ ප්‍රචන්ඩ විරෝධය සම්බන්ධ ප්‍රවනතාවයන් අන්තර්ජාලය ඇසුරෙන් කළ අධ්‍යනයන් මගින් සකස් කළ ලිපියකි. 

- සැකසුම ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.