News Category
From Date
To Date
Maximum Number of Result

“කැරපොත්තන් සහ ඊනියා දෙමළ ඊලාම් විමුක්ති කොටි” – 1 කොටස

Jul 30, 2026 at 03:22 PM
|

විරුද්ධත්වය යන්නෙන් සැමවිටම අදහස් කරන්නේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වය, තුවක්කු සටන්, සමූලඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හෝ පුපුරණ ද්‍රව්‍ය සිටුවීම නොවේ. එම කාචයෙන් පමණක් ප්‍රතිරෝධය බැලීමට පුරුදු වී සිටින එල්ටීටීඊ සහ එහි ආධාරකරුවන් ඉන්දියාවේ කැරපොත්ත ජනතා පක්ෂයෙන් (සීජේපී) ඉගෙන ගත යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් ඔබ්බට දේශපාලන විරෝධතා සඳහා වඩා නිර්මාණාත්මක හා ඵලදායී ආකාර ඇති බවයි.

කෙනෙකුගේ හිසට තුවක්කුවක් නොතබමින්, පුපුරණ ද්‍රව්‍ය පැළඳ නොගෙන අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් සමඟ තමන්වම මරා නොගෙන, බලයේ සිටින අයට විරුද්ධත්වය සන්නිවේදනය කිරීමට ගිණිය නොහැකි තරම් ක්‍රම තිබේ. එල්ටීටීඊයේ සහ තවදුරටත් ඉතිරිව සිටින එහි ආධාරකරුවන්ට මෙම “කැරපොත්තන්ගෙන්” බොහෝ දේ ඉගෙන ගත හැකිය.

ඉතිහාසය පෙන්නුම් කරන්නේ ලොව පුරා සිටින මිනිසුන් ඉතා නිර්මාණශීලී, සංකේතාත්මක සහ අහිංසාවාදී විරෝධතා උපත්‍රම සාර්ථකව භාවිතා කර ඇති බවයි. එවැනි ක්‍රම රාශියක් පවතින බවත් ඒවායේ ඵලදායී බව ඔප්පු වී ඇති බවත් එල්ටීටීඊය සහ එහි ආධාරකරුවන් තේරුම් ගැනීම වැදගත් වේ.

ඉන්දියාවේ දේශපාලන ඉතිහාසයේ, කැරපොත්තන් ජනතා පක්ෂය (CJP) සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනයට එපිටින් මතුවූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් සඳහා හොඳම උදාහරණවලින් එකක් ලෙස මම දකිමි.

පක්ෂයේ වෙබ් අඩවියට අනුව, ව්‍යාපාරයට සම්බන්ධ වීමේ සුදුසුකම් අතරට පහත සඳහන් දෑ ඇතුළත් විය:

1.⁠ ⁠අධික සුදුසුකම් / අන්ත විරැකියාව

උපාධි, ඩිප්ලෝමා හෝ සහතික තිබියදීත් රැකියා අවස්ථා කිසිවක් නොලැබීම.

පළමු සුදුසුකම නම්, ඔබ සතුව කොපමණ උපාධි, ඩිප්ලෝමා හෝ සහතික තිබුණත්, ඔබ දැනට රැකියා විරහිත විය යුතුවීමයි.

වෙනත් වචන වලින් කිවහොත්, ඔබ ඉහළ සුදුසුකම් තිබියදීත් රැකියා සම්මුඛ පරීක්ෂණයකට ආරාධනා කරන ඇමතුමක් කිසිදා නොලැබූ කෙනෙකු විය යුතුය.

එනම්, ඔබ අධි සුදුසුකම් ලැබීම නිසා ඇති වන විරැකියාවෙන් පෙළෙනවා විය යුතුය.

සටහන: මෙම සුදුසුකම යාපනයේ සහ ශ්‍රී ලංකාව පුරා රැකියා සොයමින් දිගටම අරගල කරන බොහෝ රැකියා විරහිත උපාධිධාරීන්ට හොඳින් ගැලපේ.

හිටපු LTTE සාමාජිකයින් සහ LTTE ආධාරකරුවන් සාමාන්‍යයෙන් මෙම විශේෂිත මතවාදය නොදරයි. මගේ අදහස නම්, එල්ටීටීඊය අධ්‍යාපනය අගය නොකළ අතර, එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් උගත් පුද්ගලයින්ට ඇලුම් නොකළ බවයි. එබැවින්, LTTE සංවිධානය තුළ "අධික සුදුසුකම්" ලැබීම පිළිබඳ ප්‍රශ්නය මතු වූයේ නැත.

