පාදඩවාදය
දන්නේ නැති මගුල් ගැන කියවන්න මේ හාදයා සෑහෙන කැමැත්තක් දක්වනවා. චීනයේ වෙනත් ප්‍රදේශවල ඉන්න අයට පෙයි-චිං අගනුවරට එන්න බෑ කියන මේ බයිලයත් එහෙම එකක්.
චීනයේ ඕන කෙනෙක්ට පෙයි-චිං අගනුවරට එන්න පුළුවන්. එහෙම ඇවිල්ලා රස්සා කරන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් කිසිම තහනමක් නෑ. ඇත්තෙන්ම, පෙයි-චිං අගනුවර විතරක් නෙවෙයි ෂං-හයි, කුවං-චෝ, වූ-හන් ඇතුළු හැම මහ නගරයක ම බහුතරය බවට පත්වෙලා ඉන්නේ පිට පළාත්වලින් ඒ නගරවලට ආපු මිනිස්සු. ඒ මිනිස්සු අවුරුදු කාලෙට ගමේ ගියාම ඔය මහ නගර හැම එකක් ම සෑහෙන්න හිස්වෙනවා.
එහෙම නම්, මේ යකා මොකක්ද මේ කියවන්නේ?
චීනයේ කුටුම්බ ලියාපදිංචි (户口, Hukou) ක්‍රමය ගැන අහුලගත්ත කෑල්ලක් තමයි මේ ගොබ්බයා රස කර කර කියවන්නේ.
අපේ රටේ අපිට වුනත් ස්ථිර පදිංචියක් තියෙනවා. අවශ්‍යතා ඇතිවුණාම, අපි ග්‍රාම නිලධාරි ළඟට ගිහිල්ලා අපේ ඒ පදිංචිය සනාථ කරගන්නවා. පිටස්තරයෙක් (බෝඩිම්කාරයෙක් කියමු) ගෙදරක තියාගන්නවා නම් ඒ ගැන අදාළ පාර්ශ්වවලට (ග්‍රාම නිලධාරිට, පොලිසියට) දැනුම් දෙන්න කියන අවස්ථාත් තියෙනවා.
චීනයේ හූ-කෝ ක්‍රමයෙන් කරන්නේ කුටුම්බ (පවුල්) ලියාපදිංචියක්. ඒ ලියාපදිංචිය අනුව තමයි චීන ජාතිකයන්ට අදාළ අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන්වෙන්නේ.
අපි කවුරුත් දන්න උදාහරණයක් ආශ්‍රයෙන් මම මේ කාරණය පැහැදිළි කරන්නම්.
1980 ඉඳලා 2016 දක්වා, චීනයේ එක් දරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා කියලා අපි හැමෝම වගේ දන්නවා. 2015 අවුරුද්දෙන් පස්සේ, ඒ සීමාව දරුවෝ දෙන්නෙක් දක්වා වැඩි කළා. මේ ප්‍රතිපත්ති ඒ විදිහට ම ක්‍රියාත්මක කරන්නේ හූ-කෝ පදනම් කරගෙන. එක් දරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කාලෙත් පිටස්තර පළාත්වල (දුෂ්කර ප්‍රදේශවල, දේශ සීමාවල) හූ-කෝ තියෙන අයට කැමැති තරම් ළමයි හදන්න ඉඩ දුන්නා. ගොවියන්ට මේ නීති ක්‍රියාත්මක කළෙත් වෙන විදිහකට. මේ කාරණයේ දී, කුටුම්බ ලියාපදිංචිය සළකා බලනවා. ඒ කියන්නේ පිටස්තර හූ-කෝ එකක් තියෙන පවුලක් පෙයි-චිං නගරයේ තාවකාලිකව (අපි කියමු රස්සාව කරන්න කියලා) ජීවත්වෙනවා නම්, ඒ අය හදන ළමයි ගණන තීරණය කරන්නේ අදාළ හූ-කෝ එකට අනුව මිසක් පෙයි-චිං නගරයේ ක්‍රමයට නෙවෙයි.
