වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි..
ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශේෂ සංහිඳියා කමිටුව විසින් අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්‍රකාශ කර ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ නව පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙම තහනම සක්‍රියව ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
මෙම කෙටුම්පතට අනුව වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා තහනම් කෙරෙන සමාජ මාධ්‍ය ජාල ලැයිස්තුව ප්‍රංශ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මීට අමතරව, සමාජ මාධ්‍ය සමාගම් විසින් ප්‍රංශයේ පෞද්ගලිකත්ව නියාමන ආයතනය මගින් අනුමත කරන ලද පාරිභෝගිකයින්ගේ වයස තහවුරු කිරීමේ විශේෂ පද්ධති ස්ථාපිත කළ යුතු වේ.
එමෙන්ම උසස් පාසල් තුළ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ද මෙම නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබේ.
කමිටු අනුමැතිය හිමි වූ මෙම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අවසන් සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාව විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ෆේස්බුක්, ටික්ටොක්, ස්නැප්චැට් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කරමින් ලොව ප්‍රථම වරට මෙවැනි නීතියක් පැනවූ අතර, ප්‍රංශය ද එම පියවර අනුගමනය කරමින් සිටී. ප්‍රංශ ජනාධිපති මැක්රොන් යුරෝපා සංගමය තුළ ද මෙවැනි සීමා පැනවීම් සඳහා සහයෝගය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් ද ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට සහය පළ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන