News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා..- නාමල් රාජපක්ෂ

Jul 19, 2026 at 06:06 AM
|

මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න තැන්වලට ගිහිල්ලා බලපෑම්, බය කරනවා ඔබටත් සියදිවි හානි කරගන්න වෙයි කියලා. ඒ අයත් සියදිවි හානිකරගෙන තියෙනවා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කෑගල්ල දිස්ත්‍රිකයේ දැදිගම ආසනයේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.

"අපි යන හැම රැස්වීමකම, මේ කොට්ඨාස රැස්වීම් අපේ හාමුදුරුවනේ හැම ගමකම හැම දේශපාලන පක්ෂයකම අය සම්බන්ධ වෙනවා. අපිට ඡන්දය දීපු, නොදීපු විශාල පිරිසක් මෙතන ඉන්නවා. පහුගිය මැතිවරණවල වෙනත් දේශපාලන පක්ෂවලට ඡන්දය දීපු අය ඉන්නවා, වැඩ කරපු අය ඉන්නවා, මහන්සි වෙච්ච අය ඉන්නවා.

හැබැයි අද පොදුජන පෙරමුණ සහ අපේ බලවේගය කෙරෙහි ඔබ තබන විශ්වාසය සහ මේ වර්තමාන ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය කඩාගෙන වට්ටලා දාලා, මේ රටේ රාජ්‍ය සේවය විනාශ කරලා, හුදෙක් තමන්ගේ දේශපාලන බලවේගයක් බවට මේ රටේ රාජ්‍ය පාලනය පරිවර්තනය කරන්න යන සටනට විරුද්ධව අද මේ රටේ බහුතරයක් ජනතාව පෙළගැහෙනවා.

එක පැත්තකින් අපි අධිකරණ පද්ධතිය, වෙනදා නොවෙච්ච ආකාරයට දේශපාලනීකරණය කරන්න ආණ්ඩුව උත්සාහ දරනවා. අද පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරු, ආසියාවේ නීතිඥවරු, ලංකාවේ නීතිඥ සංගමය, ගරු විනිශ්චයකාරවරුන්ගේ සංගම්, මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව සටන් වදිනවා. ඒක ආරක්ෂා වෙන්න ඕනේ කියලා.

රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා, රාජ්‍ය සේවකයාට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන කොන්ද කෙලින් තියන්, තීන්දු තීරණ අරගෙන මේ රටේ ජනතාවට සේවය කරන්න බැරි තැනට රාජ්‍ය සේවය කප්පාදු කරලා දාලා. නිලධාරියෙක් හෝ නිලධාරිනියක් තීන්දුවක් ගත්තොත් ඔහුගේ ඉරණම බොහෝ දුරට සිරගත වීම බවට අද පත්වෙලා තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු.

ඔබට මතක ඇති පහුගිය කාලවල කුණාටු වෙනකොට වෙනදා ක්‍රියාත්මක වෙච්ච ආකාරයට නෙමෙයි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ. ඒ ඔවුන්ගේ අත් බැඳලා. රාජ්‍ය සේවකයාගේ අත් දෙක බැඳලා වැඩ කරපන් කිව්වට, නීතියෙන් බාධා දාලා, තීන්දු තීරණ ගැනීමේ නිදහස නැති කරලා, මේ රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ජනතාව කෙරෙහි ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ දමන්න උත්සාහ කරනවා.

උපාධිධාරීන්ට රැකියා බලාපොරොත්තුවක් දුන්නා. මේ ආණ්ඩුවෙන් ඔවුන්ගෙන් ගෙයින් ගෙට ඇවිද්දවලා එදා ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවගන්න පාවිච්චි කරේ මේ රටේ උපාධිධාරීන්. ඔබට මතක ඇති. අද ඔවුන් තමන්ගේ රැකියාව පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලන කොටත් ගහලා පන්නන තැනට ආණ්ඩුව පත් වෙලා.

රජයේ රැකියාවක් බැරිනම් අවම වශයෙන් පෞද්ගලික අංශයේ රැකියාවලට දරුවෝ යොමු කරන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ මොකක්ද? ආයෝජකයෝ රටින් පිටවෙනවා. රටේ ආයෝජකයෝ ඇවිල්ලා කර්මාන්තශාලා, ආයතන ඉදිකරනවා වෙනුවට තියෙන කර්මාන්තශාලා ටිකත් වහලා නැවත වෙනත් රටවල්වලට තමන්ගේ ආයෝජන අරගෙන යනවා.කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කරපු විදේශ ආයෝජකයෝ තමන්ගේ මුදල් එළියට ගන්නවා.

