අධිකරණ ඇමතිට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉවත් වන්නැයි කියයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පතට ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි.
ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සඳහන් වුවද, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව කිසිදු සඳහනක් නොතිබූ බව සුමන්තිරන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙවැනි පනතක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බාධාවක් සිදුවන අතර, එය අධිකරණය සිය පාලනයට අත්පත් කරගැනීමේ අරමුණින් ගෙන එන්නක් බවට ද ඔහු චෝදනා කළේය.
එමෙන්ම අධිකරණ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජීවිත කාලීන සාමාජිකයෙකු ලෙස සිටිමින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම නීති වෘත්තිකයෙකු ලෙස ඔහුට නොගැලපෙන ක්‍රියාවක් බව ද ඒ මහතා සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ ද, මෙවැනි අහිතකර පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ නම් ඔහු වහාම සිය ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බව සුමන්තිරන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..