නීතීඥ සංගම් සභාපති ගැන මන්ත්‍රී අසිත නිරෝෂන කීවේ පුද්ගලික මතයයි.. පක්‍ෂයේ මතය නොවේ..- මාලිමා ලේකම්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව විජේසිංහ මහතා සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සිදුකළ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික අදහසක් මිස පක්ෂයේ නිල ස්ථාවරය නොවන බව ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසයි.
අබේසිංහ මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීමේදී ඒවා පෞද්ගලික මට්ටමින් සිදුවන බවත්, එම ප්‍රකාශයේ වගකීම අදාළ මන්ත්‍රීවරයා සතු වන බවත්ය.
මෙම කරුණ සම්බන්ධයෙන් පක්ෂය තුළ පොදු සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන ගමන සැප්තැම්බර් 06 වැනිදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත්, එහිදී සංවිධානාත්මක ලෙස ජනතාව සමඟ එක්වීමට බලාපොරොත්තු වන බවත් මහලේකම්වරයා පැවසීය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්