කුටුම්බ ලියාපදිංචි වෙනස් කරගැනීමත් නිතර ම සිද්දවෙනවා. විවාහයක දී මෙහෙම කරගන්න එක සාමාන්‍ය වැඩක්. පෙයි-චිං වගේ නගරයක කාලයක් රස්සාව කරලා, වැඩ පෙන්නන අයට ඒ නගරයේ ලියාපදිංචිය (හූ-කෝ එක) ලබාගන්න පුළුවන්.
එහෙම නම්, මේ යකා කියන බහුභූත කතාවේ තේරුම මොකක්ද? ඇත්තෙන්ම, මේ යකා මෙහෙම කතාවක් කියන්නේ ඇයි?
මේ හාදයා කියන්නේ ඇඹිලිපිටියේ, මොනරාගල, හම්බන්තොට පැත්තේ කාන්තාවන්ට කොළඹ ඇවිල්ලා ගණිකා වෘත්තියේ යෙදෙන්න නිදහසක් නෑ කියලයි.
මෙන්න මේ නිදහස නම් චීනයේ නෑ. චීනයේ ගණිකා වෘත්තිය තහනම්. සූදුවත් තහනම්. පාදඩකම් කරන්න නීතිමය අවසරයක් චීනයේ නෑ. නීතියෙන් තහනම් වැඩ හොරෙන් කරන එවුන් හැම රටක ම ඉන්නවා. නීතිය තදින් ක්‍රියාත්මක වන රටක තහනම් වැඩ කරලා අහුවුණාම අදාළ දඬුවම් විඳින්න වෙනවා.
මුන්ට ඕන පාදඩ වැඩවලට අහිංසක මිනිස්සු තල්ලු කරලා දාලා සමාජය විනාශ කරලා දාන්න මිසක් වෙන දෙයක් නෙවෙයි. මිනිස්සු මේ පාදඩ වැඩවලට යොමුවෙන්නේ කැමැත්තෙන් නෙවෙයි. කෙහෙම්මල් නිදහසක් භුක්ති විඳින්නත් නෙවෙයි. රටේ ආර්ථිකය මුළුමනින් ම බිඳවැටිලා තියෙන හින්දා මිනිස්සුන්ට ආදායම් නෑ. ඉතින් සමහරු කසිප්පු පෙරනවා - විකුණනවා. තවත් සමහරු කුඩු විකුණනවා. සමහරු හොරකම් කරනවා. සමහරු මංකොල්ලකෑම් කරනවා. කප්පම් ගන්නවා. තව තව වංචා, අපරාධ මහ ගොඩක් කරනවා. ඒ වගේ ම, සල්ලි හොයන්න ඇඟ විකුණන (ගණිකා වෘත්තියේ යෙදෙන) කාන්තාවෝ සෑහෙන පිරිසකුත් ඇතිවෙලා තියෙනවා.
අපේ රටේ ආර්ථික දියුණුව කොච්චර ඉහළ ද කියන එක තේරුම්ගන්න මහ බැංකුව නිකුත් කරන වාර්තා කියවන්න ඕන නෑ. පාර දිගට ස්පා කොච්චර දාලා තියෙනවා ද කියලා බලන්න. තරුණ පිරිස් කොච්චරක් නම් මත්ද්‍රව්‍යවලට ගොදුරු කරගෙන තියෙනවා ද කියලා බලන්න. දවසකට අපරාධ කොච්චරක් නම් සිද්දවෙනවා ද කියලා බලන්න. හිරගෙවල් කොච්චර පිරිලා තියෙනවා ද කියලා බලන්න.
මේ රටේ අපරාධ සිද්දවෙනවා මදි කියලයි මේ යකා කියන්නේ. ඒ සඳහා නිදහසක් ලබාදෙන්න ඕන කියලා මූ කියනවා.
මේකට කියන්න ඕන “නිදහස” කියලා නෙවෙයි. මේ තමයි පාදඩවාදය!
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්