2.⁠ ⁠නිදන්ගත කම්මැලිකම / දේශපාලන කලකිරීම

පද්ධතිය හෝ රට වෙනස් කිරීමට ආශාවක් තිබීම, නමුත් ඔබේ ඇඳ හෝ බ්ලැන්කට්ටුවෙන් ඉවත් වීමට පෙළඹවීමක් නොමැති වීම.

දේශපාලන කලකිරීම සමඟ ඒකාබද්ධ වූ නිදන්ගත කම්මැලිකමෙන් ඔබ පීඩා විඳිය යුතුය.

ඔබ රට සහ දේශපාලන ක්‍රමය වෙනස් වීමට දැඩි ලෙස කැමති වුවද, එම වෙනස ගෙන ඒම සඳහා කුඩාම පියවරක් පවා ගැනීමට පෙළඹවීමක් ඔබට නොමැත.

කෙටියෙන් කිවහොත්, ඔබ ජාතිය පරිවර්තනය කිරීමට සිහින දකින අතර ඔබේ ඇඳේ සුවපහසුවෙන් ඉවත් වීමට පවා නොහැකි තරම් කම්මැලිව සිටී.

සටහන: මගේ මතය අනුව, මෙම සුදුසුකම එල්ටීටීඊයට හෝ එහි ආධාරකරුවන්ට අදාළ නොවේ.

ඒ වෙනුවට, ඔවුන් කැමති වන්නේ පද්ධතිය වඩ වඩාත් දූෂිතව හා බලය අනිසි ලෙස භාවිතා කිරීමට ගොදුරු වීමටයි, මන්ද එමඟින් ඔවුන්ට  ශ්‍රී ලංකාවේ දකුණ කේන්ද්‍රගතව පැවති බල මධ්‍යස්ථාන සමඟ දූෂිත අරමුණු සඳහා සාකච්ඡා කිරීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වන බැවිනි. එබැවින්, එවැනි තත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් දවසේ පැය 24 පුරාම, සතියේ දින හතේම වෙහෙස නොබලා වැඩ කරනු ඇත.

3.⁠ ⁠සෑමවිටම අන්තර්ජාලගතව සිටීම (“මාර්ගගත ජීවි”)

ඔබ කොතැනක සිටියත් ඔබේ අන්තර්ජාල සම්බන්ඡධතාවයට 24/7 ඇලී සිටීමට සහ එම අදහස් දැක්වීම සම්බන්ධයෙන් පළකෙරෙන කොමෙන්ටු සමග නිරතුරුව සටන්කරමින් සිටීම.

ඔබ නිරන්තරයෙන් ම අන්තර්ජාලයේ ජීවත් විය යුතුය.

ඔබ ලෝකයේ ඕනෑම තැනක ජීවත් වුවද, ඔබ ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවලට සම්බන්ධ වී සිටිය යුතු අතර, මාර්ගගත අදහස් දැක්වීමේ අවකාශයන්හි නිමක් නැති යුද්ධවල නිරන්තරයෙන් පෙරමුණේ සිටිමින් සටන්කළ යුතුය.

සටහන: මගේ මතය අනුව, මෙම ලක්ෂණය යුරෝපයේ සහ කැනඩාවේ ජීවත් වන බොහෝ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට සහ ආධාරකරුවන්ට පරිපූර්ණ ලෙස අදාළ වේ.

සරණාගත ප්‍රතිලාභ, තනි මාපිය දීමනා, රජයේ නිවාස සහ ඔවුන්ගේ සත්කාරක රටවලින් වෙනත් සුභසාධන ආධාර ලබා ගන්නා අතරම, බොහෝ දෙනෙක් රැකියාවක් නොකිරීමට තීරණය කර ඇත. ඒ වෙනුවට, ඔවුන් එල්ටීටීඊයේ නාමයෙන් මුදල් එකතු කර, මත්පැන් සඳහා වියදම් කර, සමාජ මාධ්‍ය අදහස් දැක්වීමේ කොටස් හරහා “ඊලම” සඳහා නිමක් නැතිව සටන් කරති.

4. වෘත්තීය රැවටීම් / ‘මීම්' සෑදීම

දෛනික ප්‍රවෘත්ති, උද්ධමනය හෝ පාලක පද්ධතිය  කෙරෙහි ඇති ජනතා කෝපය, බලධාරීන්ට දෂ්ට කරන තියුණු, වෛරල්වන  'මීම්' බවට පත් කරන්නේ කෙසේදැයි දැන ගැනීම.

