"ලාල් විජේනායක විරුද්ධ වුණා තමයි.. හැබැයි එයාට කට වහගන්න කිව්වේ නෑ" - හර්ෂණ නානායක්කාර
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ මතභේද සහ බෙදීම් පවතින බවට පැතිර යන ප්‍රකාශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කළේය.
ජාතික ජන බලවේගයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මෑතකදී කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්, කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ලාල් විජේනායක අභ්‍යන්තර සාකච්ඡාවලදී මෙම යෝජනාවට සිය විරෝධය පළකළ බවත්, ඒ පිළිබඳ තම අදහස් ලිඛිතව පවා ඉදිරිපත් කළ බවත්ය.
ලාල් විජේනායකට නිහඬ වන ලෙස දැනුම්දුන් බවට කෙරෙන ප්‍රකාශ ද අමාත්‍යවරයා බැහැර කළ අතර, අදාළ සාකච්ඡාව පැවැති අවස්ථාවේදී තමා ද එහි සිටි බවත්, එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට සිය අදහස් ප්‍රකාශ කිරීමට කිසිවකුගෙන් තහංචියක් නොවූ බවත් හෙතෙම පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළ විවිධ මත පැවතීම සාමාන්‍ය දෙයක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා, අභ්‍යන්තර සාකච්ඡාවලින් අනතුරුව ආණ්ඩුව මෙම සාමූහික තීරණයට එළඹි බව අවධාරණය කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට, අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව අඩු කිරීමට සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට බව ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..