දෙවිනුවර පෙරහැරේ කාවඩි ගැන අවසන් තීරණය අද සවස ගන්නවා.. පාලාතාල ප්‍රශ්නෙකුත් තියෙනවා.. කාවඩි නැටුම් කණ්ඩායම්වල විනයත් පිරිහිලා.. - නි. පොලිස්පති
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
අද දහවල් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ බව තහවුරු කළේය.
පවතින තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා අද ප.ව. 4ට විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කැඳවා ඇත.
මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන් පරිදි, මීට වසර 35-40කට පෙර සිට දෙවිනුවර ඇසළ පෙරහැරට කාවඩි නර්තනය ඇතුළත්ව තිබුණද, පසුගිය වසර කිහිපය තුළ එහි බරපතළ විනය පිරිහීමක් දක්නට ලැබී ඇත.
කාවඩි නර්තන ශිල්පීන්ගේ ඇඳුම්වල පවතින ගැටලු සහ සමහරක් පුද්ගලයන් අඩ නිරුවතින් හෝ රහස් ප්‍රදේශ පෙනෙන අයුරින් අශෝභන ලෙස නර්තනයේ යෙදීම, නර්තන ශිල්පීන් බහුතරයක් අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම යනාදී ඇඳුම් පැළඳුම්වල පවතින අශෝභනත්වය ඇතුළු ප්‍රධාන වූ හේතු කිහිපයක් ඉදිරිපත් කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය වසරේ පෙරහැර නිමාවීමෙන් පසු, බස්නායක නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සංගමයක් පිහිටුවා ඇත.
එමඟින් විනය විරෝධී ලෙස හැසිරුණු කණ්ඩායම් කිහිපයක් මෙවර පෙරහැරෙන් ඉවත් කර, අනෙක් පිරිසකට පමණක් අවස්ථාව දීමට මීට පෙර තීරණය කර තිබුණි.
නමුත් පිරිසකට පමණක් අවස්ථාව දීමේ තීරණයත් සමග, ඊට සම්බන්ධ පාතාල කණ්ඩායම් කිහිපයක් අතර යම් සංවාද සහ නොසන්සුන්තා කිහිපයක් ඇතිව ඇති බවත්, එනිසා පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුවූ බව පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..