ඔබ වෘත්තීයමය වශයෙන් 'මීම්' නිෂ්පාදනය කිරීමට සමත් විය යුතුය.

ප්‍රවෘත්තිවල ආධිපත්‍යය දරන ඕනෑම කරුණක්',  එනම්, උද්ධමනය, දේශපාලන ක්‍රමයේ අඩුපාඩු හෝ වෙනත් ඕනෑම ජාතික ගැටලුවක් වේවා උපයෝගීකරගෙන, බලධාරීන් අපහසුතාවයට පත් කරන හෝ විවේචනය කරන තියුණු, වෛරල් 'මීම්' එකක් ඉක්මනින් නිර්මාණය කිරීමේ විශිෂ්ට හැකියාව ඔබ සතුව තිබිය යුතුය.

සටහන: මගේ මතය අනුව, එල්ටීටීඊයට මේ ආකාරයේ දේශපාලන උපහාසයක් කෙරෙහි එතරම් උනන්දුවක් නැත. ඒ වෙනුවට, ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ගැටළු නරක අතට හැරෙන තත්වයන් කෙරෙහි ය. රටට හිතකර කිසිවක් සිදු නොවන බව සහතික කිරීම කෙරෙහි ඔවුන් ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන බව පෙනේ.

එල්ටීටීඊ හිතවාදීන් ගාලු මුවදොර අරගල විරෝධතා ව්‍යාපාරයට ඇතුළු වූයේ කෙසේද කියා අපි ආපසු හැරී බලමු.

කැරපොත්තන් ජනතා පක්ෂය ලෙස හැඳින්වෙන උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ අභිජීත් ඩිප්කේ නම් තරුණයා, ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර්ගේ "මගේ ස්වයං චරිතාපදානය" පොත ඔහුගේ හිසට ඉහළින් තබාගෙන සිටියේය.

ගාලු මුවදොර ශ්‍රී ලංකාවේ අරගල විරෝධතා අතරතුර, එල්ටීටීඊ සාමාජිකයෙකු වූ ඉසයිප්‍රියාගේ ඡායාරූපයක් ඔසවාගෙන සිටි තරුණයෙකු මම දුටුවෙමි.

ඉන්ධන, ඉවුම් පිහුම් ගෑස්, විදුලිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් රටම එක තැනක සිරවී සිටි මොහොතක, සාමාන්‍ය ජනතාව දිවි ගලවා ගැනීමට අරගල කරමින් සිටියදී, මෙම අරගල විරෝධතාව ස්වයංසිද්ධව මතු විය.

එසේ නම්, රටේ දිගුකාලීන අර්බුදයට ප්‍රධානතම දායකයෙකු ලෙස මා සලකන LTTE සංවිධානයේ සාමාජිකයෙකුගේ ඡායාරූපයක් එම අරගලභූමියේ ප්‍රදර්ශනය කිරීමට රටේ ආර්ථික බිඳවැටීම පිළිබඳ විරෝධතාවයකට සහභාගී වන අයෙකු තෝරාගත්තේ ඇයි? විශේෂයෙන් ම එම ගැටලුව අදාල  විරෝධතාවයට සෘජු සම්බන්ධයක් නොමැති අවස්ථාවක එවැන්නක් සිදුවූයේ කෙසේද?

ජන්තර් මන්තර් හි කැරපොතු ජනතා පක්ෂයේ විරෝධතාවයට සහභාගී වූ ඉන්දියානු තරුණයෙකු ඉන්දියාවේ තහනම් කර ඇති කාලිස්තාන සටන්කාමී ව්‍යාපාරයේ සාමාජිකයෙකුගේ ඡායාරූපයක් රැගෙන පෙළපාළි ගියේ නම් කුමක් සිදුවේදැයි මට සිතා ගැනීමටවත් නොහැකිය.

ඉන්දියානු තරුණයින් ආචාර්ය අම්බෙඩ්කාර් අගය කළ යුතු නායකයෙකු ලෙස හඳුනා ගනී.

කණගාටුවට කරුණක් නම්, ගාලු මුවදොරදී මෙම තරුණයා සිය පරමාදර්ශී නායකයන් ලෙස, ප්‍රභාකරන් සහ ඉසයිප්‍රියා තෝරාගෙන තිබෙන බව පෙනෙන්නට තිබීමයි.

- අරුන් සිද්ධාර්ථ්


සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.