ආණ්ඩුව සමස්ත මේ රටේ වගේම විදේශ ආයෝජකයාගේ වගේම, මේ රටේ ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනාගන්න බැරි වෙලා තියෙනවා. අසීමිත බදු ප්‍රතිපත්තියක්.ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බදු ගහපු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. වැඩියෙන්ම.බුලත් විටේ ඉඳන් බදු ගහන තැනට ගෙනාවා. බුලත් විටේ ඉඳන්.  දැන් මේ ගම්වල බුලත් වවන බොහෝ පිරිස් ඉන්නවා. මේ පහුගිය දිනවල මිල කඩන් වැටුණා.

ආණ්ඩුව යම් තීන්දුවක් තීරණයක් ගන්නවා නම්, ඒ තීන්දුවක් ගන්න කොට ඒ තීන්දුවට බලපෑමට ලක්වෙන පාර්ශ්වය පිළිබඳ අවධානය යොමු කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඔවුන්ට විකල්ප වෙළෙඳපොළක් හඳුන්වා දීලා එක්කෝ තීන්දුව ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට වෙළෙඳපොළක් හඳුන්වලා දීලා මිල ස්ථාවර කරලා තමන්ගේ තීන්දුව ගන්න ඕනේ.

හැබැයි ආණ්ඩුව එහෙම තීන්දු තීරණ ගන්නේ නැති කොට ජනතාව ගැන හිතන්නේ නැතුව තමන්ගේ පැවැත්ම ගැන පමණක් හිතලා තීන්දු තීරණ ගන්න කොට, ඒ තීන්දුවෙන් සෘජුවම මේ රටේ ව්‍යවසායකයාට වගේම මේ රටේ පුරවැසියාට බලපානවා.

පහුගිය අවුරුදු දෙක කාල සීමාව ඇතුළත මේ ආණ්ඩුව ගත්තු හැම තීන්දුවක්ම පුරවැසියාගේ සෘජුවම ආර්ථිකයට, සමාජයට, සමාජ-දේශපාලන පරිසරයට බලපෑවා. සෘජුවම.අත්තනෝමතික විදිහට තීන්දු ගන්නේ.

අද ගොවි ජනතාව එක පැත්තකින් අසරණ වෙලා. ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගේනවා. අසීමිත මිලකට පොහොර දෙන්නේ. ඒ පොහොර මිලත් එක්ක ගොවියාට තමන්ගේ අස්වැන්න කළමනාකරණය, අස්වැන්නෙන් එන ලාභය හෝ ආදායම කළමනාකරණය කරගන්න බැරි තැනට පත්වෙලා තියෙනවා. තේ ගොවියාටත් එහෙමයි. තේ ගොවියාගේ පොහොර මිටියක් පහළොස්දාහයි විසිදාහයි අතර යන්නේ. ඒ ගාණට පොහොර අරගෙන අපේ හාමුදුරුවනේ තේ ගොවියාගේ කුඩා තේවතු හිමියාගේ හෝ තේ ගොවියාගේ ආර්ථිකය කොහොමද අපි ශක්තිමත් කරන්නේ?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසරණ වෙලා. විදුලි බිල එන්න එන්න වැඩි වෙනවා. තෙල් මිල වැඩි කරනවා. අසීමිත බදු ගහනවා. ඒ තෙල් මිලයි විදුලි බිලයි බදු ප්‍රතිපත්තියයි එක්ක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආර්ථිකය ව්‍යාපාරය ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා.

අද දේශීය ව්‍යාපාරිකයාගේ කොඳු නාරටියට ගහන්න ආණ්ඩුව පටන් අරන් තියෙනවා. ආණ්ඩුව කොළය වහලා ගහන්නේ. දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ ව්‍යාපාරිකයාට ගහනවා.

අද වෙනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ආණ්ඩුව අත්අඩංගුවට අරන් තියෙනවාද? මොකක් හෝ චෝදනාවක් දාලා.

දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ ගෙවල්වලට, කඩවල්වලට, කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්තියි. අපේ හාමුදුරුවනේ බදු ප්‍රතිපත්තිය සාධාරණයි නම්, ආණ්ඩුවට ගෙවන බද්දට සාධාරණීකරණයක් වෙනවා නම් ව්‍යාපාරිකයා බදු ගෙවන්න ලෑස්තියි.

