නිල් දිය පොකුණ ළඟ උණුසුම් තත්ත්වයක් ඇතිවෙයි.. නැවත විවෘත කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් පියවර..
බණ්ඩාරවෙල නිල් දිය පොකුණේ භූගත ජලය පරීක්ෂා කිරීමට පැමිණි ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී මඟපෙන්වන්නන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ, වසර එකහමාරකට වැඩි කාලයක සිට නිල් දිය පොකුණ වසා දමා ඇති පසුබිමකයි.
මෙලෙස පොකුණ වසා දැමීම හේතුවෙන් සිය ජීවනෝපායට බලපෑම් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි භූගත ජලාශයක් වන නිල් දිය පොකුණ සොබාදහමේ අපූරු නිර්මාණයක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ගවේෂණයට උනන්දුවක් දක්වන කුතුහලය දනවන සංචාරක ස්ථානයක්.
2015 වර්ෂයේ සිට මෙම ප්‍රදේශයේ ජනතාව එහි පැමිණෙන සංචාරකයින්ට මඟ පෙන්වමින් නිල් දිය පොකුණේ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී.
වනජීවි කාර්යාලය මඟින් එම මඟ පෙන්වන්නන්ට ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර සම්බන්ධ පුහුණුවීම් ද ලබා දීමට පියවර ගෙන තිබිණි.
කෙසේවෙතත් 2024 දෙසැම්බර් මස 26 වැනිදා සිට නිල් දිය පොකුණ සංචාරකයින් සඳහා වසා දැමීමට රාවණාඇල්ල වනජීවි කාර්යාලය විසින් පියවර ගත් අතර, මෙවැනි සංචාරක ස්ථානයක් වසා දැමීම සම්බන්ධයෙන් එම මඟ පෙන්වන්නන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එවැනි පසුබිමක නිල්දිය පොකුණේ භූගත ජලය පරීක්ෂා කිරීමට ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවි කාර්යාල නිලධාරිහු ඊයේ එම ස්ථානයට පැමිණියහ.
එහිදී පොකුණට යාමට මගපෙන්වන්නන් ලෙස කටයුතු කල ප්‍රදේශවාසීන්ගේ එම නිලධාරීන් සහය ඉල්ලුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කළේය.
එම අවස්ථාවේ නිලධාරීන් සහ පිරිස අතර ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.
අනතුරුව වනජීවි නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරීයේ නිලධාරීන් උමඟ තුළට බැස පොකුණේ ස්ථාන හතරකින් ජල සාම්පල් ගෙන ඒවා පරීක්ෂාවට ලක් කලේය.
එහිදී නිල් දිය පොකුණේ මඟ පෙන්වන්නන් පැවසුවේ ඔවුන් නිල්දිය පොකුණ යළි විවෘත කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්