"විපක්ෂයේ ගොඩක් අයට හිරේ යන්න වෙනවා".. "ඊට කලින් සියදිවි නසාගැනීම් වෙන්නත් පුළුවන්" - නාමල් කරුණාරත්න
විපක්ෂයේ බොහෝ පිරිසක් මේ වනවිටත් අධිකරණයෙන් ඇප ලබා සිටින බවත්, ඉදිරියේදී ද සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා,
"පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක් වුණා.
කෙනෙක් සියදිවි නසාගත්තා. එයාගේම අත්අකුරින් අධිකරණයට, අල්ලස් කොමිසමට ලියුම් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වාර කිහිපයකදී...කාල්ටන් නිවසේදී මං පගාව මෙච්චර දුන්නා කියලා.
එයාර් බස් ගණුදනෙුවට අදාළව ප්‍රියංකර ජයරත්න ඇමතිට පගාව මෙච්චර දුන්නා කියලා...එයා සියදිවි නසාගත්තා.
පොලිස්පති කෙනෙකුත් දැන් සියදිවි නසාගත්තාලු. තව තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද මම දන්නෑ.
විපක්ෂයේ ඉන්න අයගෙන් අති බහුතරයක් ඇප පිට ඉන්නේ, නඩු පිට නඩු.
මහින්දානන්ද අවුරුදු 20කට හිරේ, ඔය එකකට විතරයි. හිටපු වෙළෙඳ ඇමති අවුරුදු 25කට හිරේ. ඔය එකකට විතරයි. සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේ, ඔය එකකට විතරයි. තව පෝලිමක් තියෙනවා.
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් පුළුවන්නම් කියන්න. එකක් නෙමෙයි නඩු පෝලිමක්.
ඔය තත්ත්වය තුළ ගොඩක් අයට හිරේ යන්න වෙනවා. ඊට කලින් සමහරවිට සිය දිවි නසාගැනීමේ වෙන්නත් පුළුවන්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.