අසීමිත බද්දක් ගහලා, ව්‍යාපාර වට්ටලා, ව්‍යාපාරිකයාගේ ආදායම නැති කරලා, පිට රටවලින් ලංකාවේ නිෂ්පාදනය වන දේවල් පවා අසීමිත විදිහට පිටරටින් ගෙනල්ලා ලංකාවේ ව්‍යාපාරිකයාගේ ආදායම වට්ටලා දාලා, අවසානයේ නඩුත් දාලා, හිරෙත් දාලා, ව්‍යාපාර වසන තැනට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙන්නේ.

එවැනි අපේ රටට නොගැලපෙන, මේ රටේ පුරවැසියාට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරනවා. හැබැයි දැන් මොකද කියන්නේ? ජනාධිපතිවරයා හා ආණ්ඩුව කියනවා අපේ මුදල් අමාත්‍යාංශයේ අපේ ගිණුමේ කෝටි ගණන් තියෙනවාලු.

අසීමිත බදු ගහලා ආණ්ඩුව ගන්න බදු මුදල්වලින් ජනතාවට සාධාරණයක් කරන්නේ නැහැ. ඒවා ආණ්ඩුව ගිණුම්වල තියාගෙන ඉන්නවා කියලා පහුගියදා ඇවිල්ලා කියනවා හැකර් කෙනෙක් පැනලා ඒක අරගෙන ගිහිල්ලාලු.

දැන් මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඒ බද්දෙන් ගමේ පාර, පන්සල, පල්ලිය, කෝවිල, ගෙවල් ටික හැදෙන්නේ නැහැ. ඒ බද්දෙන් ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික ලැබෙන්නේ නැහැ. ඒ තමන් ගෙවන බදු මුදලින් ගමේ ඉස්කෝලේ වැසිකිළිය, කැසිකිළිය, වහල හැදෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික කාර්ය මණ්ඩලය ලබා දෙන්නේ නැහැ. හැබැයි ඉතිහාසයේ වැඩිම ආදායම ලබපු ආණ්ඩුව කියන ආණ්ඩුව..ඉතිහාසයේ වැඩියෙන්ම ආදායම් ලබපු කාලසීමාව කියන ආණ්ඩුව, ඒ ආදායම තමන්ගේ ගිණුමට දාලා, ඒ ගිණුමෙන් නොදන්නා පුද්ගලයෙක් හොරා අරගෙන යනවා. අවසානයේ බදු ගෙවපු මනුස්සයට සාධාරණයක් වෙන්නෙත් නැහැ, රටේ පුරවැසියට සාධාරණයක් වෙන්නෙත් නැහැ.

මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි දෙපැත්තට බෙදිලා බැන ගන්නවා. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි එකිනෙකාට චෝදනා කරගන්නවා. දැන් කවුද මේ ගත්තු සල්ලි ගත්තේ?

හැබැයි එකක් එකක් පැහැදිලියි. සල්ලි ගත්තු එකා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ ඔබට. ගත්තු එක්කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ පුරවැසියට.

දෙගොල්ලෝ ගහගන්නවා කාගෙන්ද වැරදුනේ කියලා. හැබැයි දෙගොල්ලම එකතු වෙලා කියනවා වැරදිච්ච කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවට.

බාල ගල් අඟුරු ගෙනාවා. අද වෙනකම් බාල ගල් අඟුරු වලට ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද ?

අද වෙනකම් දිට්වා කුණාටුවෙන් විනාශ වී ගිය නිවාස වලට ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? පවුල් තිස්පන් දහසකට වැඩිය අද වෙනකම් මේ දිස්ත්‍රික්කය ඇතුළු ලංකාව පුරාම තාවකාලික නිවාස වල හෝ කූඩාරම් වල හෝ කුලියට ජීවත් වෙනවා.

හාල් මාෆියාව නැති කරනවා කියලා බලයට ආවේ. අන්තිමට නැති කරේ ගොවියාව, හාල් මාෆියාව කෙසේ වෙතත්.

වරායෙන් කන්ටේනර් 323 ක් පැන්නුවා. අද වෙනකම් ගියපු තැනක් හොයාගත්තද? වාර්තාවක් තියෙනවද? අවුරුදු දෙකක්, දැන් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකක්.

හැබැයි මේවා ගැන කතා කෙරුවොත්, මේවා පිළිබඳව සමාජයේ විවේචනය කෙරුවොත්, ඒ අයට විරුද්ධව නම් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනවා පැය 24 න්. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

පන්නපු එකා අල්ලන්නේ නැහැ, පන්නපු එකා පෙන්නලා දෙන එක්කෙනාට නඩු දානවා, පොලීසියෙන්.

