ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත්තේ ගිය ආණ්ඩුවල වැරදි නිසා.. - නි. ඇමති අනිල් ජයන්ත
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක සයිබර් අපරාධය, දශක ගණනාවක් පුරා පද්ධතිය තුළ පැවති පාලන හා පරිපාලනමය දුර්වලතාවල ප්‍රතිඵලයක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙය මෑතකදී ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ වරදකින් සිදුවූවක් නොව, දීර්ඝ කාලයක් තිස්සේ පැවති පරිපාලනමය හිස්තැන් හේතුවෙන් මතුවූ තත්ත්වයක් බවයි.
අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඊට සම්බන්ධ බවට සැකකෙරෙන නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නියමිතය.
මේ අතර, අදාළ තර්ජනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පූර්ව අනතුරු ඇඟවීමක් කර නොතිබුණද, අදාළ ඊමේල් සර්වරයේ පැවති අනාරක්ෂිතභාවය පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය විසින් මීට පෙර දැනුවත් කර තිබූ බවද අමාත්‍යවරයා හෙළි කළේය.
පද්ධතියේ ආරක්ෂාව තහවුරු වන තෙක්, දැනට සිදුකරනු ලබන සියලුම ගෙවීම්වලට අදාළ ලේඛන භෞතිකව (Physically) පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ගෙවීම් සිදු කිරීමට දැනට පියවර ගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්