ගිණුමෙන් සල්ලි හොරකම් කරපු කෙනාට නඩු නැහැ, එයාව හොයාගන්නත් නැහැ. හැබැයි හොරකම් කරා කියලා කියන කෙනාට ආණ්ඩුව නඩු දානවා.

බාල ගල් අඟුරු ගෙනාපු සමාගමට නඩු නැහැ, හැබැයි ගල් අඟුරු බාලයි කියලා පෙන්නපු කෙනාට ආණ්ඩුව නඩු දානවා.

මේක තමයි මගේ ආදරණීය අම්මේ තාත්තේ මේ ආණ්ඩුවේ මර්ධනයෙන්, මර්ධනයෙන් බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. ආණ්ඩුවත් දැනගන්න ඕනේ ඒවාට වැඩි ආයුෂ නැහැ.

මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.වැඩිම කාලසීමාව. සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න තැන්වලට ගිහිල්ලා බලපෑම්, බය කරනවා ඔබටත් සියදිවි හානිකරගන්න වෙයි කියලා. ඒ අයත් සියදිවි හානිකරගෙන තියෙනවා. මේවා පිළිබඳව හොයන්න ඕනේ. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අද අපි ගමේ ශක්තිමත්ව ගොඩනැගෙමු. මේ ආණ්ඩුව හිතනවා නම් ජන මතයට පිටුපාලා, ජනතාව පාගලා, මර්දනය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න පුළුවන් කියලා, ඒක ආණ්ඩුවට වැරදිලා. අපි ගම් මට්ටමෙන් පෙළගැහෙමු. අපි දේශපාලනික වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් අපි එකතු වෙමු. අපි ගමේ හැම කෙනෙක්ම ඒකරාශී කරගමු.

පසුගිය කාලවල අපෙන් ඈත් වෙච්ච බොහෝ අය ඉන්නවා. දැන් ඒ බහුතරයක් අද පක්ෂය එක්ක, අපි එක්ක, අපේ ගම් මට්ටමේ අපි එක්ක එකතු වෙලා තියෙනවා. වෙනත් දේශපාලන පක්ෂ එක්ක වැඩ කරපු, වෙනත් දේශපාලන පක්ෂවල දේශපාලනය කරපු බොහෝ පිරිස් අද නැවත වතාවක් ඒ විශ්වාසය ගොඩනැඟීමත් එක්ක අද අප වටා ඒකරාශී වෙමින් පවතිනවා. මේ පණිවිඩය මගේ ආදරණීය අම්මේ, තාත්තේ ඔබ ගමට අරගෙන යන්න.

අපේ මංජුල මන්ත්‍රීතුමා මේ කොට්ඨාසය අපි පොඩි ගාණකින් පරාජය වුණා නේද? ප්‍රාදේශීය සභා ඡන්දෙ. ඡන්ද 29කින්. ඡන්ද 29කින් අපි පරාජය වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අද ශක්තිමත්ව ඔබ කොට්ඨාසය ගොඩනඟලා තියෙනවා. මේ ශක්තිය අපි ඉස්සරහට අරගෙන යමු.

අපි පැහැදිලිවම ආණ්ඩුවට කියන්නේ, ආණ්ඩුවේ මර්දනයට, ආණ්ඩුවේ භීෂණයට, ආණ්ඩුවේ තර්ජනයට මේ ගම්වල මගේ ආදරණීය අම්මලා, තාත්තලා, සහෝදරයා, සහෝදරිය, මිත්‍රවරුන් මුහුණ දෙන්න සූදානම් කියන පණිවිඩයත් අපි ආණ්ඩුවට දෙන ගමන්, අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා දැන්වත් ඔබ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. කරුණාකරලා දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න. තවදුරටත් මේ රටේ ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. තවදුරටත් මේ රටේ ජනතාව මුලාවේ දාන්න ලෑස්ති වෙන්න එපා.

අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන බලවේගයක් විදියට, ඔබේ දරුවාගේ, මේ පුංචි නංගිලා මල්ලිලා, මේ පුංචි දුවා දරුවන්ගේ අනාගතය ගොඩනඟන්න පුළුවන් නූතනත්වය කරා ගෙනියන්න පුළුවන්, නූතන දැක්මක් එක්ක ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, ඔබ විශ්වාස කරන දියුණු රටක් හදන්න පුළුවන්, මේ මාතෘ භූමියේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න පුළුවන් දේශපාලන බලවේගයක් ගොඩනඟන්න අපි එකතු වෙමු,"


සම්බන්ධිත පුවත් | Related News

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.
මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.